"යකඩ දෝලි" ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන, Jayani Sarala Kariyawasam

සරලා කවුද කියන වග ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න  ඕන නැහැ. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි බොලිවුඩය මෙන්ම හොලිවුඩය ඇතුළු අන්තර්ජාතික සිනමාවටත් ඇය අමුත්තියක් නොවෙයි. ඒ හඳුනා ගැනීම සිදුවුණෙත් දීපා මේතා අධ්‍යක්‍ෂණය කළ ‘වෝටර්’ චිත‍්‍රපටයේ රඟපෑම නිසයි. මේ චිත‍්‍රපටියේ රඟපෑම නිසා සරලාට ඇමරිකාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලක දී සම්මානයක් ද ලැබුණා. හැබැයි ඒ සියල්ල සිදුවුණේ මීට වසර කීපයකට පෙරදීයි. එතකොට සරලාගෙ වයස අවුරුදු 8ක් විතර ඇති. දැන්නම් එයා භද්‍ර යෞවනයේ පසුවන යෞවනියක්. ඒත් දැන් ඇය ගැන කතා කරන්නට හේතුව, නැවතත් රඟපෑමට එක්ව සිටීමයි.

අර්ජුනයි ටිරානුයි මගෙ පස්සෙන් ආපු අය - සරත් ෆොන්සේකා

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සංධානයේ නායක හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සමග මෙම සාකච්ඡාව ඔහුගේ දේශපාලන ක‍්‍රියාමාර්ග හා අනාගත දේශපාලන ජීවිතය පිළිබඳවය.

කොළඹ නගරයේ මුස්ලිම් ජනගහනය 126000යි, දෙමළ 106000යි, සිංහල 76000යි

කොළඹ නගරය තුළ සිංහල ජනතාවගේ ප‍්‍රතිශතය සීඝ‍්‍ර ලෙස පහත බැස ඇතැයි අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. එසේ වුවත් සියලූ ජාතීන් කොළඹ නගරය තුළ සාමකාමීව ජීවත්වන බවත් ජනවාර්ගික ගැටළුවක් නැති බවත් කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වෙමින් ඇමතිවරයා සඳහන් කලේය.

කොළඹ නගරයේ සිංහල ජනගහනය 76,000ක් ද දෙමළ ජනගහනය 106,000ක් සහ මුස්ලිම් ජනගහනය 126,000ක්ද බව කී ඇමතිවරයා ඉදිරියේදී කොළඹ නගරය තුළ ඇති වී තිබෙන තත්වය සමස්ත රටටම ව්‍යාප්ති වීමේ අවදානමක් ඇති බවද පැවසීය

දමන ප්‍රදේශ රැසක පෙරේදා භූ කම්පන, Damana Earthquake

දමන ප්‍රාදේශීය ලේකම් කොට්‌ඨාසයේ ප්‍රදේශ රැසකට පෙරේදා (24 වැනිදා) සිට විටින් විට භූ කම්පා රැසක්‌ සිදු වූ බව එම ගම්මානවල ප්‍රදේශවාසීහු පවසති. වඩිනාගල, කිව්ලේගම, දේවාලහිඳ, ගල්කන්ද ආදී ග්‍රාමසේවා වසම්වලට මෙලෙස භූ කම්පා සිදුව තිබේ. මේ නිසා ඇතැම් ප්‍රදේශවල බිත්ති ද ඉරි තැලී ගොස්‌ තිබේ.

පෙරේදා උදෑසන 10.30 ට පමණ පොළව දෙදරුම් කන අයුරු මට දැනුණා. එදින සවසත් පොළොව දෙදරුම්කනවා දැනුණා. ප්‍රදේශ රැසකට මේ අයුරින් විටින් විට භූමිකම්පා තත්ත්වයන් ඇති වූ බව ගම්වාසීන් පැවසුවා යෑයි ද වඩිනාගල ග්‍රාම නිලධාරි තුෂාර ගමගේ මහතා පැවසීය.

බංග්ලාදේශයේ කර්මාන්ත ශාලාවක ගින්නකින් 120ක් මරුට Bangladesh Factory Fire 120 Peoples Killes

බංග්ලා දේශයේ ටෂ්රීන් ෆැෂන් නැමති ඇගළුම් කර්මාන්ත ශාලාවේ ඊයේ රාත‍්‍රියේ හටගත් හදිසි ගින්නකින් 120 දෙනෙකු මිය ගොස් තිබේ.
ඩකා අගනුවරට උතුරු දෙසින් පිහිටි මහල් නවයකින් යුත් මෙම කර්මාන්ත ශාලාව ගින්නෙන් මුළුමනින්ම විනාශ වී ඇති අතර ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත. ගින්න පැතිරෙන අවස්ථාවේදි දහසකට වැඩි පිරිසක් එහි සේවය කරමින් සිටි බව වාර්තා වේ.

ගිං හා නිල්වලා ගංගා පිටාර ගලයි, Some Areas in Galle and Matara go under water. - video

ගිං සහ නිල්වලා ගංඟා පිටාර ගැලීම හේගුවෙන් ගාල්ල හා මාතර දිස්ත්‍රික්ක වල මාර්ග ගණනාවක් ජලයෙන් යට වී ඇති බව ආපදා කළමාණාකරණ මධ්‍යස්ථානය පවසයි.

එම මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ නෙළුව තවලම, නෙළුව කොස්මුල්ල, නෙළුව දෙල්වල හා තවලම උඩුගම යන මාර්ග මේ වනවිට ජලයෙන් යටවි ඇති බව ය.

මර්වින් යතුරු පැදියෙන්, පාපැදි තරගයක !



කැලණිය නගරයේ අද (25) පෙරවරුවේ පැවති පාපැදි තරගයක් ආරම්භ කිරීමේ අවස්ථාවට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා මහතා, එම තරගය ආරම්භ කිරීමට සංඥාව දීමෙන් අනතුරුව යතුරු පැදියකින් එම තරග කරුවන් දිරිගන්වමින් කිලෝ මීටර් 4ක් පමණ දුරක් කිරිබත්ගොඩ නගරය වටා ධාවනයේ යෙදුනේය.

'කිරිබත්ගොඩ තරුණ කැල' නමැති සංවිධානය වෙනුවෙන් දුමින්ද නිලන්ත පෙරේරා විසින් මෙම පාපැදි තරගය සංවිධානය කර තිබිණ.

සනත් ගේ අලුත්ම මනාලිය මලිකා Sanath Jayasuriya's New Wife Maleeka Sirisenalage

ජයසූරිය ප්‍රථම වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන සුමුදු නම් ගුවන් සේවිකාවක සමග වන අතර දෙවන වරට විවාහ වූයේද ශ්‍රී ලංකන් ගුවන් සමාගමේම ගුවන් සේවිකාවක වන මීගමුව ප්‍රදේශයේ පදිංචි සැන්ඩ්‍රා නම් කාන්තාව සමගය. 

ඔහු මෙවරත් තම සහකාරිය ලෙස වෘත්තියෙන් ගුවන් සේවිකාවක්ව තෝරාගෙන තිබෙනවා. වෙනසකට ඇත්තේ ඇය නිලියක විමයි. 

ඇය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සේවය කරන අනුරාධපුරයේ පදිංචි මිෂෙල් නමැති වයස අවුරුදු 28ක තරුණියකි. 

මේ ඇයත් සමඟ කල කතාබහක්.

Gossip Lanka Hot News Previous News Archive