අලි සබ්‍රිගේ ජීප් රියේ ගැටී තිදරු පියා මරුට

මුස්ලිම් ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා ගමන් ගනිමින් සිටි සුඛෝපභෝගි ජීප් රථයේ ගැටුණු තිදරු පියෙකු ඊයේ (4දා) රාත්‍රියේ මරණයට පත්ව ඇති බව නොරෝච්චෝල පොලිසිය පවසයි.

මෙසේ මරණයට පත්ව ඇත්තේ පුත්තලම මනතිව් ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි තිදරු පියකු වු සිමියොන් බෙනඩික් නික්ෂන් නැමති වතු කම්කරුවකු ලෙස සේවයක කරමින් සිටි අයකු බව කියයි.
මන්ත්‍රි අලි සබ්‍රි රහිම් මහතා කල්පිටියේ පැවති අවමංගල උත්සවයකට සහභාගි වී ආපසු පුත්තලම නිවස බලා එමින් සිටියදී නොරෝච්චෝල මාම්පුරිය ප්‍රදේශයේදි මාර්ගය මාරු විමට ගිය තිදරු පියා මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගි ජීප් රියේ ගැටි තිබේ.

ඔහු පුත්තලම මූලික රෝහලට ඇතුලත් කරන විටත් මරණයට පත්ව සිටි බව පොලිසිය පවසයි.

මරණයට පත්ව ඇති තැනැත්තා මාම්පුරිය ප්‍රදේශයේ දුම්කොල හා එළවළු වගා කරන ඉඩම් වල දෛනික කුලි පදනමට සේවය සේවය කරමින් සිට ඇති බව කියයි.

එසේ රැකියාව කරමින් සිටිමින් සිට කිසියම් අවශ්‍යතාවයක් සදහා මාම්පුරිය නගරයට පැමිණිමට මාර්ගය මාරු විමට යාමේදි කල්පිටිය දෙසින් ආ මන්ත්‍රිවරයාගෙ සුඛෝපභෝගි ජීප් රථයේ ගැටි ඇති බව කියයි.

පොලිසිය පවසන්නෙ මන්ත්‍රිවරයා ගමන් ගත් ජීප් රථය පුත්තලම බලා එමින් තිබියදි මාම්පුරිය ප්‍රදේශයෙදී ත්‍රි රෝද රථයකට ඉස්සර කිරිමට යාමේදි මාර්ගය මාරු වෙමින් සිටි තිදරු පියා ජීප් රථයේ ගැටි ඇති බවයි.

අනතුරින් බරපතල තුවාල ලබා සිටි තිදරු පියා ත්‍රි රෝද රථයක නංවා පුත්තලම මූලික රෝහලට පිටත් කර යැවිමට මන්ත්‍රිවරයා කටයුතු කර තිබු බව පොලිසිය කියයි.

අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගේ සුඛෝපභෝගි ජීප් රථය හා රියදුරා ලෙස කටයුතු කල අයකු නොරෝච්චෝල පොලිසිය විසින් ඊයේ (4දා)  රාත්‍රියෙදිම අත් අඩංගුවට ගත් බව කියයි.

එසේම අනතුර සම්බන්ධයෙන් මන්ත්‍රිවරයාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනිමද පොලිසිය සිදු කර තිබේ.

අනතුරින් මරණයට පත් තැනැත්තාගේ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම අධිකරයෙන් ලබා දුන් නියෝග මත  පුත්තලම මූලික රෝහලේ  අධිකරණ වෛද්‍ය නිළධාරි විසින් අද  (5දා) දින සිදුකිරීමට නියමිතව තිබුනී.

සිද්ධිය සම්බන්ධව නොරෝච්චෝල පොලිස්ථානාධිපති පොලිස් පරික්ෂක එස් .ධර්මකුමාර මහතා ඇතුළු නිළධාරින් කණ්ඩායමක් පරික්ෂණ ආරම්භ කර තිබේ.



Gossip Lanka Hot News Previous News Archive