මහින්ද වසර 18ක් රට පාලනය කරන බවට 5 වසර සිසුවෙකුගෙන් අනාවැකියක්

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වසර 18ක් රාජ්‍ය පාලනය කරන බව 9 හැවිරිදි පාසල් සිසුවකු සිය චිත්ත ශක්තියෙන් ප්‍රකාශ කරන බව අද දිනමිණ පුවත්පත වාර්තා කරනවා. මේ අනාවැකිය පළකරනුයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මැදිරිගිරිය දිවුලන්කඩවල මධ්‍ය මහා විද්‍යාලයේ 5 වසරට සමත්ව සිටින දිනෙත් මෙත්මල් බණ්ඩාර (9) සිසුවා බවද එහි දැක්වෙනවා.

මෙතෙක් ශ්‍රී ලංකාවේ රාජ්‍ය පාලනය කරන ලද රජවරුන් 198 දෙනෙකුගේ නම් හා රාජ්‍ය පාලන කාලසීමාවන් නිවැරැදිව ප්‍රකාශ කිරීමේ හැකියාව මෙත්මල් බණ්ඩාරට තිඛෙන බවත් සිංහල රාජාවලියේ නම් ගම් හා කාලසීමාවන් පිළිබඳව කියන්නට මෙත්මල් බණ්ඩාර සතුව විශේෂ හැකියාවක් ඇති බවත්

ඔහු සමග පැවැති රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකදී අනාවරණය වී තිබුණා. රෝහණ බණ්ඩාර හා තිලංකා ස්වර්ණපාලි යුවළගේ වැඩිමහල් දරුවා වන මෙත්මල්ට කුඩා කල පටන්ම පෙර රජදරුවන්ගේ හා මෙරට සිංහල වීරවරයන්ගේ නම් ගම් හෙළි කිරීමේ ශක්තිය තිබූ බව දෙමාපියන් පවසා තිඛෙනවා.
සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ පාලන සමයෙන් පසු වසර 18 ක්ම මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාව පාලනය කරන බව ද මෙත්මල් ගේ අලූත්ම අනාවැකියලූ.

A gifted child has been found in Medirigiriya in Polonnaruwa.

He has a special ability to name all past kings of the country and the period of their reign. Dineth Methmal Bandara, studying in Grade 2 of Divulankadawala Primary School in Medirigiriya is reported to be a brilliant child who amazes his teachers. He is able to recite names of 194 kings from King Wijaya to Sri Wickrama Rajasinghe and their periods of reign. He is reported to be able to tell the most important events that have taken place during the rule of any king.

Gossip Lanka Hot News Previous News Archive