රනිල් යටතේ ඇමති ධූරයක් භාර ගනිමි - හරින්


විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු අමාත්‍ය ධුර භාර ගනිමින් නව රජයට එක්වන බව ඉරිදා (16) රාත්‍රී පැවති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ප්‍රකාශ කළේය. මින් ඉහත සජබ තීරණයක් ගන්නේ නැති සිටි අවස්ථාවේද ඔහු ස්වාධීන වීමේ තීරණයක් නිසා ප්‍රවෘත්ති මැවුණ අතර සජිත් ප්‍රමාදවී එම තීරණය ලබාගත් නිසා අගමැති පදවිය නොලැබුණි. 

ස්වර්ණවාහිනී ‘ඉර‘ වැඩසටහනට එක්වෙමින් හරින් කියන්නේ ප්ලෑන් ඒ ක්‍රියාත්මක නොවූ නිසා ප්ලෑන් බී ලෙස රනිල්ගේ ආන්ඩුවට සජිත් එක්වීම අවශ්‍ය බවයි. එසේ ගොස් අවශ්‍ය රැඩිකල් තීරණ ගතයුතු බවත් ජනපති අභිබවා කටයුතු කිරීමට තවම අවස්ථාව ඇති බවයි. 

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ නව රජය තුළ සමගි ජන බලවේගයට අමාත්‍ය ධුර හිමිවිය යුතු බවට තමන් විශ්වාස කරන බව කියූ හරින් ජාතික ජන බලවේගයද මෙහිදී ඇමති ධූර ලබාගෙන ගැටලු විසඳිය යුතු බව කියා සිටියේය. 

මේ සම්බන්ධයෙන් තම පක්‍ෂය ප්ලෑන් බී තීරණයක් ගන්නා තෙක් තවත් දිනක් බලා සිටින බවද ඔහු කියා සිටියේය. "සජිත් ප්‍රේමදාස මහතා තමයි මේ රටේ අනාගත නායකයා, ඒ ගැන කිසිම සැකයක් නැහැ, නමුත් මම හිතන්නේ මේ මොහොතේ අපි දේශපාලනය ගැන නොසිතා නව රජයට සහය දිය යුතුයි.

" හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය. තව මාස හයකින් අපිට රටක් නැහැ, මේ අර්බුදය විසඳන්න සජිත් ප්‍රේමදාස සහ අනුර කුමාර දිසානායක මේ අලුත් ආණ්ඩුවට එකතු වෙනවා නම් මම කැමතියි,” ඔහු වැඩිදුරටත් පැවසීය. "ගෝඨාභය පාස් කරන්න මම ආණ්ඩුවට එකතු වෙන්නේ නැහැ, ඔහු අසාර්ථකයි, දැන් අපිට මේ අසාර්ථක පුද්ගලයාව එළියට යවන්න වෙනවා, නමුත් එය ව්‍යවස්ථාවෙන් සිදු විය යුතුයි".

Gossip Lanka Hot News Previous News Archive