තැපැල් ඡන්ද අයදුම්පත් පහෙන් එකක් ප්‍රතික්ෂේප වෙලා

තැපැල් ඡන්ද අයදුම්පත් අතරින් පහෙන් එකක් ප්‍රතික්ෂේප වී ඇතැයි කැෆේ සංවිධානය පවසයි. තැපැල් ඡන්ද අයදුම් කිරීම සම්බන්ධයෙන් කැෆේ සංවිදානය නිකුත් කළ නිවේදනයක මේ බව සදහන් වෙයි.

රාජ්‍ය සේවකයින්ගෙන් 19% කට හරියට තැපැල් ඡන්ද අයදුම්පත පුරවා ගැනීමට නොහැකි වී ඇතැයි ද කැෆේ සංවිධානය කියයි. තවද අත්සන් නැති, වැරදි තොරතුරු දුන් අයදුම්පත් 13,500 ක් ඇති බවත් රාජ්‍ය සේවකයින් 8,379 ක් සිය අයදුම්පත් නිසි වේලාව තුළ භාරදී නැති බවද එම සංවිධනය පෙන්වා දෙයි.මේ ආකරයට සිය ඡන්ද අයිතිය ආරක්ෂා කර ගත නොහැකි රාජ්‍ය නිළධාරීන් ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්ෂා කරන්නේ කෙසේදැයි කැෆේ සංවිධානය විමසයි.

මෙවර පළාත් සභා මැතිවරණයේ දී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම් කොට ඇති පිරිසෙන් 26,232 කගේ එනම් මුඵ අයදුම්පත් සංඛ්‍යාවෙන් 19% ක් ප්‍රතික්ෂේප වී ඇති බව එම සංවිධානය නිකුත් කල නිවේදනයක දැක්වෙයි. එම සංඛ්‍යාව සෑම තැපැල් ඡන්ද අයදුම්පත් පහක් අතුරින් එකකි. මැතිවරණ ක්‍රියාවලියේ කොදු නාරටිය බදු රාජ්‍ය සේවකයින් මෙතරම් විශාල පිරිසක ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වීම ශ්‍රී ලංකාවේ මැතිවරණ ක්‍රමයේ ඇති සංකීර්ණ බව හෙළි කරන්නක් බව කැෆේ සංවිධානය පවසයි.


තැපැල් අයදුම්පත් අතුරින් 499 ක් අයදුම්කරු අත්සන් කොට නොමැති නිසා ද, තවත් 13,135 ක් වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම නිසා ද ප්‍රතිකේෂ කොට ඇත. රාජ්‍ය නිලධාරීන් මෙතරම් පිරිසක් තම අත්සන රහිත අයදුම්පතක් ඉදිරිපත් කිරීම ඇදහිය නොහැකි තරම් වන බව කැෆේ නිවේදනයේ දැක්වෙයි. එපමණක් ද නොව, නම, පදිංචි ස්ථානය, ඡන්ද කොට්ඨාශය වැනි අතිශයින් සරළ කරුණු නිවැරදිව සටහන් කිරීමට හෝ රාජ්‍ය නිලධාරීන්ට හැකියාව නොමැති නම් සාමාන්‍ය අඩු අධ්‍යාපනයක් සහිත සමාජයේ බහුතරයක් වූ පුද්ගලයින් තමන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ගන්නේ කෙසේ ද යන්න ප්‍රශ්ණාර්ථයක් බව කැෆේ සංවිධානය අවදාරණය කර සිටියි.

එපමණක් ද නොව තමගේ ඡන්ද අයිතිය ආරක්ෂා කර ගත නොහැකි රාජ්‍ය සේවකයෙකුට, එසේත් නැතිනම් තම කටයුත්ත සිදු කර ගැනීමට සහෝදර රාජ්‍ය සේවකයෙකුගේ උපදෙස් හා මගපෙන්වීමට ලබා ගැනීමට කටයුතු නොකරන, ඉදිරිපත් නොවන රාජ්‍ය සේවකයෙකු මැතිවරණ දිනයේ දී හෝ මැතිවරණ පූර්ව සමයේ දී මැතිවරණ කලමණාකරුවන් ලෙස ලක්ෂ සංඛ්‍යාත පිරිසකගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීමට කටයුතු කරන්නේ ද යන්න විමසිය යුතුය.

තමන් යටතේ සේවය කරන නිලධාරීන්ගේ තැපැල් ඡන්ද අයදුම්පත් ඔවුන්ගේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් නිසි පරිදි සහතික නොකිරීම හේතුවෙන් තවත් අයදුම්පත් 912 ක් ප්‍රතික්ෂේප වී ඇත. එයින් වැඩි අයදුම්පත් සංඛ්‍යාවක් ප්‍රතිකේෂ වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි. එය අදුම්පත් 338 කි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රතික්ෂේප වූ අයදුම්පත් 8,139 ක් අතුරින් 5,334ක් ම (66%) වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම හේතුවෙන් ප්‍රතික්ෂේප කොට ඇත. මෙවැනි වැරදි සිදුකළ රාජ්‍ය නිලධාරීන් බහුතරයක් අධ්‍යාපන, පොලිස්, ආරක්ෂක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු යන අමාත්‍යාංශය හා ආයතනයන් හි ප්‍රධානීන් වෙති.

කෙසේ නමුත් තැපැල් ඡන්ද අයදුම්පතක් ප්‍රතික්ෂේප වීම තුල යම් රාජ්‍ය සේවකයෙකුගේ ඡන්ද අයිතිය අහිමි නොවේ. 2013 සැප්තැම්බර් 21 දින තම ඡන්ද මධ්‍යස්ථානය වෙත යාමට හැකියාව ඇති ඕනෑම අයෙකුට ඔවුන්ගේ නිදහස් ඡන්දය භාවිත කළ හැකිය.

Gossip Lanka Hot News Previous News Archive