සියලූම වෘත්තිකයින් අඛණ්ඩ වැඩ වර්ජනයක


සියලූම වෘත්තිකයින් මේ වනවිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වේ.ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ පැවසුවේ මෙම වැඩ වර්ජනයට සියලූම රාජ්‍ය, පෞද්ගලික, අර්ධ රාජ්‍ය යන සියලූම පාර්ශ්ව නියෝජනය වන පරිදි වෘත්තිය සමිති 2000 ක් පමණ ඊට එක්වන බවයි.


මෙම වෘත්තීය වැඩ වර්ජනය සමග අත්‍යවශ්‍ය සේවා ද ඇනහිටිනු ඇත.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ සමස්ථ සාමාජිකයින් අද සිට නැවත දැනුම් දෙනතුරු සියලූ රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබේ.

ඊයේ (09) දින අරලිය ගහ මන්දිරයට එක් වූ පිරිසක් ගාලූමුවදොර සාමකාමී විරෝධතාකරුවන් ඉලක්ක කරගනිමින් සිදු කළ ප්‍රහාරය පිළිකුළෙන් යුතුව හෙලාදකිමින් ඊට විරෝධය දක්වමින් එම සංගමය මෙම තීන්දුව ගත් බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.

දැනට පත් කොට ඇති දිස්ත්‍රික් හා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු මින් ඉදිරියට පිළි නොගැනීමටත්, කිසිදු දේශපාලනඥයකු සහභාගී වන රැස්වීමකට සහභාගීවීමෙන් වැලකීමටත් ඔවුන් වැඩ දුරටත් තීරණය කර තිබේ.

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයද වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කර ඇත්තේ ගාලු මුවදොර අරගලකරුවන්ට සහය දක්වමිනුයි.

Gossip Lanka Hot News Previous News Archive