අන්ධ දරුවන් හතර දෙනකුට ලිංගික අතවර කරපු ගුරුවරු

අනුරාධපුර ආබාධ සහිත දරුවන්ගේ පාසලේ ඉගෙනුම ලබන අර්ධ අන්ධ භාවයෙන් පෙළෙන දැරියන් සිවු දෙනෙකුට ලිංගික අතවර කළ එම පාසලේම ගුරුවරුන් දෙදෙනෙකු මෙම මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අනුරාධපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය අද  නියෝග කළාය.
රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු ගුරුවරුන් දෙදෙනාද අර්ධ අන්ධ භාවයෙන් පෙළෙන්නන්වේ.
වයස අවුරුදු 11, 14 සහ 17 යන වයස්වල පසුවන දැරියන් සිවු දෙනෙකු මෙලෙස අතවරයට ලක්ව තිබේ.
 ගුරුවරුන් දෙදෙනා තමන්ට අතවර කරන බව එම දැරියන් බ්‍රේල් ක‍්‍රමය ඔස්සේ තම පාසලේ පාලක සභාවට දැනුම් දී ඇති බව  අධිකරණයේදී හෙළිවිය.

වෙනත් ගායකයින්ගේ ගීත ගායනා කරන්නේ ආර්ථිකමය වාසියක් බලාගෙනයි, Talk with Shihan Mihiranga


තමන්ට එරෙහි චෝදනාවන්ට ශිහාන් උත්තර බඳී
සිරස සුපර්ස්ටාර්ස් වේදිකාවේ ගී ගැයූ ඔබ එහි පස්වැනි අදියරේ දී විනිශ්චයකරුවෙකු බවට පත්වෙලා. මොකක්ද මේ වෙනස.
සිරස සුපර් ස්ටාර්ස් විනිශ්චය මණ්ඩලයට ඇතුළත් වෙන්න කියලා මට ආරාධනාවක් ලැබුණා. මට බොහොම සතුටුයි ඒ ගැන. මම ආධුනිකයෙක් විදියට ඒ වේදිකාවේ ගායනා ඉදිරිපත් කළා. දැන් ඊට අවුරුදු අටකට පසුව ඒ වැඩසටහනේම විනිශ්චය මණ්ඩලයේ ඉන්න ලැබෙන එක ලොකු ආඩම්බරයක්. සිරස මා ගැන ලොකු විශ්වාසයක් තැබිම ගැන මම ස්තූතිවන්ත වෙනවා. අනෙක් කාරණය තමයි , නිරෝෂා විරාජිනි කියන්නේ මම ගීත ගායනා කරද්දී මාව විනිශ්චය කරපු කෙනෙක්. ඒ නිසා ඒ වගේ ප්‍රවීණයොත් එක්ක එකම තලයක ඉඳගන්න ලැබිමත් ලොකු වාසනාවක් විදියටයි මම සලකන්නේ.

16 හැවිරිදි මිතුරාගේ පිහි පහරින් 15 හැවිරිදි මිතුරා මරු දකී ! Teenager stabbed to death by friend

ඌරුබොක්‌ක, ගින්නලිය, මිරිස්‌වත්ත හන්දිය අසලදී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් එක්‌ මිතුරකු අනෙක්‌ මිතුරාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඌරුබොක්‌ක පොලිසිය පවසයි.
පෙරේදා (12 වැනිදා) සිදු වී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ ඌරුබොක්‌ක, ගින්නලිය, උස්‌වත්ත පදිංචිව සිටි පී. ඉසුරු සම්පත් නමැති 15 හැවිරිදි දරුවෙකි.

පින්කි පිරිමියෙක් ! Pinki Pramanik is male says gender test

තරුණියක දූෂණය කිරීමේ චෝදනාවකට හසුවී ලෝක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ ආන්දෝලනයකට ලක්වූ අන්තර් ජාතික රන් පදක්කම්ලාභී ඉන්දියා මලල ක්‍රීඩිකාවක් වන පින්කි ප්‍රමානික් පිරිමියකු බව වෛද්‍ය පරික්ෂණ මගින් තහවුරු වීමෙන් පසුව ඔහුට විරුද්ධව නඩු පැවරීමට එරට පොලිසිය පියවර ගත්තේය.

පසුගිය ජූනි මාසයේ දී පොලිසිය විසින් අත් අඩංගුවට ගත් පින්කි පසුව වෛද්‍ය පරික්ෂණයට යොමුකෙරුණු අතර එහි වාර්තාව දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කළ බව ඒ සඳහා පත්කළ විශේෂ වෛද්‍ය කමිටුව සඳහන් කළේය.

මහකනදරාවේ අන්ධයාට වෙඩි තබා මරා දළ කපාගෙන යති

දීග ජන්තුටත්' වෙඩි වැදී අසාධ්‍යයි
'මහකනදරාවේ අන්ධයා' නමින් ප්‍රකටව සිටි දළ ඇතා මීට දින හතරකට පෙර වෙඩි තබා ඝාතනය කර දළ දෙක කපාගෙන ගොස්‌ ඇති බව වනජීවි නිලධාරීහු ප්‍රකාශ කරති.

”අන්ධයා” මැරූ ඔත්තුවට දෙලක්ෂයක් තෑගි
  මැදවච්චිය ඇටඹගන්කඩ හා කුඩාවැව සැරිසැරූ මහකනදරාවේ අන්ධ ඇතා වෙඩි තබා මරා දැමූවන් ගැන තොරතුරු දෙන අයට වනජීවී භාරකාර අමුදලින් රුපියල් දෙලක්ෂයක තෑග්ගක් දීමට තීරණය කරයි. ඇතාගේ දළ දෙකද කපාගෙන ගොස් ඇත.

United Nation "failed Sri Lanka civilians"



ශ්‍රී ලංකාවේ සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට 'එක්සත් ජාතීන් අපොහොසත් වුනා'
ශ්‍රී ලංකාවේ යුද්ධයේ අවසාන භාගයේදී සාමාන්‍ය වැසියන් ආරක්ෂා කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපොහොසත් වූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාවක් කියයි
 මූලාශ‍්‍ර – BBC NEWS

උගන්ඩාවට ශ්‍රි ලංකාවේ වෘත්තීය පුහුණුව , Sri lanka Support to Uganda

උගන්ඩාවේ වෘත්තීය පුහුණු ක්ෂේත්‍රය ප්‍රවර්ධනය සදහා ශ්‍රි ලංකාවේ සහාය ලබාදීමට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කැමැත්ත පළ කර තිබේ.

අද පෙරවරුවේ ජනාධිපතිතුමා හමු වු අවස්ථාවේදී උගන්ඩා ජනාධිපති යුවේරි කගුටා මුසෙවේනි මහතා ඒ පිළිබද ඉල්ලීම කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේ ය.

Karu jayasuriya speaks about dictatorship,ඒකාධිපති රටවල බන්ධනාගාර පාලනය වෙන්නේ ආරක්ෂක අමාත්‍යංශය යටතේ

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි කරූ ජයසුරිය මහතා අද පෙරවරුවේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබුණි.

ඒ බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් ඉංග්‍රිසි පුවත්පතක පළ වු ප්‍රවෘත්ති වාර්තාවක් සම්බන්ධයෙන් අදහස් පළ කිරීම සදහා ය.

Gossip Lanka Hot News Previous News Archive