සුප්‍රීම් සැට් 1 ගැන Rohitha Rajapaksa කතා කරයි
ශ්‍රි ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව නොවැම්බර් 27 වැනිදා යළිත් අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර ඇතැයි සුප්‍රිම් සැට් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.
එහි සභාපති ආර්. ඒ. මදිවානන් මහතා කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.
ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගිහින් - චන්ද්‍රිකා
ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගොස් ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නී ය.
ඇය මේ අදහස් පැවසුවේ, හොරගොල්ලේ පැවති උත්සවයකදී ය.
අනුර බණ්ඩාරනායක පදනම මඟින් සිව්වැනි වතාවට සංවිධානය කළ අඩු ආදායම්ලාභී පවුල්වල, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිම ඊයේ සිදුකෙරුණි.

වසර 14කට පසු බ්‍රිතාන්‍යයට දරුණුම ගංවතුර
![]() |
එංගලන්තයේ ජලගැල්මට ගොදුරු වු ප්‍රදේශයක ජනතාව තනි ඔරුවලින් ගමන් ගන්නා අයුරු. |
ඉකුත් බදාදා සිට පවත්නා අධික වර්ෂාපතනය නිසා පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නිරිත දිග එක්ස්ටර් නගරයේ කාන්තාවක කඩා වැටුණ ගසක ට යටවීමෙන්ද සෝමසෙට් හි පුද්ගලයකු ජලගැල්මට ගොදුරු වාහනයක් තුළ හිරවිමෙන්ද මිය ගොස් තිබේ.
කොළඹ කච්චේරිය ගින්නෙන් විනාශයි, Colombo District Secretariat building (Kachcheri) extensively damaged due to a fire
කඩාකප්පල්කාරී
ක්‍රියාවක්‌දැයි පරීක්‌ෂණ
ආදායම් බදු
ලිපි ලේඛනත් අළුවෙයි
කොළඹ වේල්ල වීදියේ පිහිටා තිබෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල (කොළඹ කච්චේරිය) ඊයේ (26) රාත්‍රීයේ හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. කොළඹ දිස්ත්‍රික්යේ වෙසෙන විසි දෙලක්ෂයකට අධික ජනතාවගේ වටිනා ලියකියවිලි ඇතුළු දෑ විනාශ කරමින් හට ගත් ගින්නට හේතුව පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් හඳුනා ගෙන නොතිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා දිනමිණට පැවැසීය.

ලෝක විනාශය නිසා නත්තලට ඕස්ට්‍රේලියාවේ මස් මාළු කන්නේ නැතිලු
2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරුවනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරති. මෙම හේතුමත ඔවුහු මෙවර නත්තලද සැමරීමට තීරණය කර ඇත්තේ නිර්මාංශවයි.
අපි‍්‍රකා මහද්වීපය ලිබියා කාන්තාරය හරහා උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිර දෙසටත්, පැලීයන බවත්, එමෙන්ම ඕස්ටේ‍්‍රලියා මහද්වීපය දෙකඩ වී යන බවත් දැනට විවිධවූත් ස්වභාවික විපත්වලට ගොදුරුවන ක්වින්සිලන්ත ප‍්‍රාන්තයේ ත‍්‍රිකෝණාකාර බිමක් ඉතිරිවෙන බවත් (2012 ඉකුවේෂන් සොල්විඞ් අන්තර්ජාල වෙබ් අඩවිය) පසුගිය කාලය තුළ සිදුවූ දෑ සහ විද්‍යාත්මක කරුණුද ගෙනහැර දක්වමින් කියා සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර
අලුත්කඬේ පුරා කැලෑ පත්තර
අගවිනිසුරුවරියටත්, ඇගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් මහතාටත් එරෙහිව අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර තොග පිටින් දමා ගොස් තිබේ.'දෝෂාභියෝගය' යනුවෙන් නම් කර පිටු 30 ක් වන පත්තරයක් ලෙස සකසා ඇති එම කැලෑ පත්තරයේ, අගවිනිසුරුවරියගේත්, ඇගේ සැමියා සහ අධිකරණ කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාගේ ඡයාරූප ඇතුලත්ව ‘අධිකරණයේ ස්වාධීනත්වය රැක ගනිමු’ යනුවෙන් මුල් කරවරය සකසා ඇත.
ජස්ටින් බීබර් ගේ Baby , GANGNAM STYLE එකට පරදියි
මේ වන විට ලොවපුරා උන්මාදයක් ලෙස පැතිර යන දකුණු කොරියානු ජාතික රැප් ගායක සයි ගේ ගන්ග්නම් ස්ටයිල් වීඩියෝව පසුගියදා වැඩිම ප‍්‍රමාණයක් නැරඹූ යූ ටියුබ් වීඩියෝව බවට පත්ව ඇතැයි වාර්තා වේ.
පසුගිය 24දා වන විට මිලියන 803කට වැඩි පිරිසක් නරඹා තිබූ ගන්ග්නම් ස්ටයිල් මෙම සන්ධිස්ථානයට පැමිණියේ මීට කලින් වැඩිම ප‍්‍රමාණයක් නැරඹූ යූ ටියුබ් වීඩියෝව ලෙස සටහන් වූ ජස්ටින් බීබර් ගේ බේබි වීඩියෝව ද අභිබවා යමිනි.