Skype ඇමතුමටත් 3D තාක්ෂණය

ස්කයිප් ඇමතුම් සඳහා ත‍්‍රීඞී තාක්ෂණය හඳුන්වා දී තිබෙනවා. ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කියා සිටියේ මයික්‍රෝ සොෆ්ට් ආයතනයේ පරිගණක මෘදුකාංග විශේෂඥ මාර්ක් ගිලට් විසින් සිදුකරන ලද අත්හදා බැලීම්වලින් අනතුරුව ස්කයිප් ඇමතුම් සඳහා ත‍්‍රීඞී තාක්ෂණය හඳුන්වා දී ඇති බවයි. කෙසේ වෙතත් එම සේවාව මෙතෙක් පාරිභෝගිකයන්ට ලබා දී නැහැ. 

ඉදිරි දින කිහිපයේදී මෙම පහසුකම පාරිභෝගිකයන්ට හඳුන්වාදීමට බලාපොරොත්තුවන බවයි මයික්‍රෝ සොෆ්ට් ආයතනය ප‍්‍රකාශ කරන්නේ. නව හඳුන්වාදීම පිළිබඳ මාධ්‍යට අදහස් දක්වමින් මාර්ක් ගිලට් පෙන්වා දී ඇත්තේ ස්කයිප් ත‍්‍රීඞී ඇමතුම් පරිගණකයක පටිගත කරගැනීමට නොහැකි බවයි. 

එහෙත් ඒ පිළිබඳව ද ඉදිරියේදී පරීක්ෂණ සිදුකරන බව ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා.

Gossip Lanka Hot News Previous News Archive