Wimal Weerawansa's Daughter VIMASHA Speaks

Wimal Weerawansa's Daughter Speaks VIMASHA WEERAWANSA
වධ වේදනා-නින්දා අපහාස මැද්දෙ සාමාන්‍ය පෙළින් ඒ-9 ක් ගත්ත විමාෂා වීරවංශ කතා කරයි

මෙවර අ. පො. ස සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් නවයටම ‘ඒ’ සාමාර්ථ ලබාගත් හපනුන් ගණනින් 9000ත් ඉක්මවා ගිය බව කවුරුත් දන්නා දෙයක්. මේ ‘ඒ‘ නවයක් ගත් හපනුන් අතරට දන්නා කියන අයගේ දරුවන් එකතු වී තිබුණා. ජාතික නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශගේ දියණිය විමාෂා වීරවංශත් තමන්ගේ නම ‘ඒ’ නවයේ ලැයිස්තුවට එකතු කරගෙන තිබුණා.  වීරවංශ දියණිය ගේ ‘ඒ‘නවය ගැන කවුරුත් කතා වෙන්නෙ පහුගිය කාලෙ ඇය ගැන කියැවුණු නොයෙක් කතා සහ ඇයට මුහුණ දෙන්න වුණු සිදුවීම් නිසා. බොහෝදෙනාට වීරවංශ දියණිය ගැන තිබුණු කුතුහලයන්ට ඇය උත්තර දුන්නෙ මෙහෙම.

මේ ලැබිලා තියෙන්නෙ විමාෂා බලාපොරොත්තුවෙන් හිටපු ප‍්‍රතිඵලයමද?
මේ තරම් හො`දම ප‍්‍රතිඵලයක් හම්බවෙයි කියලම මට හිතුණෙ නැහැ. මම හිතුවෙ මට ‘ඒ‘ හයක් හතක් තියේවි කියලා. මොකද මට සමහර විෂයන් ගැන පොඩි බයක් තිබුණා. හැබැයි අම්මා නම් කියනවා එයා නම් දැනගෙන හිටියලූ මම ‘ඒ’නමයක් ගන්නව කියලා. කොහොම වුණත් මට ගොඩක් සතුටුයි.

මොන විෂයන් ගැනද බයෙන් හිටියේ?
මට ගොඩක්ම බය තිබුණෙ ඉතිහාසය ගැන. මට ඉතිහාසයට හැම වාරෙම වගෙ ගොඩක් ලකුණු අඩුයි. අනික ගණන් මට ටිකක් අමාරුයි. කොහොමත් හැමෝම කතා වුණානෙ ගණන් පේපර් එක අමාරුයි කියලත්. හැබැයි මම ගණිතය ලිව්වෙ ඉන්ග්ලිෂ් මීඩියම් එකෙන්. විද්‍යාව, සෞඛ්‍ය, භූගෝයත් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලිව්වා ඉතිහාසය, සිංහල, බුද්ධ ධර්මය,  නාට්‍ය හා රංග කලාව කියන විෂයන් ලිව්වෙ සිංහල මීඩියම් එකෙන්.

විභාගෙ ඉවරවෙලා ගෙදර ඇවිත් ප‍්‍රශ්න පත්තරවලට ආයෙත් උත්තර ලිව්වද?
එම්. සී. කිව්වලට නම් උත්තර ලියලා බැලූවා. හැම එකටම වගෙ 35ට වැඩිය තිබුණා. මම බයෙන් හිටියෙ ඉතිහාසය දෙවෙනි කොටසෙ ලකුණු කොහොම වේවිද කියලා. ඒත් මම උත්තර දීපු විදිය කිව්වම අම්ම නම් කිව්ව ‘චූටි ¥ ඔයාට අනිවාර්යෙන්ම ‘ඒ’ නමයක් එනවා‘ කියලා.විභාගෙට කලින් නම් අම්මා කිව්වේ ‘ඒ’ 9ක් නැති වුණත් කමක් නැහැ. මොනව වුණත් ඔයා අපේ චූටි මැණිකමයි කියලා. බච .ඒ ගැන හිතන්න එපා කිව්වා.
අන්තිමේදි අම්මා කියපු දේ හරිගියා.

විමාෂා හැමදාමත් විසාකා විද්‍යාලයේ දක්ෂයන් අතරෙ හිටපු කෙනෙක්ද?
මම හො`දට වැඩ කරගෙන ගියා. මම කොහොමත් පාඩම් කරන්න  අකමැති කෙනෙක් නෙමෙයි. ටීචර්ස්ලා කිව්වෙත් මට විභාගෙ හො`දට කරගන්න පුළුවන් වෙයි කියලා. ඒත් අපට වෙච්ච ප‍්‍රශ්න නිසා මට ගොඩක් වැඩ පාඩු වුණා. මාස ගාණක් මට ඉස්කෝලෙ යන්නත් බැරි වුණා.  සමහර විෂයන්ට යන්න බැරිවෙලා වාර විභාගවලදී මම අන්තිමයත් වුණා.හැබැයි මම ටියුෂන් පටන්ගත්තේ 10 වසරෙත් අන්තිම කා‍ලේ.

විභාගය වෙනුවෙන් හරියටම පාඩම් කරන්න හම්බවුණේ කොච්චර කාලයක්ද?
මම හරියටම පාඩම් කරන්න පටන් ගත්තෙ අගෝස්තු මාසෙ. මොකද මම දහය වසරට ගියපු කාලෙ ඉ`දලම අපිට ගොඩක් ප‍්‍රශ්න ආව. මුලින් මගෙ අම්මව රිමාන්ඞ් කළා. ඒ දවස්වල තමයි අපි ඉස්සෙල්ලම ගෙදර අම්ම නැතිව හිටියෙ. අම්මා කවදාවත් අපිව ගෙදර තියලා කොහෙවත් ගිහින් නැහැ. ඊට පස්සෙ අපේ ගෙදර ඇ`දුම් මහන්න ආපු කෙනාගෙ පුතා අපේ ගෙදරදි නැතිවුණු එකට අපිට ගොඩක් ප‍්‍රශ්න ආවා. ඒවා ඉවර වෙද්දි තාත්තව හිරේට දැම්මා.

අම්මට ප‍්‍රශ්න ඇතිවුණු කාලෙ තමයි අම්මයි විමාෂයි ගැන ගොඩක් දෙනා කතා කරන්න පටන් ගත්තෙ?
තාත්තා ගැන හැමෝම දැනගෙන හිටියට අපේ අම්මවත් අපිවත් වැඩිය කවුරුත් දැනගෙන හිටියෙ නැහැ තමයි. ඒත් ගොඩක් අය මුලින්ම අපි ගැන කතා කරන්න පටන් ගත්තෙත් හො`ද දේවල් නෙමෙයිනෙ. සෝෂල් මීඩියාවල අපි ගැන ගොඩක් නරක දේවල් ගියා. හාට් ඇටෑක් එකකින් මැරුණු ළහිරු අයියාගෙ මරණෙ ගැන අපිට එක එක දේවල් කියපු අය වැඩ කළේ ඒ අයට ළමයි නැහැ වගේ. ඒ අයියා අපේ ගෙදර මාස පහ හයක් ආවා ගියා වුණාට මමත් එක්ක වචන දහයක්වත් කතා කරල නැහැ. අපිට එක එක දේවල් කියපු අය ඒ අයියා මැරුණු ඇත්ත හේතුව හෙළි වුණාම ඒ කතා ගැන මුකුත් කිව්වෙ නැහැ.

ඔයාල එළියට ගිය වෙලාවට මිනිස්සුචගෙන් ලැබුණු ප්‍රතිචාර කොහොමද?
අපි අපේ වැඩවලට එළියට ගියපු වෙලාවට අපිට ගොඩක් අය  හම්බවෙනවා. ඒ හම්බවෙන අය නම් අපිට හො`දට ආදරෙන් කතා කරනවා.  එහෙම හම්බවුණාම අපි එයාලත් එක්ක කතා කරනවට ඒ අය හරි කැමතියි. මිනිස්සු අපට කොච්චර ආදරේද කියලා දැනගත්තේ ඒ ප්‍රතිචාරවලින්. ෆේස්බුක්වලින් අපිට එක එක දේවල් කිව්වෙ ච+ඤක‰ ටික දෙනෙක් විතරයි.

ඔය දේවල් හිතෙන් අයින් කරල පාඩම් කරන්න හිත හදා ගත්තෙ කොහොමද?
අපි ගැන කියපු හැමදේම බොරු නිසා මට ඒ දේවල් ගැන තිබුණෙ තරහක්. ඇත්තටම මම ගොඩක් කේන්තියෙන් හිටියෙ. ඒ නිසා මට  ඕන වුණා මේ කියපු හැම කතාවම බොරු කරන්න මේ විභාගෙ හො`දටම පාස් වෙන්න. මගෙ අම්මටත් එක එක දේවල් කියපු අයට පේන්න මම විභාගෙ හො`දට පාස් වුණාම ඒ අයටත් තේරෙනවනෙ අපේ අම්මා කොච්චර හො`ද අම්මා කෙනෙක්ද කියලා.

මේ දිනුමට ගොඩක් උදව් කළේ අම්මද?
තාත්තට නිතරම ගෙදර ඉ`දගෙන අපේ පාඩම් වැඩවලට උදව් කරන්න වෙලාවක් නැහැනෙ. අම්මයි අයියයි තමයි මගෙ මගහැරුණ පාඩම් කියලා දීලා ටීචර්ස්ලා ගෙදරට ගෙන්නල මට උගන්නල මට උදව් කළේ. සමහර දවසට අම්මා නඩුවලට උසාවි යද්දි මාව එක්කරගෙන යනවා. අම්මා නඩුව ඉවරවෙලා එනකල් අම්මගෙ යාළුවෙක් එක්ක වාහනේට වෙලා ඉ`දගෙන මම පාඩම් කරනවා. මොකද මට  ඕන වුණේ  විභාගෙ හො`දට කරගන්න. මේ අවුරුදු දෙකේ  මගේ වෙලාව වැඩිපුර ගෙවුණේ උසාවි, බන්ධනාගාර, ඉස්පිරිතාලවල. ඒ නිසා ඉතුරු වෙලා තිබුණු කාලෙන් මම උපරිම ප‍්‍රයෝජන ගත්තා. මේ දේවල් කරන්න  මට මගපෙන්නුවෙ අම්මා. මගේ ප‍්‍රතිඵල දැන ගත්ත වෙලාවෙ තාත්තත් කිව්වෙ මගෙ ප‍්‍රතිඵලවල ක්‍රෙඩිට් එක යන්න  ඕන අම්මට කියලා.

විමාෂට උදව් කරපු යාළුවො,  ගුරුවරුත් හිටියද?
මට ගොඩක් කල් ඉස්කෝලෙ යන්න බැරි වෙලා පාඩම් ගොඩක් මගහැරුණනෙ. ඒ දවස්වල පුන්ස`දුනි කියන මගෙ යාළුවා මට ගොඩක් උදව් කළා. වචනයකින් හරි මගේ හිත හදන්න කතා කරපු ගුරුවරුත් හිටියා. හැබැයි මට දැන් හිතෙනවා මට ලොකුම උදව්ව කළේ අපිට එක එක ඒවා කියලා අපිව පස්සට අදින්න උත්සාහ කරපු අය කියලා. ඒ වෙච්ච දේවල් නිසා තමයි මම මගේ හිත ගොඩක්ම හයිය කරගත්තෙ. මගෙ අම්මා තාත්තා , අයියා මගෙ ළ`ග ඉ`දගෙන මගේ ලොකුම ශක්තිය වුණා කියලා කියන්නම  ඕන.

විමාෂගෙ ඉස්සරහ ඉගෙනීමේ කටයුතු කොහොම වේවිද?
මම ඉස්සර ඉ`දලම ආසාවෙන් හිටියා මට  ඕලෙවල්වලට ‘ඒ’ නමයක් ගන්න ලැබුණොත් හො`දයි කියලා. දැන් ඒ ආසාව හරිනෙ. මම මුලින් හිතාගෙන හිටියෙ මෙඩිසින් කරන්න. ඒත් අපට පහුගිය කාලෙ වෙච්ච දේවල් නිසා මම හිතුවා ආට්ස් කරල ලෝ කරන්න. මම කවදාහරි සාධාරණ ජජ් කෙනෙක් වෙනවා.  ඒ ලෙවල්වලටත් මුල ඉ`දලම පාඩම් කරල මම මගේ ඉලක්කයට යනවා

කවදා හරි දවසක විමාෂා දේශපාලන වේදිකාවටත් නගීවිද?
මම දේශපාලනයට  නම් එන්නෙ නැහැ. මම ආසත් නැහැ. ඒක තාත්තා දේශපාලනය කරන නිසා අපිට පහුගිය කාලෙ වෙච්ච දේවල් එක්ක ගත්ත තීරණයක් නෙමෙයි. ගෙදරදි වුණත් තාත්තයි අයියයි තමයි දේශපාලනය ගැන කතා කරන්නෙ. මම ඒ කතාවලට යන්නෙත් නැහැ. ඇත්තටම මට ඒ සමහර කතා තේරෙන්නෙත් නැහැ.  ඒ නිසා මම නම් දේශපාලනයට එන එකක් නැහැ.

නෙලූෂා සිල්වා               


Gossip Lanka Hot News Previous News Archive