විවාහ වෙලා මව් පදවිය ලබන්න ආසයි- Upeksha swarnamali

 එයත් එක්ක දවසට දෙතුන් පාරක් මල් කඩනවා
පෙම්වතියක් වූ උපේක්ෂා දිනකට දෙතුන් වතාවක් "මල් කඩන" බව ඇය විසින් සරසවිය පුවත්පතට හෙළිකොට තිබෙනවා. ඇගේ අලුත් පෙම්වතා හා පැරණි සැමියා පිලිබඳ ඇය පලකල අදහස් බලන්න පහතින්

 * හලෝ උපේක්ෂා?
ඔව් කියන්න.

* කොහොමද ඉතින් ජීවිතේ?
ජීවිතේ මල් තමයි.

* අපිටත් ආරංචියි?
මොකක්ද?

* ගජරාමෙට මල් කඩනවා කියලා?
අනේ. අනේ එහෙම කියන්න එපා.මං ඉතින් එයාට කෝල් කරනවා තමයි දවසට දෙතුන් පාරක්. එහෙම මල් කඩන්න එපායැ ආදරවන්තියන් වුණාම.


* කවුද එයා? අපිටත් කියන්නකෝ?
එයා තමයි මගේ පෙම්වතා.

* ඒ කියන්නේ උපේක්ෂා ආයෙත් ආදරවන්තියක් වුණා එහෙනම්?
ඔව්, ඔව්.

* එයා ගැන වැඩි විස්තර කියමුකො බලන්න.
ඔන්න දැන්මම නම කියන්න බැහැ හරිද. නම මම වෙලාවට කියන්නම්. ඔහු දේශපාලන ක්ෂේත්‍රයටවත්, කලාවටවත් සම්බන්ධ නැහැ. එයා ව්‍යාපාරිකයෙක්.

* හොඳට සල්ලි එහෙමත් ඇති?
මොකද නැත්තේ. මට වඩා සල්ලි තියෙනවා එයාට.

* තව?
මට වඩා උගත්. මට වඩා ලස්සනයි. කෙටියෙන්ම කිව්වොත් ඔහු මට වඩා හුඟක් දියුණුයි.

* කොහොමද ඔබට ඔහුව මුණ ගැහුණේ?
උපන්දින සාදයකදී.

* ඊට පස්සේ?
අපි ගොඩක් ළං වුණා.

* කවුද මුලින්ම ආදරය ප්‍රකාශ කළේ?
ඔහු.

* ඔබ එවලේ මොකද කිව්වේ?
හොරාට සද්ද නැතුව හිටියා.

* ඇයි ඒ?
මං දන්නවා ඔහු මට ආදරෙයි කියනවා කියලා. මම ඔහු ආදරෙයි කිව්වට පස්සේ යාළුවෙක් දම්මලා ඔහුට නොදැනෙන්න ඔහු ගැන විස්තර හොයලා බැලුවා.

* ඉතින්?
මං හිතුවටත් වැඩිය හොඳ කෙනෙක් බව යාළුවගෙන් දැනගන්නට ලැබුණා.

* නැවත ආදරවන්තියක් වෙන්න බය හිතුණේ නැතිද?
මං දැන් ඉස්සර වගේ කලබලයට තීරණ ගන්නේ නැහැ. ඉස්සර මං බොළඳ තීරණ බොහොමයක් ගත්තා. ඒවා ගැන අද හිතද්දී හිතෙනවා ඇයි මං එච්චර මෝඩ වුණේ කියලා. ඒත් අද වන විට මං වයසින් පරිණතයි. ඒක නිසා මං ඉස්සෙල්ලා කිව්වා වගේ තදියමේ ගත්ත තීරණයක් නෙවෙයි මේක.

* විරහව ඔබේ ජීවිතයට හරිම සමීපයි. එහෙම නේද?
හ්ම්ම්. විරහව පටන් ගන්නේ ආදරය කියන ලෝකයේ සුන්දරම මාතෘකාවෙන්. මිනීමැරුම්, දුෂණ, අපරාධවලට වඩා විරහව භයානකයි. මං එහෙම කියන්නේ විරහව මං හොඳාකාරවම අත්වින්ද නිසා. විරහවෙන් කාටවත්ම බේරෙන්න බැහැ. මටත් ඒකම සිද්ධ වුණා.

* ආයෙත් විරහව ඔබේ ජීවිතයට . . .?
නැහැ. නැහැ කවදාවත්ම මගේ ජීවිතයට විරහව එන එකක් නැහැ. මට ඒක විශ්වාසයි.

* ඔබේ විරහා අත්දැකීම් ගීතයකට නැගුවා කියලා දැනගන්නට ලැබුණා?
ඔව්. ළඟින් ළං වී තමයි එහි පටන් ගැන්ම. කසුන් සත්සර කියලා මල්ලි කෙනෙක් ගීතය ලිව්ව්. ළඟදීම ඒක අහන්න ලැබෙයි.

* ඔබ ජීවිතය ගැන කලකිරී කන්‍යා සොහොයුරියක් වන්නට ගිය රහස දැන්වත් හෙළි කරමුද?
ඒක ගැන දන්නේ මගේ අම්මා. මට හිතුණා කන්‍යා සොහොයුරියක් වෙන්න. අම්මත් එක්ක කාටත් රහසෙන් කන්‍යාරාමයකට ගියා. එතෙන්දි මට කන්‍යා සොයුරියක් වීමට කළ යුතුª වත් පිළිවෙත් ගැන අයකුª පැහැදිලි කළා. මට හිතුණා කන්‍යා සොයුරියක් වීමට මම සුදුස්සෙක් නෙවෙයි කියලා. ඉතින් ආපහු ආවා.

* උපේක්ෂා කේන්දර විශ්වාස කරනවාද?
ඉස්සර විශ්වාස කළේ නැහැ. එත් වර්තමානයේ නම් මං කේන්දර විශ්වාස කරනවා.

* දෙන්නගේ කේන්දර නොගැලපුණොත් මොකද කරන්නේ?
ඒත් මම ඔහුව අත හරින එකක් නැහැ. අම්මාගෙනුත් මට ආශිර්වාදය ලැබිලා තියෙන්නේ. මට ඇයගේ ආශිර්වාදය තිබුණම හොඳටම ඇති.

* උපේක්ෂාගේ කලින් සැමියා කෝ?
මම හොයන්නේ නැහැ ඔහු කොහේ ඉන්නවද කියලා.

* ඔහු ඔබේ අලුත් පෙම්වතා ගැන දන්නවාද?
දන්නවා ඇති.

* ඔහු දැන් ඔබට කතා කරන්නේ නැද්ද?
මම කිව්වා ඔහුට මට කෝල් එකක්වත් දෙන්න එපා කියලා.

* ඔබේ පෙර සැමියා ඔබට වඩා වයසින් බාලයි නේද?
එයා මට වැඩිය අවුරුදු එකහමාරක් බාලයි.

* දැන් එක්කෙනා?
එයා මට වැඩිය ටිකක් වයසින් වැඩියි.

* ඒක හොඳයි.
ඒක තමයි.

* මේ දිනවල ඔබේ අලුත්ම නාට්‍ය විකාශය වෙනවා?
ඒකේ නම ස්නේහා. මං තමයි ඒකේ ස්නේහා. ඒක කැලුම් පාලිත මහීරත්නගේ අධ්‍යක්ෂණයක්. සතියේ දිනවල රාත්‍රී 7.30 ට හිරු ටී. වී. ඔස්සෙයි විකාශය වන්නේ.

* කවදද උපේක්ෂාගේ විවාහය සිද්ධ වන්නේ.
තාම දින වකවානු තීරණය කරලා නැහැ. ඉක්මනින් විවාහ වෙනවා. විවාහ වෙලා මේ ලෝකයේ උතුම්ම පදවිය වන මව් පදවිය ලබන්න ආසයි.

සටහන – ප්‍රසාද් සමරතුංග

Gossip Lanka Hot News Previous News Archive