පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම​ චීන රහස් වට්ටෝරුව


පුරුෂ ශක්තිය වඩවා ගනීම සඳහා බොහෝ අය අනේකවිධ උත්සාහයන්හි යෙදෙති. කෙසේ නමුත් පෙති කරල් රහිතව ස්වාභාවික අන්දමට ලිංගික ශක්තිය වර්ධනය කරගතහැකි අපූරු ක්‍රමයක් පිලිබඳ පුවතක් චීනයෙන් වාර්තා වේ.

පුරුෂ ශක්තිය වඩවාලීමේ නවතම​ චීන රහස් වට්ටෝරුව නම් සත්ව ලිඟු අනුභවයයි. එබැවින් අශ්වයන්, ගවයින්, බූරුවන්, එළුවන් මෙන්ම සුනඛයන්ගේ ලිංගේන්ද්‍රයන් බැද අනුභව කිරීම මේ දිනවල චීන ජාතිකයන් අතර බහුලව දක්නට ලැබෙන්නකි. 

චීනයේ තරු පහේ අවන්හල් හි මිළ අධික අහාරපාන අතර මෙලෙස හොඳින් බදින ලද සත්ව ලිඟු ප්‍රධාන තැනක් ගනී. ඒවා කෙතරම් මිළෙන් අධික ද යත් බදින ලද අශ්ව ලිඟුවක මිළ ඇමරිකානු ඩොලර් 200ක් (රු. 20,000) පමණ වේ. 

මෙම “ස්වභාවික ලිංගික උත්තේජකයන්” බහුලව භාවිතා කරනුයේ පිරිමින් වන අතර චීන විශ්වාසයන්ට අනුව සත්ව ලිඟු හා වෘෂණ කෝෂ අනුභවයෙන් විවාහ ජීවිතය සාර්ථක කරගත හැකි බව ඔවුන්ගේ විස්වාසයයි. 

කෙසේවෙතත් මේ සම්බන්ධව නිසි විද්‍යාත්මක තහවුරු කිරීමක් සිදු කර නොමැති වුවත් ලෝකයේ වැඩිම ජනගහනයකට හිමිකම් කියන ඇත්තන්ගේ මෙවන් “කෙම් ක්‍රම” හුදු මිත්‍යා මත පමණක්ම යැයි කීමද උගහටය.







Gossip Lanka Hot News Previous News Archive