දුරකතනයෙන් අසැබිදේ පෙන්නා දැරියකට අතවර කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධ සැකකරුවෙක් ලබන නොවැම්බර් 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට මීගමුව මහේස්ත්‍රාත් ඒ.එම්.එන්.පී. අමරසිංහ මහතා නියෝග කළේය.
සැකකරු අතවරයට පත් කළ දැරියගේ නිවසට ඇතුලුවී ඇත්තේද බලහත්කාරයෙන් බව අධිකරනයේදී හෙළි විය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත්කර ඇත්තේ මහහුණුපිටිය ප්‍රදේශයේ පදිංචි මීගමුව නගර සභාවේ සේවකයෙකි.
UNP නායකයාට පාක්ෂිකයෝ පොල් ගසති
ඉදිරියේදී පැවැත්වීමට නියමිත එක්සත් ජාතික පක්ෂ සම්මේලනයට සහභාගිවීමට පාරම්පරික එක්සත් ජාතික පාක්ෂිකයන්ට අවස්ථාව ලබා නොදීම ගැන දෙවිනුවර මැතිවරණ බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීහු පෙරේදා (20 දා) සවස දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය ඉදිරිපිටදී පොල් ගසා දේව කන්නලව්වක යෙදුණාහ.
හමාස් නායනයා මැරූ හැටි, Hamas Leader Killed
පලස්තීනුවන්ට වීරයකු වූද ඊශ්‍රායලයට ත්‍රස්ත නායකයකු වූද අහමඩ් ජබාරි පසුගිය 14 වැනිදා ගාසා තීරයේ නගරබද මාවතක තම නවීනතම මොටොර් රථයෙන් ගමන් කරමින් සිටියදී ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකට ලක්වී මරුමුවට පත්විය.
මොහු වසර හතරකට පසුව ඊශ්‍රායලය විසින් මරාදමන ලද ඉහළම පෙලේ හමාස් නායකයාය. මෙම ප්‍රහාරයට ලක්ව අහමඩ්ගේ පුතකු හා තවත් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ.
මොහු වසර හතරකට පසුව ඊශ්‍රායලය විසින් මරාදමන ලද ඉහළම පෙලේ හමාස් නායකයාය. මෙම ප්‍රහාරයට ලක්ව අහමඩ්ගේ පුතකු හා තවත් තිදෙනෙකු ද ජීවිතක්ෂයට පත්වූහ.
දෘෂ්‍යාබාධිතයින්ගේ ලෝක කුසලානයට ඩිල්ෂාන්ගේ සහය
TM Dilshan gives sponsorship to disabled cricket team
2012 දෘෂ්‍යාබාධිතයින්ගේ 20/20 ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි අපහසුතා මධ්‍යයේ සිය පුහුණුවීම් කටයුතු සිදුකරන බව ඊයේ (20) රාත්‍රී ටී.වී.දෙරණ අද දෙරණ ප්රවෘත්ති විකාශයෙන් අනාවරණය කළේය.

සුමනා ගෝමස් ලංකාවට එයි. Sri Lanka Actress Sumana Gomas Back to Sri Lanka
මීට දශක දෙකකට පමණ පෙර චිත්‍රපට ඉතිහාසයේ පෙරළියක් ඇතිකල ජනප්‍රිය නිළි සුමනා ගෝමස් ලංකාව හැරදා ගියේ වසර 15 කට පමණ පෙරය.
ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා.
ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.
ඇමරිකානු ජාතිකයකු සමග විවාහ වී දැනට නිව්යෝර්ක් නගරයේ ජීවත්වන ඇය ඊයේ සවස ලංකාවට පැමිණ තිබෙනවා.
ඇය ලංකාවට පැමිණ ඇත්තේ වසර දහයකට පසුවය.
පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපතිට ලිංගික අතවර චෝදනා
විදේශ රටවල් කිහිපයක ශ්‍රී ලංකාවේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කල,පෝලන්තයේ හිටපු ශ්‍රී ලංකා තානාපති හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයකු වන ටියුඩර් ගුණසේකර මහතාට ලිංගික අතවර චෝදනාවකට ලන්ඩනයේ ඕල්ඩ් බේලි උසාවිය දඩ ගැසූ බව විදෙස් වාර්තා සදහන් කරයි.
පසුගිය මැයි මාසයේ දී ලන්ඩනයේ සුප්‍රසිද්ධ හයිස්ට්‍රීට් ජිම් ඇන්ඩ් ස්පා සම්භාහන ආයතනයේ මොහු කතකගේ පියයුරු අල්ලා මෙම වරද කර ඇති අතර, ඒ සදහා ඔහුට පවුම් 7420 ක දඩයක් නියම වී ඇත.
දින විස්සට ඝාතන 24ක්. හේතුව සංවර්ධනයයි
මෙම මාසයේ මේ දක්වා කාලයේදී රටපුරා සිදුව ඇති මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 24ක්. ගෙලසිර කිරීමෙන් , තියුණු ආයුධවලින් කපාකොටා , වෙඩි තැබීමෙන් හෝ පහරදීම්වලින් එම ඝාතන වැඩි සංඛ්‍යාවක් සිදු කර තිබෙනවා. ජීවග්රහයෙන් වළදැමීමෙන් බිළිඳියක් ඝාතනය කිරීමද ඊට ඇතුළත්. එම ඝාතනවලින් 17ක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනුනු බව පොලීසිය පවසනවා.
ඊයේ දිනයේ පමණක් සිදු වූ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 4ක්. බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේදී එකම පවුලේ පියා මව සහ පුතණුවන් ද කඩවත ප්‍රදේශයේ කාන්තාවක්ද එලෙස ඝාතනය කෙරුණා. බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ ති‍්‍රපුද්ගල ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනුනු බවයි පොලීසිය පවසන්නේ. එහෙත් කඩවත කාන්තා ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ

මවගේ දෑස් බැඳ දුවට අතවර කල දේවගැතියා අත්අඩංගුවට
හූනියමක් කැපීමේ මුවාවෙන් දහඅට හැවිරිදි තරුණියකට අතවරයක් සිදුකළේ යැයි කියන මීගමුව ප්‍රදේශයේ දේවගැතිවරයෙක් පොලිස් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගැනුණු තිස්නව හැවිරිදි සැකකරු දෙදරු පියෙකු යයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.
කොළඹ ප්‍රදේශයේ පදිංචි තරුණියකගෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව මෙම වැටලීම සිදුකෙරිණි. අත්අඩංගුවට ගැනුණු තිස්නව හැවිරිදි සැකකරු දෙදරු පියෙකු යයි ළමා හා කාන්තා කාර්යාංශය කියයි.