ශ්‍රී ලංකාවේ ප්‍රථමචන්ද්‍රිකාව නොවැම්බර් මස අභ්‍යවකාශ ගත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී. ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.
චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.
මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT)  සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.

ජනපති මහින්ද රාජපක්ෂගේ 67 වන ජන්ම දිනය අදයි 67th Birth Day Of Mr Mahinda Rajapaksha

1945 වසරේ මාතර පාලටුවේ දී උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය කථානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වෙයි.

ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරූ මහින්ද රාජපක්ෂ තරුණයා, පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වුයේ 1970 මහ මැතිවරණයේදීය. ඒ එවකට පාර්ලිමේන්තුවට පිවිසි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසනි.

අනතුරුව 1994 වසරේදී පිහිටුවනු ලබන පොදුජන එක්සත් පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඔහු පත් කෙරුණි.

එසේම 2002 - 2004 කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුයේ 2004 වසරේදීය.

අපායේ හඬ සහ අපායේ වතුර ?

සයිබීරියාවේ තැනෙක කිලෝමීටර් කිහිපයක්‌ ගැඹුරට සිදුරක්‌ කණිමින් සිටි පර්යේෂකයන් පිරිසකට අපායේ හඬ අසන්නට ලැබුණ බව පසුගියදා දවසක අප ඔබට වාර්තා කළා. ඒ හඬ ඇසුණේ භූ ගර්භයේ අභ්‍යන්තර ශබ්ද පටිගත කිරීම සඳහා එම සිදුර දිගේ කිලෝමීටර් කිහිපයක්‌ යටට යවන ලද ටේප් රෙකෝඩරයක්‌ ආපසු ගොඩගෙන ප්‍රතිවාදනය කළ විටයි. මාරාත්මක විලාප සහ කඨෝර ශබ්ද එහි පටිගත වී තිබුණා. පොළව යටින් මාරාත්මක විලාප නැඟේනම් ඒ අපායෙන්ම විය හැකි බවයි පර්යේෂකයන්ගේ මතය වුණේ.

සිංහලයා වඳ කිරීමේ කුමන්ත්‍රණය බොදු බල සේනා හෙළි කරයි



පවත්වන ලද ජන සංගණන වාර්තාවන්ගේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් ඒ තුළ දැකිය හැකි මූලිකම හා බරපතලම කරුණක් වූයේ මෙරට ස්වදේශිකයන් වන සිංහල ජනගහණය පහළ බැස තිබීමත්, ඇතැම් සුළු ජාතීන්ගේ වර්ධන වේගය ඉහළ අගයක් පෙන්නුම් කර තිබීමත්ය. “සිංහල” ජාතියට ඇති එකම භූමිය ලංකාව වන නිසාවෙන් මේ අවදානම කෙරෙහි බොහෝ දෙනෙකුගේ තියුණු අවධානය යොමු විය.

Egypt bus crash kills 47 children, ඊජිප්තුවේ බස් - දුම්රිය ගැටුමෙන් ළමයින් 47 දෙනෙකු මරුට.

මධ්‍යම ඊජිප්තුවේ ඇසියුට් ප‍්‍රාන්තයේ බස් රථයක් දුම්රියක ගැටීමෙන් එහි ගමන් ගත් ළමයින් 47 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද (17) උදෑසන අනතුරට ලක්වී ඇත්තේ ළදරු පාසල් ළමයින් රැගත් බස් රථයක්. අනතුර සිදුවන අවස්ථාවේ එහි ළමයින් 50 දෙනෙකු පමණ ගමන්ගෙන ඇති අතර ඔවුන් සියලූ දෙනා වයස අවුරුදු 4ත්, 6ත් අතර අයයි.

“ලංකාවේ එහෙම වෙන්නේ ඇයි”ගීතය නිසා සුනිල් පෙරේරා මහතාට වෙචිචදෙයක්

ජනප්‍රිය ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතා සමග පාර්ලිමේන්තු මන්ත්‍රි වී.කේ ඉන්දික මහතා ගැටුමක් ඇතිකරගෙන තිබේ.
ගැටුමට හේතු වී ඇත්තේ සුනිල් පෙරේරා විසින් ජනාධිපතිතුමාට අපහාස වන පරිදි ප්‍රසිද්ධ වේදිකාවක ගීතයක් ගායනා කිරීමයි.
ගාල්ල, රිච්මන්ඩ් විද්‍යාලයේ ආදි ශිෂ්‍ය එකමුතුව මගින් සංවිධානය කරන ලද උත්සවයකදී “ලංකාවේ එහෙම වෙන්නේ ඇයි” ගීතය ගායනා කිරීමෙන් පසු මන්ත්‍රිවරයා සුනිල් පෙරේරා මහතාට පහර දීමට උත්සාහ කරමින් පවසා ඇත්තේ තම නායකයාට අපහාස කිරීමට ඉඩදිය නොහැකි බවයි.

දිවයින වටේම ඇති ඛනිජ තෙල් වෙන්දේසි කිරීමටයි

ලබන මස මුලදී ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙන මෙරට මුහුදේ ඛනිජ තෙල් ඇතැයි හඳුනාගත් බිම් කඩවල් වෙන්දේසි කිරීමේදී එවැනි බිම් කඩවල් දහයකට පමණ ලංසු කැඳවීමට යනබව අනාවරණය වේ.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය මේ බව සඳහන් කළ අතර මෙහිදී දිවයින වටේම ඛනිජ තෙල් ඇතැයි හඳුනාගෙන තිබෙන බිම් කඩවල් මෙම ලංසු කැඳවීමට ඇතුළත් කර තිබේ.
වික්‍රමසූරිය මහතා පැවසුවේ මෙම ලංසු ලබාගැනීමේ කාලය ලබන මාසයේ සිට 2012 අප්‍රේල්-මැයි දක්වා විවෘතව තැබීමේ සූදානමක් තිබෙන බවයි.

කොටුවේ කැසිකිළියට ගිය තරුණියට අතවර කරයි

කොළඹ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළේ කැසිකිළියට ගිය තරුණියකට කිසියම් දියරයක් තැවැරූ ලේන්සුවක් මුහුණට අල්ලා සිහිසුන්කර පැහැරගෙන ගොස් අතවරයක් කරන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව පිටකොටුව පොලිසිය කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා වෙත දැනුම් දී ඇත
.
සිද්ධියට අදාළව සැකකරු මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකි වූ බව කියා සිටි පොලිසිය තරුණිය ළඟ තිබූ රුපියල් 35,000 ක් පමණ වටිනා දේපල සහ මුදල් එම සැකකරු පැහැරගෙන ඇතැයි ද සඳහන් කර තිබේ.

Gossip Lanka Hot News Previous News Archive