දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපු දූපතක සිර කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපුව ප්‍රදේශයේ මුහුදෙන් වට වූ දූපතක පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යෑමට පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කොට තිබේ. ඒ අනුව එම සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරදඬුවම් විඳින සිරකරුවන්ද ඇතුළු දහසක් පමණ ප්‍රථම පියවර වශයෙන් එම දූපතට ගෙනයෑමට සැලැසුම් කර ඇත.

මව් පදවිය ලැබූ ඕෂධී සමග කතාබහක්, Chat With OShadi hemawadu

අපි දෙන්නම බලාපොරොත්තු වුණේ පුතෙක් අපේ පැතුම ඉටුවුණා!

 ජනප්‍රිය නිළි ඕෂධී හේවා මද්දුම පිළිබඳ සුබම සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. ඒ ආරංචිය ඇගේ රංගන ජීවිතය හා සම්බන්ධ එකක් නමෛයි. පුද්ගලික ජීවිතය පිළිබඳ ආරංචියක්. ඕෂධීට මව් පදවිය නම් ඉහළම සම්මානය හිමි වූ බව තමයි ඒ සුබාරංචිය. ගෙදරට ආපු අලුත් අමුත්තා ගැන සතුට උතුරා යන මොහොතක සිටින ඕෂධීව රිද්ම කතාබහට එකතු කරගන්න අපි හිතුවේ ඇයට ආදරය කරපු රසික හිතවතුන් වෙනුවෙන්මයි. විවේක සුවයෙන් ඉන්න මොහොතක වුණත් ඕෂධී සුපුරුදු සුහදශීලී බවින් අපේ කතා බහට එකතු වුණා.

ශ්‍රී ලංකාව 247යි - මහේල 91 යි, New Zealand vs. Sri Lanka, 1st Test

නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 221ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව ඔවුන් නවසීලන්තයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටියි.

ඊයේ (17) තරගය නිමවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4ක් අද (18) තරගය ආරම්භ කළ අවස්ථාවේදී බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.

O.I. C මහ මඟ වෙඩි තබා මරා දමයි, Police Training School OIC shot dead

රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍ර‍සෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.

ඇලපාත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

The Twilight Saga: Breaking Dawn - Part 2 (2012)


Genre: Fantasy , Drama , Romance , Adventure
Release: 14 November 2012
Length: 115 min

Rise of the Planet of the Apes (2011)

Genre: Action , Thriller , Drama , Sci-Fi
Release: 5 August 2011






ශ්‍රී ලංකාවේ ප්‍රථමචන්ද්‍රිකාව නොවැම්බර් මස අභ්‍යවකාශ ගත කෙරේ

ශ්‍රී ලංකාවේ ප්‍රථම පණිවිඩ හුවමාරු චන්ද්‍රිකාව නොවැම්බර් මස 22 වැනිදා චීනයේ ෂී චෑන්ග් චන්ද්‍රිකා නිකුතු මධ්‍යස්ථානයෙන් අභ්‍යවකාශ ගත කිරීමට නියමිතව පවතී. ශ්‍රී ලංකා‍ වේලාවෙන් රාත්‍රී 9.30 ට ගුවන්ගත කෙරෙන මෙය එම වේලාවෙන් විනාඩි 7 කට පසු දිවයිනට ඉහළින් අභ්‍යවකාශයේ ස්ථානගත වන්නට නියමිතව ඇත.
චන්ද්‍රිකා තාක්ෂණයේ පියා දිවංගත ශ්‍රී ලාංකික විද්‍යාඥ ශ්‍රීමත් ආතර් සී. ක්ලාක් මහතා ලොවට හදුන්වා දුන් චන්ද්‍රිකා තාක්ෂණය ජයගැනීමට ශ්‍රී ලංකාවටත් හැකිවීම සැබවින්ම ආශ්චර්යමත් දෙයකි.
මෙය ඇ.ඩො. මිලියන 320 ක ව්‍යාපෘතියක් වන අතර සුප්‍රීම්සැට් ( SupremeSAT)  සමාගම චීන රජයට අයත් චයිනා ගේට් වෝල් ඉන්ඩස්ට්‍රී කෝපරේෂන් හා එක්ව මෙම චන්ද්‍රිකාව නිෂ්පාදනය කර ඇත. එමෙන්ම මෙම ව්‍යාපෘතිය පසුපස සිටිමින් තම සිහිනය ජයගැනීමට වෙරදරන නියමුවා වන්නේ අභ්‍යවකාශ ඉංජිනේරුවකු වන රෝහිත රාජපක්ෂ මහතායි.

ජනපති මහින්ද රාජපක්ෂගේ 67 වන ජන්ම දිනය අදයි 67th Birth Day Of Mr Mahinda Rajapaksha

1945 වසරේ මාතර පාලටුවේ දී උපන් පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ මහතා, හිටපු නියෝජ්‍ය කථානායකවරයකු වූ ඩී.ඒ. රාජපක්ෂ මහතාගේ පුත්‍රයකු වෙයි.

ගාල්ල රිච්මන්ඩ්, කොළඹ නාලන්දා සහ තර්ස්ටන් යන විදුහල්වලින් අධ්‍යාපනය හැදෑරූ මහින්ද රාජපක්ෂ තරුණයා, පාර්ලිමේන්තුවට පළමු වරට තේරී පත්වුයේ 1970 මහ මැතිවරණයේදීය. ඒ එවකට පාර්ලිමේන්තුවට පිවිසි ලාබාලතම මන්ත්‍රීවරයා ලෙසනි.

අනතුරුව 1994 වසරේදී පිහිටුවනු ලබන පොදුජන එක්සත් පෙරමුණු රජයේ කැබිනට් අමාත්‍යවරයකු ලෙස ඔහු පත් කෙරුණි.

එසේම 2002 - 2004 කාල සීමාවේදී පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකවරයා ලෙසද කටයුතු කළ ඒ මහතා, ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස තේරී පත් වුයේ 2004 වසරේදීය.

Gossip Lanka Hot News Previous News Archive