Galadari Hotel - අරගලය කරදරයක් කියූ ගලදාරි හෝටලය වැඩ වරද්ද ගනී


ගාලු මුවදොර ආසන්නයේ පැවැත්වෙන ගෝඨාගෝගම විරෝධතාව නිසා ඒ ආසන්නයේ පිහිටි ජාත්‍යන්තර සංචාරකයින්ගේ ආකර්ෂණය දිනූ තරු පහේ හෝටල ගණනාවකට මේ කාලයේ යම් යම් අවහිරතා මතුවූ බව රහසක් නොවන්නේය. ෂැංග්‍රිලා,කිංග්ස්බරි,ගෝල්ෆේස් හා ටජ් සමුද්‍ර හෝටල මේ අතර ප්‍රධාන වෙයි.
අරගලය ශ්‍රී ලාංකික ජනතාවගේ සාධාරණ ඉල්ලීමක් ලෙස සලකා මෙම හිරිහැරයන් හා ඒනිසා සිදුවිය හැකි අවාසි සියල්ල විඳ දරාගැනීමට මෙම හෝටල් කටයුතුකර ඇතිඅතර නිහඩ සහයක් ලබාදී ඇත.
ඔවුන් කිසිවිටෙක අරගලකරුවන් නිසා පාර අවහිර වූවා හෝ තම ගනුදෙනුකරුවන්ට කරදරයක් යයි පැමිණිලි කරන්නට ගියේ නැත.
ඔවුන්ද වෙනසක් අපේක්ෂාවෙන් අරගලය වෙනුවෙන් සිය කැපකිරීම් සිදු කරමින් සිටී.
කෙසේ වෙතත් රාජකාරී මට්ටමින් ජනපති ලේකම් කාර්යාලය හා පොලිසිය අරගල භූමිය එතැන පවතිනවාට කැමතිනැත. ඔවුන් හැකි සෑම අවස්ථාවකම අධිකරණයෙන්  ඉල්ලා සිටියේ එය ඉවත් කරන ලෙසටය.

මේ අතරවාරයේ පසුගිය සතියේ ‘ගෝඨාගෝගම‘ එතැනින් ඉවත්කරන්නට ඉල්ලා සිටින කණ්ඩායමේ නම්ගම් අධිකරණ වාර්තාව සමග ප්‍රසිද්ධ විය.
ඒ අය අතර ලෝටස් පාරේ පිහිටි ගලදාරී හෝටලයේ ලොබි කළමනාකරු හා පැරණි ඕලන්ද රෝහල සංකීර්ණයේ පිහිටි ටැප් හවුස් රෙස්ටුරන්ට් නමැති PUB අවන්හලේ කළමනාකරුද සිටින බව හෙළි විය.
සත්‍ය ලෙසම සලකන්නේ නම් අරගල පිරිස නිසා වැඩි බාධා ඇත්තේ මෙම හෝටල් වලට නොවේ.
මොවුන් අරගලකරුවන් එතැනින් ඉවත්කරන්නට සහය ලබාදෙමින් පොලිසිය හා ජනපති ලේකම් කාර්යාලය සමග උසාවි යාම තරුණ කණ්ඩායම් වල නොසතුටට හේතුවී තිබේ.
මේ වනවිට එම හෝටල වලට සංචාරකයින් ගෙන්වා ගන්නා ප්‍රධාන අන්තර්ජාල ඇගයීම් මාධ්‍ය කිහිපයක්ම තරුණ තරුණියන්ගේ අයහපත් ප්‍රතිචාර නිසාඅඩු ලකුණු හිමි කරගෙන තිබේ.
 ට්‍රිප් ඇඩ්වයිසර්, ගූගල් රිවිව්,ෆෙස්බුක් රිවිව් ආදීය තුළද ඔවුන් පහළ ශ්‍රේණිගත කිරීම් වලට හදිසියේ ලක්ව ඇත.

 



Gossip Lanka Hot News Previous News Archive