කළු ගලින් කළ නව දොළොස්මහේ පහන හෙලිකොප්ටරයෙන් සිරිපා මළුවට [Video]

ශ්‍රී පාද මළුවේ දැනට ඇති ‍ෙදාළොස්මහේ පහන වෙනුවට කිලෝ 7613ක බරකින් යුත් අංගසම්පූර්ණ ශෛලමය ‍ෙදාළොස්මහේ පහනක් ස්ථාපිත කිරීම සඳහා නල්ලතන්නිය, ලක්ෂපාන වතු ක්‍රීඩාංගණයේ සිට ශ්‍රී පාද මළුව දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ එම්.අයි. 17 හෙලිකොප්ටර් යානාවකින් පෙරවරුවේ ගුවන් මඟින් ගෙන ගියේය.

ශ්‍රී පාදස්ථානාධිපති, සබරගමුව පළාතේ ප්‍රධාන සංඝනායක, පැල්මඬුල්ල රජමහා විහාරාධිපති උෟව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන්ගේ සංකල්පයක් අනුව මෙම නව ‍ෙදාළොස්මහේ පහන ශ්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීමට කටයුතු කර තිබිණි.

මෙම නව ‍ෙදාළොස්මහේ ශෛලමය පහන පමණක් කිලෝ 7613ක් වන අතර එයට යොදනු ලබන පිත්තල ආවරණයේ බර කිලෝ 1000ත් සමඟ පහනේ මුළු බර කිලෝ 8613කි. මීට අමතරව කිලෝ 9500ක බරකින් යුත් අලුතින් නිම කරන ලද පිත්තල ඝණ්ටාර කුලුනක්ද ශ්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීමට ඊයේ පෙරවරුවේ ගුවන් හමුදා හෙලිකොප්ටර් යානාව මඟින් ගෙන ගියේය. මෙම ‍ෙදාළොස්මහේ පහන හා ඝණ්ටාර කුලුන කොටස් වශයෙන් නිර්මාණය කර තිබුණ නිසා ගුවන් මඟින් අවස්ථා කීපයකදී නල්ලතන්නියේ සිට ශ්‍රී පාද මළුව දක්වා හෙලිකොප්ටර් යානාවෙන් රැගෙන යෑමට සිදුවිණි.


වින්ග්කමාන්ඩර් එම්.ඒ.එස්.කේ. මහීපාල මහතා මෙම හෙලිකොප්ටර් යානයේ නියමුවා ලෙස කටයුතු කළේය. මෙම පහනේ හා ඝණ්ටාර කුලුනේ කොටස් එම්.අයි. 17 හෙලිකොප්ටර් යානාවෙන් ගුවන් මඟින් ශ්‍රී පාද මළුව දක්වා රැගෙන යෑමට අලුතින් සකස් කරන ලද දැල් බහාලුම් යොදා ගැනීම සිදුකළ අතර ඒවා රැගෙන යෑම සඳහා ගුවන්, යුද හමුදා සෙබළුන්ගේ හා නල්ලතන්නිය පොලිසියේ නිලධාරීන්ගේ මෙන්ම ප්‍රදේශවාසීන්ගේද සහාය ලැබිණි. ශ්‍රී පාද ඉතිහාසයේ ගුවන් මඟින් ශ්‍රී පාද මළුවට භාණ්ඩ රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය බව වාර්තා වේ.

මෙහිදී මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නායක හිමියන් පවසා සිටියේ මෙම නව ‍ෙදාළොස්මහේ පහන හා ඝණ්ටාර කුලුන කඩිනමින් ශ්‍රී පාද මළුවේ ස්ථාපිත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති නිසා මෙම මස 05 වැනි දින දක්වා ශ්‍රී පාද මළුවේ සංවර්ධන කටයුතු ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහායෙන් සිදුකරන බැවින් දිවා කාලයේදී ශ්‍රී පාදය කරුණා නොකරන ලෙසත් ප.ව. 6.00 උදෑසන 6.00 දක්වා කාලය තුළ පමණක් ශ්‍රී පාද කරුණා කිරීමට පැමිණෙන ලෙසත්ය.

සංවර්ධන කටයුත්ත සිදු කෙරෙන කාලය තුළදී දිවා කාලයේ ශ්‍රී පාද මළුවේ පූජාවන් කිසිවක් නොපවත්වන බවද උන්වහන්සේ වැඩිදුරටත් පැවැසූහ.

New 'Dolosmahe Pahana' for Sri Pada

Gossip Lanka Hot News Previous News Archive