හොර ක්‍රම මඟින් රියැදුරු බලපත්, Driving license racket werahera, sri lanka

 මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවට නොගොස් හොර ක්‍රම මඟින් රියැදුරු බලපත් ලබාදීමේ මහා පරිමාණ ජාවාරමක් සම්බන්ධව රහස් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා රහස් පොලිසියට කර ඇති පැමිණිල්ලක් මත එම පරීක්ෂණය සිදුවෙයි.

රාජපක්ෂ පුතුන් කොටස් වෙළඳ පොලේ

රාජපක්ෂ පුතුන් කොටස් වෙළඳ පොලේ 'ප්‍රධාන පෙලේ ආයෝජකයන්'

මෙසේ ආයෝජනය කරන්නේ චීනයෙන් "ගිනි පොලියට" ලබාගන්නා ණය මුදල් වෙනුවෙන් ලැබෙන "මහා පරිමාණ කොමිස් කුට්ටි" වලින් බව එජාපය චෝදනා කරයි

මහජන මුදලින් වැටුප් ලබන යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු සහ නාවුක හමුදා භටයකු ශ්‍රී ලංකා කොටස් වෙළඳ පොලේ ආයෝජනය කරන සමාගම්වල ප්‍රධාන පෙලේ ආයෝජකයන් වූයේ කෙසේදැයි විරුද්ධ පක්ෂය ප්‍රශ්න කරයි.

රනිල් වික්‍රමසිංහගේ ලෝකවාර්ත ගැන කතාකරන ටිරාන අලස් , Tiran speaks about ranil wickramasinghe's world records

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අද ප්‍රකාශයක් කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
94 වසරේ සිට අවුරුදු 16ක් තිස්සේ විපක්ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රශ්න කරයි.

මිලියන 5ක මැණික් ගල් ගුදමාර්ගයෙන් මතුවෙයි

ඉන්දීය රුපියල් මිලියන 5ට අධික වටිනාකමින් යුත් මැණික් ගල් 32ක් ගුදමාර්ගයේ සඟවාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි ගුවන් තොටුපළේදී අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සබූවන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

චෙන්නායි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු පරික්ෂාවට ලක් කිරීමේන් පසු මෙම මැණික් ගල් තොගය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ලිංගික බෙලහීනතාවය ඇති කරන ඩෙංගු වෛරසයක්

භයානක ලිංගික බෙලහීනතාවයක් ඇති කරන ඩෙංගු වෛරසයක් මෙවනවිට පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

ඩෙංගු වෛරසයේ පළමු කාණ්ඩයේ උපකාණ්ඩයක් ලෙස මෙම වෛරසය සමන්විත වන අතර මෛගින් විශේෂයෙන්ම පිරිමින්ට ලිංගික බෙලහීනතාව ඇති කිරීමට හේතුවනු ඇතැයි ද හඳුනාගෙන ඇත.

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්



Sri Lanka to a 10-wicket victory in the 1st Test against New Zealand at the Galle International Stadium on Monday. 
රංගන හේරත් කඩුලු 11ක් බිඳ දමමින් තරගය පුරාවට ප්‍රදර්ශනය කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තය කඩුලු 10කින් පරාජයට පත් කර ඔවුන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19) හැකිවිය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 221ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.

වස විස නැති දුම්වැටියක් කෑගල්ලෙන්. Non Nicotine cigarettes in kagalle

නිකොටින් විෂ රහිත දුම් කොළ ‍නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී ඇත. නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්‍රයද ලබා ගෙන ඇත. වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. එදා මෙන් නොව අද විෂ සහිත ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි.

Bride of the World 2012, Third Place Aruni rajapaksa

පසුගියදා බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟය චීනයේ මැකාවා දූපතේදී පැවැත්වුණා. රටවල් 34ක් සහභාගීවූ එම තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වුනේ අරුණි රාජපක්ෂයි. ඇය එහිදී 3 වන ස්ථානය දිනාගන පසුගිය සතියේ ලංකාවට පැමිණියා.

Gossip Lanka Hot News Previous News Archive