අගවිනිසුරුවරිය දෙසැ. 04 යළි කමිටුව ඉදිරියට
අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ලබන දෙසැම්බර් 04 වැනිදා යළි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.
එතෙක් අදාළ කමිටුවේ වැඩ කල්දමා ඇත.
කෙසේවුවද ඇයට ලබන 30 වැනිදාට පෙරවිත්තියේ වාචිකය ලිඛිතව ලබාදෙන ලෙසද කමිටුව විසින් දන්වා තිබේ.
මියයන පැය නිර්නය කරන ජානයක්
මිනිස් සිරුරක රුධිර කාණ්ඩය, හිසකෙස් හා දෑස් වල පැහැය වැනි බොහෝ දේ තීරණය වන්නේ ජාන වලට අනුවය.
එබැවින් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ජාන පිළිබඳ පර්යේෂණ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.
ජාන පිළිබඳ පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් පිරිසක් පසුගියදා පවසා තිබුනේ පුද්ගලයකු මියයන පැය නිර්නය කරන ජානයක් ද හමුවූ බවයි.
මෙම සොයාගැනීම Annals of Neurology නම් ජර්නලයේ නොවැම්බර් කලාපයේ පළ කර ඇති බව හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ වෙබ්අඩවියේ පළ කළ ලිපියක දැක්වේ.

ටෙක්සාස්හි දැඩි මීදුමක්, වාහන සිය ගණනක් එකිනෙක ගැටේ- Video
ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන මාර්ගයක මීදුම හේතුවෙන් වාහන සියයක් පමණ එකිනෙක ගැටී තිබේ. අනතුරෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.
ලොරි රථ වලට ඇතැම් මෝටර් රථ යටවීමෙන් වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මියගොස් ඇත්තේ එවැනි මෝටර් රථයක ගමන් කළ අඹුසැමි යුවලකි.
මම තනියම ජීවත් වෙන ගෑහැණියක්. - Geetha Kumarasinghe
සිනමා නිළි ගීතා කුමාරසිංහ පෙරේදා ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් DVD ලෙස එලි දැක්වුවා.
මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්
මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්
අගමැති බලන්න ජනපති ඇමරිකා ගිහින් , President visits premier at US hospital
කසකස්තානයේ තෙදින නිල සංචාරය නිමා කල ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.
එරට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අගමැති දීමු. ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
එරට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අගමැති දීමු. ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ටෙස්ට් ජයට ක‍්‍රීඩකයෝ පාටිදාලා, Sri Lanka Test Cricket Party
පළමු ටෙස්ට් තරගයෙන් සංචාරක නවසීලන්ත පිල පැරදූ ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයින් එක්ව පසුගියදා ගාල්ලේ ජෙට්වින් ලයිට් හවුස් හෝටල් සංකීර්ණයේදී සාදයක් පවත්වා තිබේ.මෙම සාදයට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයින් හා එම කණ්ඩායමේ නිළධාරීන්ද එක්වී ඇත.
මවුකිරි බැංකුවක් ශ්‍රී ලංකාවේ, Breast milk bank in sri lanka
මවුකිරි බැංකුවක් මෙරට ස්ථාපිත කිරීමට සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අවධානය යොමු කෙරේ. රැකියා කටයුතුවලට යන මවුවරුන්ට දරුවාට මවුකිරි ලබා දීම පිළිබඳ ගැටලු මතු වේ. ඊට විසඳුමක් ලෙස මේ බැංකුව ස්ථාපිත කිරීමටඑම කාර්යාංශය අවධානය යොමු කර ඇති බව ජාතික පෝෂණ සම්බන්ධීකාරක වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස මහතා පවසයි.
Leader Publications to pay Rs. 250 million as damages to Defence Secretary Gotabhaya Rajapaksa
අසත්‍ය හා ද්වේශසහගත පුවත්පත් ලිපි පළ කිරීමෙන් ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට සිදු වු අපහාසයට වන්දි ලෙස රුපියල් මිලියන 250ක මුදලක් ගෙවන්නැයි ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට ගල්කිස්ස දිසා අධිකරණය ඊයේ (22) නියෝග කළේය. අසත්‍ය තොරතුරු පදනම් කර ගනිමින් ද්වේශසහගත ලිපි දිගින් දිගටම පළ කරමින් තම කීර්තියට අවමානයක් අපහාසයක් සිදු කිරීමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතා ලීඩර් පබ්ලිකේෂන්ස් ආයතනයට හා ද සන්ඩේ ලීඩර් ප්‍රධාන කර්තෘවරියට එරෙහිව පැවරූ නඩුවේ තීන්දුව ප්‍රකාශ කරමින් ගල්කිස්ස ප්‍රධාන දිසා විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මේ නියෝග කළේය.