Fun call to 119 ට ජොලියට කෝල් කරලා

වරදකරුට දඩ හා අත්හිටවු සිරදඬුවම්

පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) බොරු පැමිණිල්ලක් කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 1500 ක දඩ මුදලක් හා මාස 06 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය පෙරේදා (15) නියම කළාය.

Resident Evil: Retribution (2012)




Genre: Action , Horror , Thriller , Sci-Fi
Release: 14 September 2012


සුනඛ ගහණය ශීඝ්‍රයෙන් ඉහළට, Dog Population has increased



කොළඹට දෙවැනි මහ නගරය වන දකුණු කොළඹ ප්‍රදේශයට අයත් දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා සීමාවේ සුනඛ ගහණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවැතීම නිසා ජල භීතිකා රෝග වසංගතය පැතිර යෑමේ දැඩි අවධානමක් පවතින බැව් සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී.
සුනඛ ගහනය වර්ධනය දෙස සාපේක්‍ෂව බලන විට මේ වන විට තිස්හය දහස දක්වා උත්සන්න වී තිබේ.
මීට වසර දොළහකට පෙර එනම් වසර 2000 දී පමණ ප්‍රදේශය පුරා වාසය කර ඇත්තේ සුනඛයන් දස දහසකටත් අඩු ප්‍රමාණයක් බව සංගණන වාර්තා හෙළිදරව් කර සිටිය ද එය මේ වන විට 26,000කින් වැඩිවී ඇති බවට සත්ව අවිහිංසාවාදී සංවිධානයක් මෑතක දී කරන ලද සමීක්ෂණයක හෙළිදරව් වී තිබේ.

Flood Situation in Matara,මාතරට ගං වතුර තත්ත්වයක්

අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ පවුල් රැසක් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, නිවාස කිහිපයකට ද හානි වී ඇති බවය.
මාතර ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වි තිබේ.

CUSTOMS SEIZES 8 CONTAINER LOADS OF ‘PAN PARAG ’කෝටි 50ක මත් පුවක්

පාසල් සිසුන්, තරුණයින් වැනි පිරිස් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා ගෙන්වනු ලැබු “පාම්පරක්” යනුවෙන් හඳුන්වන මත් පුවක් අඩංගු කන්ටේනර් 08 අද (16) රේගුව විසින් පරික්ෂාවට ලක් කරන ලදී. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම පුවක් කන්ටේනර් 08 රේගුව විසින් ඊයේ භාරයට ගනු ලැබුවේය. මෙම පුවක් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50ට අධික බව රේගු අධිකාරි ප්‍රියන්ත සපරමාදු මහතා පවසයි.

තුන් ඉරියව් ශූරයන් අතර Angelo Mathews 5 වැනි ස්ථානය


ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමගම එක්දින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස් සමත්ව සිටියි.
මේ වන විට ලකුණු 325ක් ලබා සිටින මැතිව්ස්ට ඉහළින් සිවුවැනි ස්ථානය ලකුණු 326ක් ලබා සිටින පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩිට හිමිවී තිබේ.

රතු වැස්සේ ජීවි කොටස් ? Red rain in Sri Lanka

පොළොන්නරුව, මනම්පිටිය, පදියතලාව හා සෙවණගල ප්‍රදේශවලට ඇද හැලුණු රතු වැස්ස පිළිබඳව කොළඹ වෛද්‍ය පර්යේෂණාගාරය පැවැත් වූ ජල සාම්පල පරික්ෂණවලට අනුව එම වතුරේ ජීව ක්‍රියාවලියක් තිබෙන බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටී. එම ජීව කොටස් බොහෝවිට ඇල්ගීකාර දිලීර විය හැකි බවට සැක මතුව ඇතැයි වෛද්‍ය පර්යේෂනාගාරයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරල් සමරනායක මහතා සඳහන් කරයි.

සපුගස්කන්දේ ගෑස් කාන්දුවක් - 2ක් මරුට 7 රෝහලේ, Two dead, 7 hospitalized after gas leak at Sapugaskanda

සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සිදුවු ගෑස් කාන්දුවීමක් හේතුවෙන් එහි සේවකයින් 2 දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු රෝහල්ගත කර තිබේ.

එම ගෑස් වායුව විෂ වීම නිසා මෙලෙස සේවකයින් දෙදෙනෙකු මියගොස් තවත් 7 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

Gossip Lanka Hot News Previous News Archive