සියලු රෝහල්වල අද හෙද හෙදි වර්ජන - Nurses call-off island-wide strike today

දිවයිනේ සියලු රෝහල්වල හෙද හෙදියන් අද (17 වැනිදා) පෙරවරු 7.00 සිට හෙට (18 වැනිදා) පෙරවරු 7.00 දක්‌වා පැය 24 ක සංකේත වර්ජනයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා පවසයි.ඒ අනුව අද දින දහවල් 11.15 ට ශ්‍රී ලංකා ජාතික රෝහල ඉදිරිපිටින් විරෝධතා පාගමනක්‌ ආරම්භ කිරීමට කටයුතු යොදා ඇතැයි ද හෙතෙම කියයි.

සුදුසුකම් සම්පූර්ණ කර ඇති 9000 කට පමණ ශ්‍රේණිගත උසස්‌වීම් ලබා නොදීම, හෙද උපාධිය ලැබූවන් වසර 2 ක්‌ තිස්‌සේ රාජ්‍ය හෙද සේවාවට බඳවා නොගැනීම, පළාත් සභාවලින් බඳවා ගැනීමට බලය පැවරූ 1779 ගැසට්‌ පත්‍රය අවලංගු නොකිරීම, හෙද විදුහල්වලට පෞද්ගලික අංශයේ හෙද සිසුන් ඇතුළත් කිරීමට ගෙන ඇති තීරණය අවලංගු නොකිරීම, වැටුප් විෂමතා නිවැරැදි නොකිරීම, දීමනා විෂමතා නිවැරැදි නොකිරීම යන ඉල්ලීම් හා සේවා ගැටලුවලට විසඳුම් ලබා නොදීම නිසා මෙම සංකේත වර්ජනය හා විරෝධතා පාගමන ක්‍රියාත්මක කරන බව ද ඔහු කියයි.

මෙම වර්ජනය සඳහා කාසල් වීදියේ කාන්තා රෝහල, රිඡ්වේ ආර්යා ළමා රෝහල, ද සොයිසා කාන්තා රෝහල, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක අනුස්‌මරණ ළමා රෝහල යන රෝහල් මානුෂීය හේතූන් මත එක්‌කර නොගන්නා බවත්, ජාතික රෝහල ඇතුළු ශික්‍ෂණ රෝහල්, මහ රෝහල් ඇතුළු අනෙකුත් සියලුම රෝහල් හා සෞඛ්‍ය ආයතනවල හෙද නිලධාරීන් එක්‌කර ගන්නා බවත් හෙතෙම සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive