රිතූට විවාහ වෙන්න අදහසක් නැතිලු - Chat With Actress Rithu Akarsha


ඇය නමින් රිතූ ආකර්ෂා මේ දිනවල ඇයව අපිට දකින්නට ලැබෙන්නේ ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති ලෙසින් වගේම මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා ලෙසින් රිතූගේ අලුත් තොරතුරු ටිකක් දැනගන්න ඇය හා මේ විදිහට දොඩමළු වුණා

● රිතූව මේ දිනවල දකින්න ලැබෙන්නේ?
හිරු ටීවී නාළිකාවේ විකාශනය වෙන මහවිරු පණ්ඩු ටෙලිනාට්‍යයේ ගුම්භකභූතා චරිතයෙන් වගේම ජාතික රූපවාහිනියේ විකාශනය වෙන ඉර හඳ පායන ලෝකයේ ටෙලිනාට්‍යයේ මලිත්ති චරිතයෙන් මේ දිනවල දකින්නට ලැබෙනව.ඒ වගේම තවත් ටෙලිනාට්‍ය තුනක් විකාශනය වීමට නියමිතයි.


මේ චරිතවලට ලැබෙන ප්‍රතිචාර?
ගුම්භකභූතාට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා.ඒ වගේම ඉර හඳ පායන ලෝකයේ මලිත්තිටත් එහෙමයි

● රිතූ නිහඬ ද?
එහෙම දෙයක් නැහැ,මම හිතන්නේ මේ දිනවල ටෙලිනාට්‍ය දෙකක් විකාශනය වෙනවා කියන්නේ ඒක හොඳටම ඇති කියලයි


● ඔබ දායක වෙන්නේ තෝරාගත් නිර්මාණ වලට?
මම කොහොමත් ක්‍ෂේත්‍රයට ආපු දවසේ ඉඳලා වැඩ ගොඩක් භාර ගත්ත චරිතයක් නොමෙයි

 කොහොමත් එක පාර වැඩ දෙක තුනකට වැඩිය කරන්න බැහැ, දින පැටලිලා කරගන්න බැරි වෙනවා” අමාරුයි අනික ඕනෑවට වැඩිය වැඩ බදාගෙන කරන්න ගිහිල්ලා ඒ ලැබෙන චරිතවලට සාධාරණයක් ඉෂ්ට කරන්න බැරි වෙනවා

● වැඩිය මාධ්‍ය ඉදිරියට එන්නේ නැත්තේ?
මම ටෙලිනාට්‍ය හරහා ප්‍රේක්‍ෂකයා අතරට එනවා,ඒ වගේම නිවේදන කටයුතුත් සිදුකරනවා,ඒකේ විශේෂයක් නැහැ.


● රිතූ රඟපාන්න කැමති චරිත?
රඟපාන්න කැමති චරිත කියන්නේ පිටපත අනුව ඒ දේ වෙනස් වෙනවා. මම පිටපත අතට ලැබෙන කොට ඒකේ අදහස තේරුම් ගන්නකොට මේ චරිතය හොඳට කරන්න පුළුවන් කියලා මම හිතනවා, පිටපතක් අතට ලැබිලා ඒක කියවාගෙන යනකොට ඒකේ රහ අපිට දැනෙනවා, විශේෂ චරිත කියලා නැහැ,ක්‍රීඩා චරිතයක් කරන්න ආසයි.

● ක්‍ෂේත්‍රය ගැන මොකද හිතන්නේ?
ඉතාම වාසනාවන්ත රැකියාවක්. මිනිස්සුන්ගේ ආදරය ලැබෙනවා.විවිධ අයත් එක්ක වගේම විවිධ දර්ශන තලවලට යන්න ලැබෙනවා. ඒකාකාරී ජීවිතයෙන් මිදෙන්න පුළුවන් හොඳ ක්‍ෂේත්‍රයක් කියලා හිතනවා. මුදල් හම්බ කිරීමට වඩා මිනිස්සුන්ගේ ආදරය ලැබීම ඉතාම වටිනවා.

● ජනප්‍රියත්වය හිසරදයක් වුණ වෙලාවල් තියෙනවා ද?
ජනප්‍රියත්වය කියන්නේ ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි.මම ජනප්‍රියත්වය බලාගෙන වැඩ කරන කෙනෙකුත් නෙමෙයි. ජනප්‍රියත්වය අද තිබිලා හෙට නැති වෙන්න පුළුවන්. මේ සියල්ලටම වඩා අපි රඟපාන චරිතවලින් මිනිස්සු අතරට ගිහිල්ලා ඔවුන්ගේ ආදරය දිනාගන්න එක තමයි වටින්නේ

● ඔබ සම්මාන බලාගෙන රඟපාන නිළියක් ද?
අනේ මන්දා, ලංකාවේ සම්මාන බලාගෙන වැඩකරන්න බැහැ.මොකද සම්මාන නොලැබුණ හොඳ නිර්මාණ ඕනෑ තරම් තියෙනවා. සම්මාන ලැබෙන වෙලාවට ලැබෙයි. අනික මම සම්මානයක් බලාගෙන වැඩ කිරීමක් කරන්නේ නැහැ.


● ඔබව ඇගයීමට ලක් නොවීම ගැන දුකක් තියෙනවා ද?
එහෙම දුකක් නැහැ. මම ක්‍ෂේත්‍රයට ආපු කාලයේ ජනප්‍රියම නිළියට එක දිගට වසර හතක් නිර්දේශ වුණ අවස්ථා දෙකක දී අවසන් දෙදෙනා අතරටත් ආවා. ඒ දේවල් බලාපොරොත්තු වෙන්නේ නැහැ.

● රිතූගේ වෘත්තිය?
මගේ වෘත්තිය වෙන්නෙ රංගනය

● රංගනයට නිසි වටිනාකමක් නැහැ නේද?
මම හිතන්නේ දැන් රටේ තියෙන තත්ත්වයත් එක්ක මොන රැකියාවක් කළත් ජීවත් වෙන්න අමාරුයි කියලා. මම මගේම කියල පුංචි ව්‍යාපාරයක් ආරම්භ කළා.

● මොකක්ද ඒ ව්‍යාපාරය?
ඒක ඔන්ලයින් ඇඟලුම් ව්‍යාපාරයක්

● ව්‍යාපාරික කාන්තාවක් වෙන්නද සූදානම?
එහෙම නැහැ. මට මිනිස්සු ආදරය කළේ රංගනයෙන් හැම කෙනෙක්ම මාව අඳුරන්නේ රංගනයෙන්, ඒ හින්දා කවදාවත් රංගනය අතහරින්නේ නැහැ.

● කලකිරීම් තියෙනවද?
අනිවාර්යයෙන්ම කලකිරීම් ගොඩක් තියෙනවා. කලකිරීම් නැතිනම් මනුස්ස ජීවිතයක් වෙන්න බැහැනේ දුක” සතුට” අභියෝග කියන මේ හැමදේම අරගෙන තමයි ඉදිරියට ඇවිත් ඉන්නේ.

● රිතූ පෙම්වතියක්ද?
මම ආදරයක් ගැන හිතන්නෙ නැහැ

● විවාහය?
විවාහයත් ඒ වගෙයි. ඇත්තටම කිව්වොත් විවාහ වෙන්න මගේ අදහසක් නැහැ.

මහේෂ් එදිරිසිංහ
ඡායාරූප අන්තර්ජාලය ඇසුරිණි.




Gossip Lanka Hot News Previous News Archive