ටියුනීසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා බොක්සිං ශූරතාවයේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය.
කිලෝග්‍රෑම් 54 බර පන්තියෙන් තරග වඳිමින් ඇය මෙම පදක්කම දිනා ගත්තේය.
අවසන් තරගයේදී අනූෂා ප්‍රතිවාදී ක්‍රීඩිකාව පූර්ණ පරාජයකට ලක්කිරීම ද (නොකඅවුට්) විශේෂත්වයකි.
Aishwarya Rai's daughter Aaradhya's birthday! Photos
බොලිවුඩ් නිලි රැජින අයිශ්චර්යා රායිගේ දියණිය ආරාධ්‍යා ඊයේ ඇගේ පළමු උපන් දිනය සැමරුවා. ආරාධ්‍යාගේ උපන් දිනයට සීයා අමිතාබ්ගෙන් ලැබුණු තෑග්ග බී.එම්.ඩබ්ලියු මිනි කුපර් කාර් එකක්ලු. වාහන ගැන අවබෝධයක් නැති මේ සිඟිත්තිය සීයා උපන් දින සාදයට ගියේ ඒ කාර් එකෙන්ලු.
Fun call to 119 ට ජොලියට කෝල් කරලා
වරදකරුට දඩ හා අත්හිටවු සිරදඬුවම්
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) බොරු පැමිණිල්ලක් කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 1500 ක දඩ මුදලක් හා මාස 06 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය පෙරේදා (15) නියම කළාය.
පොලිස් හදිසි ඇමතුම් ඒකකයට (119) බොරු පැමිණිල්ලක් කළ බවට අධිකරණය හමුවේ වරද පිළිගත් පුද්ගලයකුට රුපියල් 1500 ක දඩ මුදලක් හා මාස 06 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු රුවන්දිකා මාරපන මහත්මිය පෙරේදා (15) නියම කළාය.
සුනඛ ගහණය ශීඝ්‍රයෙන් ඉහළට, Dog Population has increased

කොළඹට දෙවැනි මහ නගරය වන දකුණු කොළඹ ප්‍රදේශයට අයත් දෙහිවල – ගල්කිස්ස මහ නගර සභා සීමාවේ සුනඛ ගහණය ඉතා ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පැවැතීම නිසා ජල භීතිකා රෝග වසංගතය පැතිර යෑමේ දැඩි අවධානමක් පවතින බැව් සෞඛ්‍ය අංශ අනාවරණය කර සිටී.
සුනඛ ගහනය වර්ධනය දෙස සාපේක්ෂව බලන විට මේ වන විට තිස්හය දහස දක්වා උත්සන්න වී තිබේ.
මීට වසර දොළහකට පෙර එනම් වසර 2000 දී පමණ ප්‍රදේශය පුරා වාසය කර ඇත්තේ සුනඛයන් දස දහසකටත් අඩු ප්‍රමාණයක් බව සංගණන වාර්තා හෙළිදරව් කර සිටිය ද එය මේ වන විට 26,000කින් වැඩිවී ඇති බවට සත්ව අවිහිංසාවාදී සංවිධානයක් මෑතක දී කරන ලද සමීක්ෂණයක හෙළිදරව් වී තිබේ.
Flood Situation in Matara,මාතරට ගං වතුර තත්ත්වයක්
අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමඟ පවුල් රැසක් පීඩාවට පත්ව සිටී.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, නිවාස කිහිපයකට ද හානි වී ඇති බවය.
මාතර ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වි තිබේ.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථායේ සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසූවේ, නිවාස කිහිපයකට ද හානි වී ඇති බවය.
මාතර ප්‍රදේශයට ඇද හැලුණු අධික වැසි සමඟ නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් ප්‍රදේශ රැසක් ජලයෙන් යට වි තිබේ.
CUSTOMS SEIZES 8 CONTAINER LOADS OF ‘PAN PARAG ’කෝටි 50ක මත් පුවක්
පාසල් සිසුන්, තරුණයින් වැනි පිරිස් ඉලක්ක කර අලෙවි කිරීම සඳහා ගෙන්වනු ලැබු “පාම්පරක්” යනුවෙන් හඳුන්වන මත් පුවක් අඩංගු කන්ටේනර් 08 අද (16) රේගුව විසින් පරික්ෂාවට ලක් කරන ලදී. ඉන්දියාවේ සිට මෙරටට ගෙන්වා ඇති මෙම පුවක් කන්ටේනර් 08 රේගුව විසින් ඊයේ භාරයට ගනු ලැබුවේය. මෙම පුවක් තොගයේ වටිනාකම රුපියල් කෝටි 50ට අධික බව රේගු අධිකාරි ප්‍රියන්ත සපරමාදු මහතා පවසයි.
තුන් ඉරියව් ශූරයන් අතර Angelo Mathews 5 වැනි ස්ථානය
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසානයත් සමගම එක්දින තුන් ඉරියව්වෙන්ම කැපී පෙනෙන ක්‍රීඩක ලැයිස්තුවේ 5 වැනි ස්ථානයට පැමිණීමට ශ්‍රී ලංකා උපනායක ඇන්ජලෝ මැතිව්ස් සමත්ව සිටියි.
මේ වන විට ලකුණු 325ක් ලබා සිටින මැතිව්ස්ට ඉහළින් සිවුවැනි ස්ථානය ලකුණු 326ක් ලබා සිටින පාකිස්තානයේ ෂහිඩ් අෆ්රිඩිට හිමිවී තිබේ.





