රනිල් වික්‍රමසිංහගේ ලෝකවාර්ත ගැන කතාකරන ටිරාන අලස් , Tiran speaks about ranil wickramasinghe's world records

පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා අද ප්‍රකාශයක් කිරීමත් සමඟ සභාවේ උණුසුම් තත්ත්වයක් ඇති විය.
94 වසරේ සිට අවුරුදු 16ක් තිස්සේ විපක්ෂයේ සිටින රනිල් වික්‍රමසිංහ මහතා රට වෙනුවෙන්, විපක්ෂය වෙනුවෙන් කර ඇත්තේ කුමක්දැයි ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ටිරාන් අලස් මහතා ප්‍රශ්න කරයි.

මිලියන 5ක මැණික් ගල් ගුදමාර්ගයෙන් මතුවෙයි

ඉන්දීය රුපියල් මිලියන 5ට අධික වටිනාකමින් යුත් මැණික් ගල් 32ක් ගුදමාර්ගයේ සඟවාගෙන පැමිණි ශ්‍රී ලාංකිකයෙකු චෙන්නායි ගුවන් තොටුපළේදී අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

සබූවන් නැමැති 32 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.

චෙන්නායි ගුවන් තොටුපළ ආරක්ෂක නිලධාරීන් විසින් මොහු පරික්ෂාවට ලක් කිරීමේන් පසු මෙම මැණික් ගල් තොගය සොයාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.

ලිංගික බෙලහීනතාවය ඇති කරන ඩෙංගු වෛරසයක්

භයානක ලිංගික බෙලහීනතාවයක් ඇති කරන ඩෙංගු වෛරසයක් මෙවනවිට පැතිරයමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය අනතුරු අඟවයි.

ඩෙංගු වෛරසයේ පළමු කාණ්ඩයේ උපකාණ්ඩයක් ලෙස මෙම වෛරසය සමන්විත වන අතර මෛගින් විශේෂයෙන්ම පිරිමින්ට ලිංගික බෙලහීනතාව ඇති කිරීමට හේතුවනු ඇතැයි ද හඳුනාගෙන ඇත.

නවසීලන්තය පරදා ශ්‍රී ලංකාවට කඩුලු 10ක ජයක්



Sri Lanka to a 10-wicket victory in the 1st Test against New Zealand at the Galle International Stadium on Monday. 
රංගන හේරත් කඩුලු 11ක් බිඳ දමමින් තරගය පුරාවට ප්‍රදර්ශනය කළ විශිෂ්ට පන්දු යැවීම හමුවේ නවසීලන්තය කඩුලු 10කින් පරාජයට පත් කර ඔවුන්ට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් තරගාවලියේ පළමු තරගය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (19) හැකිවිය.

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායම ලකුණු 221ක් ලබාගත් අතර ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී ලකුණු 247ක් ලබා ගන්නා ලදී.

වස විස නැති දුම්වැටියක් කෑගල්ලෙන්. Non Nicotine cigarettes in kagalle

නිකොටින් විෂ රහිත දුම් කොළ ‍නොයොදා ඖෂධ ශාක පත්‍ර යොදා ග්‍රීන් ලීෆ් නමින් සිගරට්ටුවක් නිෂ්පාදනය කිරීමට කෑගල්ලේ ආයුරුවේද වෛද්‍යවරයෙක් වූ රොහාන් එන්.බී. නිශ්ශංක මහතා සමත් වී ඇත. නිශ්ශංක වෛද්‍යවරයා මේ සඳහා පර්යේෂණ ගණනාවක්ම කර ඇති අතර ඒ සඳහා පේටන් බලපත්‍රයද ලබා ගෙන ඇත. වෛද්‍යවරයා මෙම නිෂ්පාදනය ගැන පවසන්නේ දුම් ඉරීමේ ක්‍රමය ඉතිහාසයේ සිට පැවතෙන එන්නකි. එදා මෙන් නොව අද විෂ සහිත ද්‍රව්‍ය මේ සඳහා භාවිතා කරයි.

Bride of the World 2012, Third Place Aruni rajapaksa

පසුගියදා බ්‍රයිඩ් ඔෆ් ද වර්ල්ඩ් තරඟය චීනයේ මැකාවා දූපතේදී පැවැත්වුණා. රටවල් 34ක් සහභාගීවූ එම තරඟය සඳහා ලංකාවෙන් සහභාගී වුනේ අරුණි රාජපක්ෂයි. ඇය එහිදී 3 වන ස්ථානය දිනාගන පසුගිය සතියේ ලංකාවට පැමිණියා.

Rohitha Rajapaksa, අපට කියලා මොකුත් නැහැ

රාජපක්ෂ පවුල සම්බන්ධයෙන් නොයෙකුත් කට කතා පතුරුනද, රාජපක්ෂ පවුලේ කිසිවකුට ගෙයක් දොරක් හෝ වාහනයක්වත් නොමැතිබව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා අවධාරණය කර සිටියි.

 '' හැමෝම හිතන්නෙ අපට හැම දෙයක්ම තියනව කියල. ඒත් ඇත්තටම ගත්තොත් අපට මුකුත් නෑ. අපට කියල ගෙයක් වාහනයක් නෑ. පොඩි කාලෙ ඉඳලම ඉඳල තියෙන්නෙ රජයේ දේපළවල. රජයේ වාහන තමයි පාවිච්චි කරන්නෙ. එහෙම නැත්තං පොඞ්ඩක් දියං මචං කියල යාළුවෙක්ගෙන් ඉල්ල ගන්නව. කට්ටිය හිතාගෙන ඉන්න රාජපක්ෂ ෆැමිලි එක නෙමේ ඇත්තටම තියෙන්නෙ. '' යයිද රෝහිත රාජපක්ෂ මහතා පවසයි.

සමලිංගික විවාහකයන්ගේ දරුවෝ , Gay marriage, “One child (equals) one father + one mother”

 ලක්ෂයකට අධික පිරිසක් සමලිංගික විවාහය සහ දරුවන් රැගෙන හදා ගැනීමට අයිතිය ලබාදෙන රජයේ පනතකට එරෙහිව සෙනසුරාදා රැලියක් පැවැත්වූහ. ටොලූස් නගරයේදී මෙම රැලියට විරුද්ධව සංවිධානය වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය කඳුලූගෑස් ප‍්‍රහාරයක් එල්ල කලහ. සංවිධායකයන් පැමිණි පිරිස ලක්ෂයක් ලෙස දැක්වුවද පොලිසිය කියන්නේ උද්ඝෝෂණයට පැමිණියේ 70000ක පමණ පිරිසක් බවයි. ප‍්‍රංශ උද්ඝෝෂකයන් පිරිස, ‘විවාහය යනු ගැහැනියක හා මිනිසෙකුගේ එකතුවක් ’ බව ප‍්‍රකාශ කෙරෙන රටේ සිවිල් නීතියේ නිර්මාතෘ නැපෝලියන් බොනපාට්ගේ සොහොන ඇතුලත් INVALIDES ස්මාරකය වෙත ගමන් කලහ.

Gossip Lanka Hot News Previous News Archive