Gammanpila case: Brian Shaddick to attend court proceedings

Gammanpila case: Brian Shaddick
උදය ගම්මන්පිලගේ නඩුවට ලංකාවට එන්න සූදානම්-වීඩියෝ
ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික්

උදය ගම්මන්පිලගේ නඩුව සම්බන්ධයෙන් මෙරට අධිකරණය කියන ඕනෑම අවස්ථාවක දී තමා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානම් බව ස්කයිප් තාක්ෂණය හරහා සම්බන්ධ වෙමින් ඔස්ට්‍රේලියානු ව්‍යාපාරික බ්‍රයන් ෂැඩික් මහතා සඳහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අදාළව ජාතික පුස්තකාල හා ප්‍ර‍ලේඛන සේවා මණ්ඩලයේ ඊයේ (20) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.

ඒ අනුව උදය ගම්මන්පිල මහතා අත්අඩංගුවට ගැනීම දේශපාලන පළිගැනීමක් මත කරන ලද්දක් නොවන බවත් ඔහු සැබැවින්ම මූල්‍ය වංචාවක් කර ඇති බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

බ්‍රයන් ෂැඩික් මහතා මෙරට ඔස්ට්‍රේලියානු ලංකා සමාගමේ ආයෝජකයකු වශයෙන් කටයුතු කරන සමයේ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස උදය ගම්මන්පිල මහතා කටයුතු කළ බවත් එහි දී එම සමාගමේ සම කොටස්කරුවකු වූ සිඩ්නි ජයසිංහ සමග එක්ව මෙම මූල්‍ය වංචාව කර ඇති බවත් බ්‍රයන් ෂැඩික් මහතා පෙන්වා දුන්නේය.

ඒ අනුව මීට සම්බන්ධ යැයි කියන සිඩ්නි ජයසිංහ මහතා සිය පුතු මගින් ශ්‍රී ලංකාවෙන් පිටවන ලෙස තමාට මරණ තර්ජන කළ බවත්, තමා මෙරටින් පිට වූ කාල සීමාවේ මෙම මූල්‍ය වංචාව කර ඇති බවත් බ්‍රයන් මහතා වැඩිදුරටත් පැවසීය.


Gossip Lanka Hot News Previous News Archive