ෆේස්බුක් සිද්ධියේ විදුහල්පතිට එරෙහිව පරීක්ෂණ පටන් ගනී

ෆේස්බුක් සිදුවීමක් මුල්කොට ගෙන සියදිවි නසාගත් කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ ඉගෙනුම ලැබූ වෙනූෂා ඉමන්දි බංඩාර සිසුවියගේ මරණය පිළිබඳ ආරම්භ වන පරීක්ෂණයට බදාදා (12) දහවල් වයඹ පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෙනී සිටින ලෙස එම විදුහලේ විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාට උපදෙස් දී තිබේ. 

විදුහල්පතිවරයා විසින් අසභ්‍ය වචනයෙන් බැණ වදිමින් තමන්ට සිදුකළා යැයි කියනු ලබන හිරිහැර හේතුවෙන් සියදිවි නසා ගන්නා බවට ලිපියක් ලියා තබා එම විදුහලේ වෙනූෂා ඉමන්දි බංඩාර(15) සිසුවිය ඉකුත් 05වැනිදා සියදිවි නසා ගත්තාය.මෙම සිද්ධිය පිළිබඳ විමසීමට විදුහල්පතිවරයා සම්බන්ධ කැර ගන්නට පසුගිය දින කිහිපය තිස්සේ දැරූ උත්සාහයන් ව්‍යර්ථ විය. 

වයඹ පළාත් මහ ඇමැති දයාසිරි ජයසේකර මහතාගේ උපදෙස් මත එහි අධ්‍යාපන අමාත්‍යාංශය විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න මහතාට උපදෙස් ලබා දී ඇත්තේ සිද්ධියට අදාල සියලුම ලේඛන රැගෙන අද (12)දහවල් පැමිණෙන ලෙසටයි.

මේ අතර මියගිය වෙනූෂා ඉමන්දි බංඩාර දැරියගේ දෙමාපියන් විසින් කුරුණෑගල වෙලගෙදර ක්‍රීඩාංගනය ඉදිරිපිට පැවැත්වූ මාරාන්තික උපවාසය ඊයේ(11) සවස අවසන් කෙරුණි. 

වයඹ පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ,මහ ඇමැතිවරයාගේ දයාසිරි ජයසේකර මහතාගේ ලේකම් සහ කුරුණෑගල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අතාවුද යන මහත්වරුන් උපවාසය පැවැත්වෙන ස්ථානයට ඊයේ සවස පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් බදාදා (12) සිට පරීක්ෂණ ආරම්භ කරන බවට පොරොන්දු වී තිබේ. 

මියගිය දැරියගේ දෙමාපියන් විසින් ලියන ලද පැමිණිලි ලේඛනද මෙහිදී නිලධාරීන් විසින් භාර ගැනීමෙන් පසු උපවාසය අවසන් කෙරිණ.

 අහිමි වුණ වෙනූෂාගේ සොඳුරු මතකය











Gossip Lanka Hot News Previous News Archive