බිල් ගේට්ස් ට මයික්‍රොසොෆ්ට් සභාපති ධූරයෙන් වත් වෙන්නැයි කියයි

බිල් ගේට්ස් යනු මීට වසර 38කට පෙර ඔහු විසින් ස්ථාපනය කළ මයික්‍රොසොෆ්ට් සමාගම තරමටම ප්‍රසිද්ධ චරිතයකි. 

මේ වන විටත් ඇමෙරිකානු ඩොලර් බිලියන 277ක් වටිනා මෙම සමාගමේ 4.5%ක් හිමි බිල් ගේට්ස්, මයික්‍රොසොෆ්ට් හි විශාලතම තනි කොටස්හිමිකරුවා වේ. 

කෙසේ වෙතත්, ඔහුව මයික්‍රොසොෆ්ට් සභාපති ධූරයෙන් ඉවත් කළ යුතු බව එම සමාගමේ ප්‍රධාන අයෝජකයන් 20 දෙනාගෙන් තිදෙනෙකු යෝජනා කර ඇතැයි රොයිටර් පුවත් සේවයේ දැක්වේ.
මේ එවැනි යෝජනාවක් පිළිබඳව වාර්තා වන පළමු වතාවයි.  මයික්‍රොසොෆ්ට් සභාපති ලෙස ගේට්ස් ගේ භූමිකාව මගින් නව උපායන් එක්කරගැනීමට හා නව වෙනස්කම් ඇති කිරීමට ප්‍රධාන විධායක නිලධාරියාට ඇති බලය සීමා වන බව ඔවුන් පවසා ඇතැයි රොයිටර් පුවත් සේවයේ වැඩිදුරටත් දැක්වේ.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් මයික්‍රොසොෆ්ට් සමාගම ප්‍රතිචාරයක් දක්වා නැතැයි ද එහි දැක්වේ.

Gossip Lanka Hot News Previous News Archive