පෙම්වතියට වෙඩි තියා කෝප්‍රල්වරයාද වෙඩි තබාගෙන - Love triangle end in shooting

පෙම් පළහිලව්වක්‌ දුර දිග ගිය ගමනක්‌
ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට අයත් මාබල් බීච් හෝටලයේ සේවය කරමින් සිටි ගුවන් හමුදා සෙබළියකට හා ගුවන් හමුදා සෙබළකුට ගුවන් හමුදාවේම කෝප්‍රල්වරයකු ඊයේ (18 වැනිදා) දහවල් 1.00 ට පමණ වෙඩි තබා ඝාතනය කර ඔහු ද වෙඩි තබා ගැනීමෙන් පසුව අසාධ්‍ය තත්ත්වයෙන් රෝහල්ගත කර තිබේ.

වෙඩි තැබීම සිදුකළ කෝප්‍රල්වරයා සමඟ විවාහ වීමට සිටි සෙබළිය, ඝාතනයට ලක්‌ වූ සෙබළා සමඟ ප්‍රේම සබඳතාවක්‌ පවත්වන බවට සැක සිතා මෙම ඝාතනය සිදුකර ඇත.ඝාතනය සිදු කළ ගුවන් හමුදා කෝප්‍රල්වරයා මොරවැව ගුවන් හමුදා කඳවුරට අනුයුක්‌තව සේවය කරන අතර විශේෂ පුහුණුවක්‌ සඳහාඑම කෝප්‍රල්වරයා ත්‍රිකුණාමල ගුවන් හමුදා කඳවුරට ඊයේ පැමිණ සිටියදී එම හෝටලයට ගොස්‌ එහි රාජකාරි කරමින් සිටි සෙබළකු අත තිබූ තුවක්‌කුවක්‌ උදුරාගෙන මෙම වෙඩි තැබීම සිදුකර ඇත.

මෙලෙස ඝාතනයට ලක්‌ව ඇත්තේ නායක ගුවන් භට බණ්‌ඩාර සහ ගුවන් හමුදා සෙබළ චමෝදනී ප්‍රේමතිලක යන දෙදෙනාය. වෙඩි තබාගෙන සිය දිවි නසා ගැනීමට උත්සාහ කර ඇත්තේ ප්‍රියදර්ශන නමැති ගුවන් හමුදා කෝප්‍රල්වරයකු යෑයි පොලිසිය සඳහන් කළේය.සිද්ධිය පිළිබඳව ත්‍රිකුණාමල චීනවරාය පොලිසිය පරීක්‍ෂණ සිදුකරන අතර ගුවන් හමුදාව ද වෙනම පරීක්‍ෂණයක්‌ ආරම්භ කර තිබේ.මියගිය දෙදෙනාගේ මෘතදේහ කින්නියා රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇත.




Gossip Lanka Hot News Previous News Archive