Rohitha Rajapaksa, අපට කියලා මොකුත් නැහැ
'' හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පොඞ්ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ. '' යයිද රෝහිත රාජපක්ෂ මහතා පවසයි.
සමලිංගික විවාහකයන්ගේ දරුවෝ , Gay marriage, “One child (equals) one father + one mother”
ලක්ෂයකට අධික පිරිසක් සමලිංගික විවාහය සහ දරුවන් රැගෙන හදා ගැනීමට අයිතිය ලබාදෙන රජයේ පනතකට එරෙහිව සෙනසුරාදා රැලියක් පැවැත්වූහ. ටොලූස් නගරයේදී මෙම රැලියට විරුද්ධව සංවිධානය වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලූගෑස් ප්‍රහාරයක් එල්ල කලහ. සංවිධායකයන් පැමිණි පිරිස ලක්ෂයක් ලෙස දැක්වුවද පොලිසිය කියන්නේ උද්ඝෝෂණයට පැමිණියේ 70000ක පමණ පිරිසක් බවයි. ප්‍රංශ උද්ඝෝෂකයන් පිරිස, ‘විවාහය යනු ගැහැනියක හා මිනිසෙකුගේ එකතුවක් ’ බව ප්‍රකාශ කෙරෙන රටේ සිවිල් නීතියේ නිර්මාතෘ නැපෝලියන් බොනපාට්ගේ සොහොන ඇතුලත් INVALIDES ස්මාරකය වෙත ගමන් කලහ.
දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපු දූපතක සිර කෙරේ
වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපුව ප්‍රදේශයේ මුහුදෙන් වට වූ දූපතක පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යෑමට පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කොට තිබේ. ඒ අනුව එම සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරදඬුවම් විඳින සිරකරුවන්ද ඇතුළු දහසක් පමණ ප්‍රථම පියවර වශයෙන් එම දූපතට ගෙනයෑමට සැලැසුම් කර ඇත.
මව් පදවිය ලැබූ ඕෂධී සමග කතාබහක්, Chat With OShadi hemawadu
අපි දෙන්නම බලාපොරොත්තු වුණේ පුතෙක් අපේ පැතුම ඉටුවුණා!
ජනප්‍රිය නිළි ඕෂධී හේවා මද්දුම පිළිබඳ සුබම සුබ ආරංචියක් පසුගියදා අපට දැනගන්නට ලැබුණා. ඒ ආරංචිය ඇගේ රංගන ජීවිතය හා සම්බන්ධ එකක් නමෛයි. පුද්ගලික ජීවිතය පිළිබඳ ආරංචියක්. ඕෂධීට මව් පදවිය නම් ඉහළම සම්මානය හිමි වූ බව තමයි ඒ සුබාරංචිය. ගෙදරට ආපු අලුත් අමුත්තා ගැන සතුට උතුරා යන මොහොතක සිටින ඕෂධීව රිද්ම කතාබහට එකතු කරගන්න අපි හිතුවේ ඇයට ආදරය කරපු රසික හිතවතුන් වෙනුවෙන්මයි. විවේක සුවයෙන් ඉන්න මොහොතක වුණත් ඕෂධී සුපුරුදු සුහදශීලී බවින් අපේ කතා බහට එකතු වුණා.
ශ්‍රී ලංකාව 247යි - මහේල 91 යි, New Zealand vs. Sri Lanka, 1st Test
නවසීලන්ත ශ්‍රී ලංකා පළමු ටෙස්ට් තරගයේ නවසීලන්ත කණ්ඩායම ලබාගත් ලකුණු 221ට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.
ඒ අනුව ඔවුන් නවසීලන්තයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටියි.
ඊයේ (17) තරගය නිමවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4ක් අද (18) තරගය ආරම්භ කළ අවස්ථාවේදී බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.
ඒ අනුව ඔවුන් නවසීලන්තයට වඩා ලකුණු 26ක් ඉදිරියෙන් සිටියි.
ඊයේ (17) තරගය නිමවන විට එක් කඩුල්ලක් දැවී ලකුණු 9ක් ලබාගෙන සිටි ශ්‍රී ලංකා කණ්ඩායමේ තවත් කඩුලු 4ක් අද (18) තරගය ආරම්භ කළ අවස්ථාවේදී බිඳ දැමීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.
O.I. C මහ මඟ වෙඩි තබා මරා දමයි, Police Training School OIC shot dead
රත්නපුර පොලිස් සේවාස්ථ පුහුණු ආයතනයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්ද්‍රසෝම රත්නායක මහතා වෙඩි තබා ඝාතනය කර තිබේ.
ඇලපාත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඇලපාත ප්‍රදේශයේදී මෙම ඝාතනය සිදුව ඇති අතර ඉඩම් ආරවුලක් මත මෙම ඝාතනය සිදුකරන්නට ඇතැයි සැක කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


.jpg)
.jpg)

.jpg)