'කැසිනෝ රජා' ලෙස ප්‍රකට ලෝකයේ අංක එකේ කැසිනෝ ව්‍යාපාරිකයා වන 'ක්‍රවුන් කැසිනෝ' සමාගම් සමූහයේ ප්‍රධානියා වන ජේම්ස් පැකර් මහතා ලබන 27 වැනිදා ලංකාවට පැමිණීමට නියමිතය.
කොළඹ, ලේක්හවුස් ආයතනය ඉදිරිපිට පිහිටි දැවැන්ත රථ ගාල එම ස්ථානයෙන් ඉවත් කර එහි දැවැන්ත කැසිනෝ මන්දිරයක් සහ හෝටල් සංකීර්ණයක් ඉදිකිරීමේ කටයුතු සම්බන්ධයෙන් මෙර ප්‍රබල පුද්ගලියන් සමග අවසන් සාකච්ඡාව පැවැත්වීම සඳහා අදාළ ප්‍රධානියා පැමිණෙන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මේ ව්‍යාපාර සමුහය ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් කිහිපයක විශාල ප්‍රමාණයේ කැසිනෝ ව්‍යාපාර පවත්වාගෙන යයි.



