රට හැර ගියා කියපු ,කොවිඩ් හැදුණු බැසිල් පාර්ලිමේන්තුවේ!


හිටපු මුදල් අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ අද පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ කොවිඩ් 19 ආසාදනය වී රෝහල් ගත කර ඇති බවට මීට පෙර මාධ්‍ය ඔස්සේ වාර්තා පළ වුණා.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් හිටපු අමාත්‍යවරයාගේ පාර්ශ්වයෙන් කිසිදු තහවුරු කිරීමක් සිදු නොවීය.

හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ රට හැර ගොස් ඇති බවට ද වාර්තා පළ වුණා. විවිධ වාර්තා තිබියදීත්, ඔහු අද පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමට සහභාගී වන අයුරු දැකගත හැකි විය.

Gossip Lanka Hot News Previous News Archive