අනුර අයවැයේ රෙදි ගලවයි - Anura Dissanayaka Video

ආර්ථික වර්ධන වේගය සහ උද්ධමනය ආදිය සම්බන්ධයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරන සංඛ්‍යා දත්ත විකෘති කරන ලද ඒවා බවත් වර්තමානයේ තිබෙන්නේ විකෘති දත්ත පදනම් කරගත් පුම්බන ලද ආර්ථිකයක් බවත් ජවිපෙ මන්ත්‍රී අනුර දිසානායක මහතා පවසයි.

පසුගිය 20 දා  2014 අයවැය කාරක සභා අවස්ථාවේ මුදල් අමාත්‍යාංශය වැය ශීර්ෂ විවාදයට එක්වෙමින් ඔහු මේ බව කියා සිටියේය. අනුර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ ආණ්ඩුවේ ඉන්නේ සංඛ්‍යා දත්ත විකෘති කරමින් රටත් ජනතාවත් අමාරුවේ දමන සංඛ්‍යා ලේඛණ හොරු රැලක් බවයි.

මේ වනවිට මහ බැකු වාර්තාව සම්බන්ධයෙනුත් සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පිළිබඳවත් රටේ ජනතාව තුළ බරපතළ සැකයක් මතුවී ඇති බවත් ඒ ‍නිසා මේ සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට විශ්‍රාමලත් විනිසුරුවරයෙකුගේ ප්‍රධානත්වයෙන් සංඛ්‍යා ලේඛණ විමර්ශන කොමිසමක් පත්කළ යුතු බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එම විමර්ශන කොමිසම මගින් සංඛ්‍යා දත්ත සකස් කිරීම පිළිබඳ නිර්ණායකයන් රටට හෙළිකළ යුතු බවද ඔහු අවධාරණය කරයි.


The statistics and data forwarded by the government regarding economic development and inflation are distorted and what exists today is a blown up economy based on distorted data says JVP Parliamentarian Anura Dissanayaka.

He said this participating in the committee stage debate of the budget  (20th). Mr. Dissanayaka further said those in the government are a gang of statistics thieves who distort statistics and data and jeopardize the masses and the country.

Parliamentarian Dissanayaka said people in the country are highly suspicious of reports forwarded by the Central Bank and the Department of Statistics and suggested that an investigation commission under a retired judge should be appointed to investigate statistics and data defrauds carried out by the government. He said the relevant commission should reveal to the country its approach and the procedure.

Gossip Lanka Hot News Previous News Archive