සුසී පෙරේරා ‘Anlene Ad ’ සංගා ගේ පොලු ගලවයි

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පිතිකරු කුමාර සංගක්කාර පෙනී සිටින ප‍්‍රකට වෙළඳ දැන්වීමක් වන ‘ඇන්ලීන්’ පිටි කිරි දැන්වීම ඉලක්ක කරමින් ජාතික රූපවාහිනියේ පැවති වැඩසටහනකදී විශේෂඥ වෛද්‍ය සුසී පෙරේරා මහත්මිය කීවේ එය සම්පූර්ණයෙන්ම මහජනයා නොමඟ යැවීමක් කියාය.

තම ජයප‍්‍රියත්වයෙන් මීට වඩා වැදගත් දේ සමාජගත කිරීමට ඔවුන් කටයුතු කල යුතු බවද ඇය කීවේය.

ඇටසැකිල්ල සමග ලිංගික සබඳතා පැවැත්වූ කතක්!


මිනිස් ඇටසැකිල්ලක් තම මහල් නිවසේ රහසිගතව තබාගෙන එම ඇටසැකිල්ල සමග ලිංගික සම්බන්ධතා පැවැත්වූ කාන්තාවක් ස්වීඩන් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.ගොතන්බර්ග් නගරයේ පිහිටි මෙම කාන්තාවගේ මහල් නිවාසයෙන් වෙඩිහඩක් නැගුනු බවට පොලිසියට ලැබුනු පැමිණිල්ලක් අනුව කරනු ලැබුණු සෝදිසි කිරීම් වලදී මෙම ‍ඇටසැකිල්ල සොයාගෙන ඇත.

දෝෂාභියෝග තේරීම් කාරක සභාවේ කටයුතු නවතන්නයි ශ්‍රේෂ්ඨාධිකරණය කියයි

SC requests postponing of impeachment hearing
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව නඟා ඇති දෝෂාභියෝග චෝදනා විමර්ශනය කිරීම සඳහා පත් කළ තේරීම් කාරක සභාවේ විභාග කටයුතු නතර කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් ඉල්ලීමක් කරයි.

ව්‍යවස්ථාදායකය හා අධිකරණය යන ආයතන දෙකෙහි අන්‍යෝන්‍ය සබඳතාවත්, ගෞරවයත් ආරක්ෂා වන පරිදි කටයුතු කළ යුතු බැවින් තේරීම් කාරක සභාවේ කටයුතු නතර කිරීම සුදුසු බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය වී තිබේ.

අසරණ මව් හා පුතුගේ කදුළු කතාව, Malaka Silva Helps

ආබාධිත පුතුට උපස්ථාන කරනා මවගේ පුවත දැක නෙතට කඳුලු ඉනූ මාලක සිල්වා
ස්වාධීන රූපවාහිනියේ "වෙනස" වැඩසටහනින් නැඟිට ගැනීමට බැරි ආබාධිත රෝගියෙකු පිළිබඳ නෙතට කදුළු උනන සංවේදී සිදුවීමක් පසුගිය සතියේ වාර්තා කළා.

අවිස්සාවේල්ල ප්‍රදේශයේ ජීවත් වෙන 48 හැවිරිදි එම රෝගී පුතාගේ ඇප උපස්ථාන සියල්ලම කරන්නේ මහළු මවයි.

Anusha Sonali වේදනාවෙන් කතා කරයි.

කවදා හෝ මම සියදිවි හානි කර ගත්තොත් මාධ්‍ය ඊට වගකිව යුතුයි

පසුගියදා වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ උණුසුම් කැරැල්ල සමඟ ලංකාවේ ජනප්‍රිය සම්මානනීය නිළියකගේ නමද සම්බන්ධ කර මාධ්‍ය තුළින් අතිශය පුළුල් ප්‍රචාරයක් ලබා දී තිබුණි.

මේ ප්‍රවෘත්තියේ සත්‍ය අසත්‍යතාවය පිළිබද මේ සිද්ධියට සම්බන්ධ වූ අනූෂා සොනාලි කලා පුවත්පතකට ඇගේ අදහස් පවසා ඇත.

මෙසේ ඇගේ නම වර්තමානයේ කිසිම සම්බන්ධයක් නැති පුද්ගලයෙකු සමග සම්බන්ධ කර ප්‍රචාරය ‍කිරීම පිළිබදව ඇය සෘජුවම මාධ්‍ය වෙත ඇගිල්ල දිගු කරයි. මෙවැනි අසත්‍ය චෝදනා වලින් ඇගේ හිත සෑහේන තරම් වේදනාවට පත් වී ඇති අතර මොනයම් හෝ අවස්ථාවක ඇය සියදිවි හානි කර ගත්තොත් ඇයට මඩ ගහපු මාධ්‍ය ඊට සෘජුවම වගකිව යුතු බවට අනුෂා සොනාලි අවධාරණය කරයි.

ගුද මාර්ගයේ මුදල්, Foreign Currency Smuggling



රුපියල් ලක්‍ෂ 150 ක් (මිලියන 15 ක්) පමණ වටිනා විදේශ මුදල් ගුද මාර්ගයේ සඟවා ගෙන රටින් පිට කිරීමට උත්සාහ කළ ඉන්දීය ජාතිකයන් ‍තිදෙනෙකු අද අලුයම ගුවන් තොටුපළ රේගු අත්අඩංගුවට පත්විය. නියෝජ්‍ය රේගු අධිකාරි විමල් පියසුමන මහතාට ලද තොරතුරක් මත මෙම වැටලීම කළ බව රේගුව පවසයි.

Yureni Noshika ට වුණු දෙයක්, වමනේ දදා කරපු ෂූටින් එක

යුරේනි නොෂිකා කියන්නේ කවුද කියලා අමුතුවෙන්ම කියන්න ඕන නෑනේ. කොහොම හරි ඉතින් අද අපි කියන්න හදන්නේ යුරේනිට වෙච්ච අලකලංචියක් ගැනයි.
අපිට ආරංචි වුණ විදිහටනම් මේක වෙලා තියෙන්නේ ටෙහාන් පෙරේරාගේ අලුත්ම සිංදුව ඒ කියන්නේ “ලොකු සීන් එපා” එකේ විෂුවල් එක හදනකොටයි. ඒ සින්දුව වගේම විෂුවල් එකත් ටිකක් වෙනස්නේ. බොලිවුඩ් සින්දුවක් වගේ පේන ඒ විෂුවල් එකේ යුරේනියි ටෙහානුයි මුහුද මැද්දේ බෝට්ටුවකින් යන සීන් එකක් තියෙනවා.

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව පමාවේ, Rohitha Rajapaksa speaks About satellite delay

ලක් චන්ද්‍රිකාවට කාලගුණෙන් බාධා

අද (22) පස්වරු 3.43 ට චීනයේ ෂී චෑං චන්ද්‍රිකා විහිදුම් මධ්‍යස්ථානයෙන් අභ්‍යාවකාශගත කිරීමට නියමිතව තිබූ ‘සුප්‍රීම් සැට් වන්’ නම් වූ ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව දින කිහිපයක් ප්‍රමාද කිරීමට වන බව මෙම වැඩසටහ‍නේ මූලිකත්වය ගෙන කටයුතු කරන ජනාධිපති පුත් රෝහිත රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තාක්ෂණික කරුණු කිහිපයක් තහවුරු කැර ගැනීමට කාලය අවශ්‍ය වීම සහ චීනය අවට අයහපත් කාලගුණය හේතුවෙන් මෙම තීරණය ගත් බව ඔහු 'දෙරණ' නාලිකාවට පැවසිය.

Gossip Lanka Hot News Previous News Archive