දින 11කට ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයයි - Jab Tak Hai Jaan 11 Days To Reach The 100 Crore

ශාරුක් ඛාන් රගන ‘ජබ් තක් හෙයි ජාන්’ දින 11 ක් තුළදී ඉන්දීය රුපියල් කෝටි 100 ඉක්මවා ආදායම් ඉපැයීමට සමත්ව ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
එය දින 11ක් තුළදී උපයා ඇති ආදායම ඉන්දීය රුපියල් කෝටි 100.75කි.
කෙසේවුවද ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් ඉතා අඩු කාලයකින් ලබා ගැනීමට සමත් වූ චිත‍්‍රපටය බවට පත්ව තිබෙන්නේ සල්මන් ඛාන් රගපෑ ‘ඒක් තා ටිගර්’ ය.
එය දින 06කදී ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායමක් ඉපැයීමට සමත් විය.
ශාරුක් චරිත මැවූ චිත‍්‍රපට අතරින් ඉන්දීය රුපියල් කෝටි 100 ක ආදායම වේගයෙන්ම ළගාකර ගනු ලැබූ චිත‍්‍රපටය වන්නේ රාවන්ය.
එය එම සීමාවට ළගාවීමට දින 10ක් ගතකර තිබිනි.

අවුරුදු 8කට පසු පලස්තීනයේ හිටපු නායක යසර් අර්පත්ගේ සිරුර ගොඩ ගැනේ, Yasser Arafat's tomb to be opened

පලස්තීනයේ හිටපු නායක යසර් අර්පත්ගේ සිරුර ලබන අඟහරුවදා ගොඩ ගැනීමට සැලසුම් කර තිබේ.
සිරුර ගොඩ ගැනීමට තීරණය කොට ඇත්තේ හිටපු නායක යසර් අර්පත්ගේ මරණයට හේතුව වස ශරීරගත වීමක්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇති සැකය නිරාකරණය කර ගැනීම සඳහා පැවැත්වෙන පරීක්ෂණයේ අංගයක් වශයෙනි.
ප්‍රංශය,ස්විස්ටර්ලන්තය සහ රුසියාව යන රටවලින් පැමිණෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් එය පරීක්ෂා කරනු ඇතැයි පලස්තීන බල අධිකාරය ප්‍රකාශ කළේය.

"අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මම දිවුරනවා. මට සමාව දෙන්න" - මුම්බායි මිනීමරුවා පෝරකයේදී

මොහොමඩ් අඡ්මාල් අමීර් කසාබ් 1987 සැප්තැම්බර් 13 වැනි දින පාකිස්‌ථානයේ µරිඩ්කොට්‌ ගම්මානයේ උපත ලැබීය. දුප්පත් පවුලක උපන් කසාබ් 2005 වසරේදී සිය පියා සමග ආරවුලක්‌ ඇතිකරගෙන ගමෙන් පිටවිය. මුස්‌ලිම් අවුරුද්ද වෙනුවෙන් තමාට අලුත් ඇඳුම් අවශ්‍යයෑයි අඡ්මාල් ඉල්ලුවද එය ඉටුකිරීමට පියාට නොහැකි වූයේ ඔහුගේ ආර්ථික අපහසුකම් නිසාය. එයින් පසු ලාහෝරයට යන ඔහු පාතාල සාමාජිකයෙක්‌ වෙයි. 2005 දී පියා සමග ගැටුමක්‌ ඇති කරගෙන නිවසින් පිටවී ගිය අඡ්මාල්ගේ ඉරණම විසඳුණේ ඉකුත් 21 වැනිදා පූනේහි යෙර්වාඩා සිරගෙදරදීය. ඇත්තෙන්ම මේ අඡ්මාල් කසාබ් යනු දැන් ලොවම දන්නා ත්‍රස්‌තවාදියෙකි

පේ‍්‍රමවන්තයා හොඳින් ඉන්නවා - Lochana Imashi

තමනුත් හිනාවෙලා වටේ ඉන්න අයත් හිනස්වලා සතුටෙන් ඉන්න කැමති කෙනෙක් තමයි ලෝචනා ඉමාෂි . ‘සිනාසී තරවෙන්න’ කියන කියමන ගැන ඇයට විශ්වාසයක් නෑ . ‘සිනාසී ලස්සන වෙන්න’ කියලා තමයි ලෝචනා කියන්නේ.

මේ දවස්වල කොළඹ සහ තදාසන්න ප‍්‍රදේශවල රවුමක් ගියොත් ටෙලා නාට්‍ය රූගත කිරීම් 10 ක්වත් දැක ගන්න පුළුවන් . විශේෂයෙන්ම පාර්ලිමේනතුව පැත්තේ . බණ්ඩාරගම , පිළියන්දල...

ලෝචනා මට හම්බවුණේ පාදුක්කෙදි .මේ දවස්වල රූගත කරන ‘සඳුපමා’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් අතරතුරේ . දර්ශන තලයක් හොයාගෙන කට්ටියත් එක්ක ඇවිදිනවා . දර්ශන තලයක් හම්බවුණා . ඒ අතරේ ලෝචනාගේ වාරය එනකල් අපි ටිකක් කතා කළා .

පිරිමින් මදසරු බවට ගොඳුරුවීම ඉහළ ගිහින්, Male infertility rate increasing in sri lanka

මදසරු බවට ගොඳුරුවන (තම වර්ගයා බෝකිරීම) පිරිමින්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යමින් පවතින බව මදසරු බව පිළිබඳ විශේෂඥ වෛද්‍ය මිල්හාන් පාශා මහතා සඳහන් කරයි.

මදසරු බවට ප්‍රතිකාර ලබාගැනීම සඳහා පැමිණෙන පිරිමින්ගෙන් 50%කටම හේතුව වී ඇත්තේ පරිසර දුෂණය බව හෙළිව ඇත.

නිරුවතින් පිළිමෙට නැගි අයෙක් පොලිසියට

නිර්වස්ත‍්‍රයෙන් ලන්ඩනයේ පිහිටි කේම්බි‍්‍රජ් ආදිපාදවරයාගේ ප‍්‍රතිමාවට නැගි මිනිසකු ඊයේ (23) දින මධ්‍යම ලන්ඩනයේ තරමක කලබලයක් ඇති කර ඇතැයි වාර්තා වේ.

ඔහු නැග ඇත්තේ වත්මන් කේම්බි‍්‍රජ් ආදිපාදවරයා වන විලියම් කුමරුගේ ප‍්‍රතිමාවකට නොව 1904 දී මියගිය කේම්බි‍්‍රජ් ආදිපාදවරයා වන ජෝර්ජ් කුමරුගේ ප‍්‍රතිමාවකටය.

සනත් ජයසූරිය යලි විවාහ වෙයි, Sanath Jayasuriya Gets Married for the Third Time

 

මිට පෙර දෙවතාවක්ම විවාහවූ සනත් ජයසූරිය සිය දෙවන බිරිඳ වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට මීට මාස කිහිපයකට පෙර කොළඹ දිසා අධිකරණයේ නඩුවක් පවරා තිබුනා.

ඔහු අද සවස සිය තෙවන විවාහය කරගන තිබෙනවා. බිරිඳ නිළියක් බවයි වාර්තා වෙන්නේ.

63 දෙනෙකුට පමණක් ආරාධනා කර ඇති මෙම විවාහ මංගල්‍යය මාධ්‍යවේදීන්ට තහනම් වූ බව පැවසේ.


සනත් ජයසුරිය පළමු විවාහය බිරිඳ වන සුමුදු ගෙන් වෙන්වූ පසු සැන්ඩ‍්‍රා ටානියා සමග විවාහ වූ අතර එම විවාහයෙන් සනත් හා සැන්ඩ‍්‍රා හට දරුවන් තිදෙනෙක් වෙති.

අගවිනිසුරුවරිය දුරුගන්ධ කිඩාරම් මලක්- Mervin Silva

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සුදු නෙළුම් මලක් වගේ පූජාසනය මතට යොමු කළ ශිරාණි බණ්ඩාරනායක මහත්මිය, දැන් කිඩාරම් මලක් වගේ දුරුගන්ධය හමනවා'' යැයි මහජන උපයෝගීතා අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (23) ගාල්ලේ දී ප්‍රකාශ කළේය.

ගාල්ල, මකුළුව, ශ්‍රී බුද්ධසිංහාරාමයේ පැවැති කොත් පැළඳවීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා එසේ පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive