ඇමති ඩලස් ගේ "gangnam style" නැටුම

20-20 ලෝක කුසලානයේදී ක්‍රිස් ගේල්ගේ නැටුම සමග ලංකාවේ කරළියට පැමිණි කොරියානු ජාතික සයි ඉදිරිපත් කළ ගංග්නම් ශෛලියේ නර්තනය දැන් ලංකාවේත් විවිධ තැන් වල කථාබහට ලක්වෙනවා.

සිංහරාජය සොරකම් කරන්න රුසියාවෙන් බැහැලා

ශ්‍රී ලංකාවට ආවේනික ඕකීඩ් පැළ වර්ග සිංහරාජ වනාන්තරයෙන් හොරෙන් එකතු කරමින් සිටි රුසියානු ජාතික යුවළක් ඊයේ (15) දහවල් කලවාන අඩවි වන කාර්‍යාලයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.පසුව ඔවුන් නැවතී සිටි සිංහරාජය අසල පෞද්ගලික සංචාරක නිකේතනය පරීක්ෂා කිරීමේ දී සිංහරාජ වනාන්ත්රය ද ඇතුළුව ලංකාවේ විවිධ ස්ථානවලින් එක්රැස් කළ ඕකීඩ් පැළ වර්ග සියයකට අධික ප්‍රමාණයක් හමු වී ඇත.

වැලිගෙපොළ ප්‍රාථමිකයටත් මැක්කෝ පනී

 ළමුන් 90ක් රෝහල්ගත කරයි
වැලිගෙපොළ , වළගම්බා මහා විදුහලේ ප්‍රාථමික අංශයේ ඉගෙනුම ලබන ළමුන් 90ක් පමණ අද (16) උදේ හටගත් රෝගී තත්ත්වයක් හේතුවෙන් වැලිගෙපොළ රජයේ රෝහලට ඇතුළත් කරනු ලැබූහ. මෙම ළමුන් අද උදේ ක්‍රිඩා පිටියේ සෙල්ලම් කරමින් සිටියදී කීප දෙනෙක් පැමිණ ගුරුවරුන්ට පවසා ඇත්තේ තමන්‍ගේ ඇඟ කසන බවත්, ක්ලාන්ත ගතියක් පවතින බවත්ය.

Y.M.C.A. කාය වර්ධන ශූරතාවලිය අද

වාර්ෂික Y.M.C.A. කාය වර්ධන ශූරතාවලිය අද (16) 5.30ට කොළඹ කොටුව Y.M.C.A. කාය වර්ධන මධ්‍යස්ථානයේ දී පැවැත්වේ.

මෙම තරගාවලිය බර පන්ති 06ක් යටතේ පැවැත්වෙනු ඇත.

Y.M.C.A. සභාපති ලාල් එන්. විතානගේ මහතා ප‍්‍රධාන අමුත්තා ලෙසත් ඇනස්ලි ගෝමස් මහතා විශේෂ ආරාධිත අමුත්තා ලෙසත් උත්සවයට සහභාගී වීමට නියමිතය.

සංගීතයෙන් උත්කර්ශවත් වන මෙම වර්ණවත් සැඳෑවට සියලූදෙනා හට නොමිලේ සහභාගී වීමට හැක.

රුසියාවේ නාසි ප‍්‍රචාරණය තහනම් කෙරේ,Nazi propaganda to be banned in Russia

රුසියානු උත්තර මන්ත‍්‍රී වරු නාසි අපරාධ ඉස්මතු කිරීම නාසා හෝ එවැනි ආකාරයේ සංකේත භාවිතය තහනම් කරන පනතක් කෙටුම්පත් කරමින් සිටිති. නීතිය උල්ලංඝනය කරන්නන්ට රූබල් 300000 (ඩොලර් 9500) ක දඩයක්, වසර දෙක දක්වා සිර දඬුවම් හෝ අනිවාර්ය කම්කරු වෘත්තියේ යෙදවීම ආදී දඬුවම් නියම කෙරේ.  ISVESTIA  දිනපතා පුවත්පත අනුව මෙය වසර අවසානයේ ඩූමා වෙත ඉදිරිපත් කරනු ඇත.

boycott Sri Lanka summit - David Cameron ශී‍්‍ර ලංකාවට පැමිණීම වර්ජනය කරනු


ශී‍්‍ර ලංකාවේදී පැවැත්වීමට නියමිත 2013 පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුව වර්ජනය කරමින්, මෙරටදී සිදුවී ඇතැයි කියන මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් සිය විරෝධය දක්වන ලෙස බි‍්‍රතාන්‍ය අග‍්‍රාමත්‍ය ඬේවිඞ් කැමරන් විසින් පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්ට දන්වා ඇති බව බී. බී. සී. ය. වාර්තා කරයි.

බඩදරු අම්මලා අත ගෑ මේසන් වෙදා දැලේ

ප්‍රසව හා නාරීවේදි වෛද්‍යවරයකු ලෙස පෙනී සිටි පෙදෙරේරුවකු බානගල දී පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

ගම්මානවලට ගොස් ගැබිණි කාන්තාවන් පරික්ෂාකරන මුවාවෙන් ඔවුන්ගේ ශරීර අතපත ගෑමට සැකකරු මෙම රගපෑම කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී හෙලිවී ඇත.
සැකකරු සතුව තිබූ වෛද්‍ය උපකරණ ද ඖෂධ ද පොලිස් බාරයට ගෙන තිබේ.

ෆොන්සේකා මුල මතක නැති ගුණමකුවෙක් – Arjuna, Tiran

 ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයේ මහ ලේකම් ධූරයෙන් ඉවත්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ටිරාන් අලස් හා අර්ජුන රණතුංග ලිපි දෙකක් එම පක්ෂයේ නායක සරත් ෆොන්සේකා වෙත යවා තිබෙන අතර ඒ මගින් ෆොන්සේකාගේ ක‍්‍රියා කලාපය විවේචනයට ලක් කර තිබේ.

තමන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයෙන් ඉවත් වුවත් මැතිවරණයට ඉදිරිපත්වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය තුළ තවදුරටත් රැදී සිටිමින් කටයුතු කරන බවද ඔවුන් සදහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive