
කැලණිය නගරයේ අද (25) පෙරවරුවේ පැවති පාපැදි තරගයක් ආරම්භ කිරීමේ අවස්ථාවට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා, එම තරගය ආරම්භ කිරීමට සංඥාව දීමෙන් අනතුරුව යතුරු පැදියකින් එම තරග කරුවන් දිරිගන්වමින් කිලෝ මීටර් 4ක් පමණ දුරක් කිරිබත්ගොඩ නගරය වටා ධාවනයේ යෙදුනේය.
'කිරිබත්ගොඩ තරුණ කැල' නමැති සංවිධානය වෙනුවෙන් දුමින්ද නිලන්ත පෙරේරා විසින් මෙම පාපැදි තරගය සංවිධානය කර තිබිණ.






