සනත් ජයසූරිය යලි විවාහ වෙයි, Sanath Jayasuriya Gets Married for the Third Time

 

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු අද සවස සිය තෙවන විවාහය කරගන තිබෙනවා. බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

63 දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති මෙම විවාහ මංගල්‍යය මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.


සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.

අගවිනිසුරුවරිය දුරුගන්ධ කිඩාරම් මලක්- Mervin Silva

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සුදු නෙළුම් මලක් වගේ පූජාසනය මතට යොමු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, දැන් කිඩාරම් මලක් වගේ දුරුගන්ධය හමනවා'' යැයි මහජන උපයෝගීතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (23) ගාල්ලේ දී ප්‍රකාශ කළේය.

ගාල්ල, මකුළුව, ශ්‍රී බුද්ධසිංහාරාමයේ පැවැති කොත් පැළඳවීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

අගවිනිසුරුවරිය දෙසැ. 04 යළි කමිටුව ඉදිරියට


අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට ලබන දෙසැම්බර් 04 වැනිදා යළි පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ පෙනී සිටින්නැයි දන්වා තිබේ.

එතෙක් අදාළ කමිටුවේ වැඩ කල්දමා ඇත.

කෙසේවුවද ඇයට ලබන 30 වැනිදාට පෙරවිත්තියේ වාචිකය ලිඛිතව ලබාදෙන ලෙසද කමිටුව විසින් දන්වා තිබේ.

මියයන පැය නිර්නය කරන ජානයක්

මිනිස් සිරුරක රුධිර කාණ්ඩය, හිසකෙස් හා දෑස් වල පැහැය වැනි බොහෝ දේ තීරණය වන්නේ ජාන වලට අනුවය.

එබැවින් වෛද්‍ය ක්ෂේත‍්‍රයේ ජාන පිළිබඳ පර්යේෂණ වලට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.

ජාන පිළිබඳ පර්යේෂණ සිදුකළ විද්‍යාඥයන් පිරිසක් පසුගියදා පවසා තිබුනේ පුද්ගලයකු මියයන පැය නිර්නය කරන ජානයක් ද හමුවූ බවයි.
මෙම සොයාගැනීම Annals of Neurology නම් ජර්නලයේ නොවැම්බර් කලාපයේ පළ කර ඇති බව හාවඞ් වෛද්‍ය විද්‍යාලයේ වෙබ්අඩවියේ පළ කළ ලිපියක දැක්වේ.

ටෙක්සාස්හි දැඩි මීදුමක්, වාහන සිය ගණනක් එකිනෙක ගැටේ- Video


ටෙක්සාස් ප‍්‍රාන්තයේ ප‍්‍රධාන මාර්ගයක මීදුම හේතුවෙන් වාහන සියයක් පමණ එකිනෙක ගැටී තිබේ. අනතුරෙන් දෙදෙනෙකු මියගොස් ඇති අතර 50 කට වැඩි පිරිසක් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ලොරි රථ වලට ඇතැම් මෝටර් රථ යටවීමෙන් වැඩි පිරිසක් තුවාල ලබා ඇත. මියගොස් ඇත්තේ එවැනි මෝටර් රථයක ගමන් කළ අඹුසැමි යුවලකි.

මම තනියම ජීවත් වෙන ගෑහැණියක්. - Geetha Kumarasinghe

සිනමා නිළි ගීතා කුමාරසිංහ පෙරේදා ඇගේ රංගනයෙන් සහ නිෂ්පාදනයෙන් හෙළ සිනමාවට තිළිණ කළ සම්මානනීය චිත්‍රපට පෙළක් DVD ලෙස එලි දැක්වුවා.

මේ අනුව පාලම යට, සළඹක් හඬයි, ලොකු දුව, අනුරාගේ අනන්තය යන චිත්‍රපටයි දොරට වැඩුනේ. කාලයකට පසුව ඇය පුවත්පතක් සමඟ සාකච්ජාවක් පවත්වා තිබුනා. එය පහතින්

අගමැති බලන්න ජනපති ඇමරිකා ගිහින් , President visits premier at US hospital

 කසකස්තානයේ තෙදින නිල සංචාරය නිමා කල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ඇමරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් තිබේ.

එරට රෝහලක නේවාසිකව ප‍්‍රතිකාර ලබන අගමැති දීමු. ජයරත්න මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (22) ඇමෙරිකාව බලා පිටත්ව ගිය බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ටෙස්ට් ජයට ක‍්‍රීඩකයෝ පාටිදාලා, Sri Lanka Test Cricket Party

පළමු ටෙස්ට් තරගයෙන් සංචාරක නවසීලන්ත පිල පැරදූ ශ‍්‍රී ලංකා පිලේ ක‍්‍රීඩකයින් එක්ව පසුගියදා ගාල්ලේ ජෙට්වින් ලයිට් හවුස් හෝටල් සංකීර්ණයේදී සාදයක් පවත්වා තිබේ.

මෙම සාදයට ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ සියලූම ක‍්‍රීඩකයින් හා එම කණ්ඩායමේ නිළධාරීන්ද එක්වී ඇත.

Gossip Lanka Hot News Previous News Archive