• නින්දෙන් ඇහැරුණා වගේ ගයේෂා මොකද හදිසියේම ඡන්දෙ ඉල්ලන්න තීරණය කළේ?
මාධ්‍ය හරහා මම දේශපාලනයට එනවා කිව්වෙ අනිත් අය ඔය ගැන කතා කරන්නත් කලින්. මාධ්‍ය ඇහුව පුංචි ප්‍රශ්නයකට මං උත්තරයක් දුන්නා දේශපාලනයට එනවා කියලා. ඔය චූටි කෑල්ලෙන් තමයි මේක ඇදිලා ආවේ. හැබැයි මේක එකපාරටම නින්දෙන් ඇහැරිලා ගත්ත තීරණයක් නෙවෙයි. 2010 වර්ෂයේ ඉඳලා අද දක්වා තිබුණු සියලුම මැතිවරණවලදී පක්‍ෂ, පාට නොබලා මම රූප රැජනක් විදියට වැඩ කළා.
• ඔබ මේ ඡන්දයට එන්නෙ කාගෙ වුවමනාව මතද?
2010 වර්ෂයේ ඉඳලා මම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ක්‍රියාකාරී සාමාජිකාවක්. එදා ඉඳන් අද වෙනකල් පක්‍ෂය ජයග්‍රහණය කරන්න විශාල වැඩ කොටසක් කළා. ඒ දවස්වල ඉඳලම මම නිල් බළකායේ සාමාජිකයෙක්. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මැතිතුමාගේ මෙහෙයවීමෙන් තමයි මෙවර ඡන්දයට ඉදිරිපත් වුණේ.
• එහෙනම් නොමිනේෂන් ලැබෙන එක නම් ෂුවර් ඇති?
මගේ පරීක්‍ෂණය තිබුණ වෙලාවෙ මාධ්‍ය එතැන හිටියා. මාධ්‍ය ඉස්සරහදීම තමයි ගරු එස්.බී. දිසානායක ඇමැතිතුමා ප්‍රමුඛ එතැන හිටපු සියලුම ඇමැතිවරු, ජේයෂ්ඨයෝ මට හෙට ඉඳලා වැඩ පටන් ගන්න කියන වචනය දුන්නේ.

