සයිබීරියාවේ තැනෙක කිලෝමීටර් කිහිපයක් ගැඹුරට සිදුරක් කණිමින් සිටි පර්යේෂකයන් පිරිසකට අපායේ හඬ අසන්නට ලැබුණ බව පසුගියදා දවසක අප ඔබට වාර්තා කළා. ඒ හඬ ඇසුණේ භූ ගර්භයේ අභ්‍යන්තර ශබ්ද පටිගත කිරීම සඳහා එම සිදුර දිගේ කිලෝමීටර් කිහිපයක් යටට යවන ලද ටේප් රෙකෝඩරයක් ආපසු ගොඩගෙන ප්‍රතිවාදනය කළ විටයි. මාරාත්මක විලාප සහ කඨෝර ශබ්ද එහි පටිගත වී තිබුණා. පොළව යටින් මාරාත්මක විලාප නැඟේනම් ඒ අපායෙන්ම විය හැකි බවයි පර්යේෂකයන්ගේ මතය වුණේ.
සිංහලයා වඳ කිරීමේ කුමන්ත්‍රණය බොදු බල සේනා හෙළි කරයි
පවත්වන ලද ජන සංගණන වාර්තාවන්ගේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඒ තුළ දැකිය හැකි මූලිකම හා බරපතලම කරුණක් වූයේ මෙරට ස්වදේශිකයන් වන සිංහල ජනගහණය පහළ බැස තිබීමත්, ඇතැම් සුළු ජාතීන්ගේ වර්ධන වේගය ඉහළ අගයක් පෙන්නුම් කර තිබීමත්ය. “සිංහල” ජාතියට ඇති එකම භූමිය ලංකාව වන නිසාවෙන් මේ අවදානම කෙරෙහි බොහෝ දෙනෙකුගේ තියුණු අවධානය යොමු විය.
Egypt bus crash kills 47 children, ඊජිප්තුවේ බස් - දුම්රිය ගැටුමෙන් ළමයින් 47 දෙනෙකු මරුට.
මධ්‍යම ඊජිප්තුවේ ඇසියුට් ප‍්‍රාන්තයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් ගත් ළමයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (17) උදෑසන අනතුරට ලක්වී ඇත්තේ ළදරු පාසල් ළමයින් රැගත් බස් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ එහි ළමයින් 50 දෙනෙකු පමණ ගමන්ගෙන ඇති අතර ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු 4ත්, 6ත් අතර අයයි.
“ලංකාවේ එහෙම වෙන්නේ ඇයි”ගීතය නිසා සුනිල් පෙරේරා මහතාට වෙචිචදෙයක්
ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.
ගැටුමට හේතු වී ඇත්තේ සුනිල් පෙරේරා විසින් ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කිරීමයි.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.
දිවයින වටේම ඇති ඛනිජ තෙල් වෙන්දේසි කිරීමටයි
ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන මෙරට මුහුදේ ඛනිජ තෙල් ඇතැයි හඳුනාගත් බිම් කඩවල් වෙන්දේසි කිරීමේදී එවැනි බිම් කඩවල් දහයකට පමණ ලංසු කැඳවීමට යනබව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මේ බව සඳහන් කළ අතර මෙහිදී දිවයින වටේම ඛනිජ තෙල් ඇතැයි හඳුනාගෙන තිබෙන බිම් කඩවල් මෙම ලංසු කැඳවීමට ඇතුළත් කර තිබේ.
වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම ලංසු ලබාගැනීමේ කාලය ලබන මාසයේ සිට 2012 අප්‍රේල්-මැයි දක්වා විවෘතව තැබීමේ සූදානමක් තිබෙන බවයි.
කොටුවේ කැසිකිළියට ගිය තරුණියට අතවර කරයි
කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ කැසිකිළියට ගිය තරුණියකට කිසියම් දියරයක් තැවැරූ ලේන්සුවක් මුහුණට අල්ලා සිහිසුන්කර පැහැරගෙන ගොස් අතවරයක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පිටකොටුව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දී ඇත
.
සිද්ධියට අදාළව සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව කියා සිටි පොලිසිය තරුණිය ළඟ තිබූ රුපියල් 35,000 ක් පමණ වටිනා දේපල සහ මුදල් එම සැකකරු පැහැරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.
අනූෂාට බොක්සිං රන් පදක්කමක්
ටියුනීසියාවේ පැවැත්වෙන ජාත්‍යන්තර කාන්තා බොක්සිං ශූරතාවයේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ශ‍්‍රී ලංකාවේ අනූෂා කොඩිතුවක්කු සමත් වූවාය.
කිලෝග‍්‍රෑම් 54 බර පන්තියෙන් තරග වඳිමින් ඇය මෙම පදක්කම දිනා ගත්තේය.
අවසන් තරගයේදී අනූෂා ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව පූර්ණ පරාජයකට ලක්කිරීම ද (නොකඅවුට්) විශේෂත්වයකි.
කිලෝග‍්‍රෑම් 54 බර පන්තියෙන් තරග වඳිමින් ඇය මෙම පදක්කම දිනා ගත්තේය.
අවසන් තරගයේදී අනූෂා ප‍්‍රතිවාදී ක‍්‍රීඩිකාව පූර්ණ පරාජයකට ලක්කිරීම ද (නොකඅවුට්) විශේෂත්වයකි.
Aishwarya Rai's daughter Aaradhya's birthday! Photos
බොලිවුඩ් නිලි රැජින අයිශ්චර්යා රායිගේ දියණිය ආරාධ්‍යා ඊයේ ඇගේ පළමු උපන් දිනය සැමරුවා. ආරාධ්‍යාගේ උපන් දිනයට සීයා අමිතාබ්ගෙන් ලැබුණු තෑග්ග බී.එම්.ඩබ්ලියු මිනි කුපර් කාර් එකක්ලු. වාහන ගැන අවබෝධයක් නැති මේ සිඟිත්තිය සීයා උපන් දින සාදයට ගියේ ඒ කාර් එකෙන්ලු.







