ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී. ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.
චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.
මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT) සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.







