රනිල් වික‍්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ නායකත්වයෙන් ඉවත් නොවන බව පක්ෂ මහලේකම් තිස්ස අත්තනායක මහතා අවධාරණය කර සිටියි.
'නෙත් එෆ්.එම්'. රේඩියෝවේ ඊයේ රාත‍්‍රියේ විකාශය වූ 'අන්ලිමිටඞ්' වැඩසටහනට සහභාගි වෙමින් ඒ බව පැවසු අත්තනායක මහතා, පක්ෂයේ ඉදිරි දේශපාලන ව්‍යාපාරය මුළුමනින්ම මෙහෙයවීමේ බලය හා වගකීම යෝජිත නායකත්ව මණ්ඩලයට පැවරෙන බවද සඳහන් කළේය.
'' මෙතැනදී සිද්ධවෙන්නේ, පක්ෂයේ නායකයා හැටියට රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉවත්වීම නෙමෙයි, ඔහුට පැවරී ඇති කාර්යා භාරය හා වගකීම් මේ මණ්ඩලයට පැවරීම. එතකොට නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා, නමුත් දේශපාලන ව්‍යාපාරය මුළුමනින්ම මෙහෙයවීමේ බලය තමයි මේ මණ්ඩලයට පැවරෙන්නේ.
රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ මණ්ඩලයේ නැහැ.
යෝජනා කෙරෙන එජාප නව යාන්ත්‍රණය තුල වික්‍රමසිංහ මැතිතුමා එහි සාමාජිකයෙකු නොවෙයි. පක්ෂයේ නිලධාරින් කිසිවෙක් මේ මණ්ඩලයට නැ...
පක්ෂය වෙනුවෙන්, පක්ෂයේ ජයග්‍රහණය වෙනුවන් ගන්න දේශපාන තීන්දු තීරණ පක්ෂයේ නිලධාරින් හරහා ක්‍රියාත්මක කරන්න යෝජිත මණ්ඩලයට බලය තියනවා. ''
