‘පැරදුනා ඇති’ පා ගමන නැවතත් - මෛත‍්‍රී ගුණරත්න

රනිල් වික‍්‍රමසිංහ මහතාට පක්‍ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස බල කරමින් ආරම්භ කරනු ලැබු සටන රනිල්ට හෝ මංගලට නතර කිරීමට නොහැකි බවත් පක්ෂයේ පවත්නා ගැටලූවට රනිල් ඉවත්වී විසඳුමක් ලබා නොදුනහොත් ‘පැරදුනා ඇති’ පා ගමන නැවතත් ආරම්භ කරන බවත් දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතා පැවසීය. 

ගාල්ල කතළුව ජාතික පවුර සම්බන්ධිකරණ කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ අදහස් පළ කළේය. මෛත‍්‍රී ගුණරත්න මහතා මෙසේද පැවසීය. ‘අපේ සටන මංගල සමරවීරටවත් රනිල් වික‍්‍රමසිංහටවත් නතර කරන්න බැහැ. 

කවුරු නවත්තන්න ආවත් අපි මේක නවත්තන්නේ නැහැ. මේ ප‍්‍රශ්නයට විසදුමක් නැත්නම් අපි පැරදුන් ඇති පා ගමන නිශ්චිතවම ආරම්භ කරනවා. ලොකුම බොරුව තමයි මංගල සමරවීර දේශපාලන හිරකාරයෙක් කියලා කියනවා. 

කවුද කියන්නේ රනිල් වික‍්‍රමසිංහයි තිස්ස අත්තනායකයි දෙන්නා. එක්සත් භික්ෂු පෙරමුණින් රනිල් වික‍්‍රමසිංහ මහත්තයට යෝජනාවලියක් දාලා තියෙනවා. දැන් මේ යෝජනාවලින් කියන්නේ එතුමාට පක්ෂ නායකත්වයෙන් අයින් වෙලා ජ්‍යෙෂ්ඨ නායකයා විපක්ෂ නායකයා ලෙස කටයුතු කරන්න කියලා. 

ඒක එතුමා භාර අරගෙන තියෙනවා. මම භික්ෂු පෙරමුණේ නායක ස්වාමීන්වහන්සේලාට කියන්න කැමතියි රනිල් වික‍්‍රමසිංහ කියන්නේ කල්මරණ කොමිටි පත්කරලා මේ වැඬේ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් කරන කෙනෙක්. මේ නායකයාගේ උප්පරවැට්ටිවලට රැවටෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ’

Gossip Lanka Hot News Previous News Archive