දිවිනසා ගත්තේ ණය ගෙවන්න බැරිව ! Severe debt forced Grand Pass family into suicide?

කොළඹ ග‍්‍රෑන්ඞ්පාස්, අටේ වත්ත ප‍්‍රදේශයේ නිවසක මිය ගොස් සිටියදී ඊයේ (26) රාති‍්‍ර සොයා ගැනුනු එකම පවුලේ මව, පියා සහ පුතාගේ මළ සිරුරු සම්බන්ධයෙන් විමර්ශනය කරන පොලීසිය, ණය මුදලක් පියවීමට නොහැකිවීම හේතුවෙන් ඔවුන් මෙලෙස සියදිවි නසා ගන්නට ඇතැයි සැක කරයි.

එම මෘත ශරීර ළග තිබී ලිපියක් හමුවී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා පැවසිය.

ඇමරිකාවේ වාහන 140ක් පමණ ගැටීමෙන් සිදුවූ දරුණු අනතුර -(Vedio)140 Car Accident In highway in Southeast Texas

පසුගිය බ්‍රහස්පතින්දා ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේදී සිදුවූ මහා රිය ගැටුමකින් පුද්ගලයන් 2‍ක් මියගොස් තවත් පනස් දෙනෙකුට අධික පිරිසක් තුවාල ලබා ඇත.
පසුගියදා පැවැති තුති පුදකිරීමේ දිනයේදී ‘බියුමොන්ට්’ ප්‍රදේශය අධික මීදුමෙන් වැසී යාම නිසා අධිවේගී මාර්ගයේ එකිනෙකට පිටුපසින් පැමිණි වාහන 140ක් පමණ එකිනෙක හා ගැටීමෙන් අනතුර සිදුව තිබිණි. ගැටීමෙන් එකිනෙක මත වැටී ගොඩගැසී තිබුණු වාහන සුන්බුන් අතරින් අනතුරට ලක්වූවන් ගලවාගැනීම සඳහා ගලවාගැනීමේ කණ්ඩායම්වලට ඉමහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව කියැවේ.

සුප්‍රීම් සැට් 1 ගැන Rohitha Rajapaksa කතා කරයි


ශ්‍රි ලංකාවේ ප්‍රථම චන්ද්‍රිකාව වන සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව නොවැම්බර් 27 වැනිදා යළිත් අභ්‍යවකාශගත කිරීමට සැලැසුම් කර ඇතැයි සුප්‍රිම් සැට් ශ්‍රී ලංකා ආයතනය පවසනවා.
එහි සභාපති ආර්. ඒ. මදිවානන් මහතා කියා සිටියේ සුප්‍රිම් සැට් චන්ද්‍රිකාව අභ්‍යවකාශගත කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවය.

ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගිහින් - චන්ද්‍රිකා

ඉතිහාසයේ නොවූ ලෙස අපරාධ ඉහළ ගොස් ඇතැයි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසන්නී ය.

ඇය මේ අදහස් පැවසුවේ, හොරගොල්ලේ පැවති උත්සවයකදී ය.

අනුර බණ්ඩාරනායක පදනම මඟින් සිව්වැනි වතාවට සංවිධානය කළ අඩු ආදායම්ලාභී පවුල්වල, අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සමත් දරුවන් සඳහා ශිෂ්‍යත්ව පිරිනැමිම ඊයේ සිදුකෙරුණි.

වසර 14කට පසු බ්‍රිතාන්‍යයට දරුණුම ගංවතුර

එංගලන්තයේ ජලගැල්මට ගොදුරු වු ප්‍රදේශයක ජනතාව
තනි ඔරුවලින් ගමන් ගන්නා අයුරු.
රිතාන්‍යයට මේ දිනවල කඩාහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් එංගලන්තයේ හා වේල්සයේ නිවාස 800කට වඩා ජලගැල්මට ගොදුරුව ඇති අතර ඊයේ දිනයේ ද වර්ෂා තත්ත්වයේ වෙනසක් සිදුනොවනු ඇතැයි පාරිසරික නිලධාරින් අනතුරු අඟවා තිබිණ..

ඉකුත් බදාදා සිට පවත්නා අධික වර්ෂාපතනය නිසා පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇත. ඒ අනුව නිරිත දිග එක්ස්ටර් නගරයේ කාන්තාවක කඩා වැටුණ ගසක ට යටවීමෙන්ද සෝමසෙට් හි පුද්ගලයකු ජලගැල්මට ගොදුරු වාහනයක් තුළ හිරවිමෙන්ද මිය ගොස් තිබේ.

කොළඹ කච්චේරිය ගින්නෙන් විනාශයි, Colombo District Secretariat building (Kachcheri) extensively damaged due to a fire

කඩාකප්පල්කාරී
ක්‍රියාවක්‌දැයි පරීක්‌ෂණ
ආදායම් බදු
ලිපි ලේඛනත් අළුවෙයි

කොළඹ වේල්ල වීදියේ පිහිටා තිබෙන කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගොඩනැඟිල්ල (කොළඹ කච්චේරිය) ඊයේ (26) රාත්‍රීයේ හදිසියේ ඇති වූ ගින්නකින් සම්පූර්ණයෙන්ම පාහේ විනාශ විය. කොළඹ දිස්ත්‍රික්යේ වෙසෙන විසි දෙලක්ෂයකට අධික ‍ජනතාවගේ වටිනා ලියකියවිලි ඇතුළු දෑ විනාශ කරමින් හට ගත් ගින්නට හේතුව පුවත් පත මුද්‍රණයට යන අවස්ථාව වන විටත් හඳුනා ගෙන නොතිබුණු අතර සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පුළුල් පරීක්ෂණයක් පවත්වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා දිනමිණට පැවැසීය.

ලෝක විනාශය නිසා නත්තලට ඕස්ට්‍රේලියාවේ මස් මාළු කන්නේ නැතිලු

2012 දෙසැම්බර් මාසයේදී විවිධවූත් ස්වභාවික විපත්වලට මිහිතලය ගොදුරුවනු ඇතැයි ඕස්ටේ‍්‍රලියානුවෝ තදින්ම විශ්වාසය පළකරති. මෙම හේතුමත ඔවුහු මෙවර නත්තලද සැමරීමට තීරණය කර ඇත්තේ නිර්මාංශවයි.

අපි‍්‍රකා මහද්වීපය ලිබියා කාන්තාරය හරහා උතුරේ සිට දකුණටත්, බටහිර සිට නැගෙනහිර දෙසටත්, පැලීයන බවත්, එමෙන්ම ඕස්ටේ‍්‍රලියා මහද්වීපය දෙකඩ වී යන බවත් දැනට විවිධවූත් ස්වභාවික විපත්වලට ගොදුරුවන ක්වින්සිලන්ත ප‍්‍රාන්තයේ ත‍්‍රිකෝණාකාර බිමක් ඉතිරිවෙන බවත් (2012 ඉකුවේෂන් සොල්විඞ් අන්තර්ජාල වෙබ් අඩවිය) පසුගිය කාලය තුළ සිදුවූ දෑ සහ විද්‍යාත්මක කරුණුද ගෙනහැර දක්වමින් කියා සිටියි.

ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර


අලුත්කඬේ පුරා කැලෑ පත්තර

අගවිනිසුරුවරියටත්, ඇගේ සැමියා වන ප‍්‍රදීප් කාරියවසම් මහතාටත් එරෙහිව අලූත්කඬේ ශ්‍රේෂ්ඨාධිකරණ භූමියේ තැනින් තැන කැලෑ පත්තර තොග පිටින් දමා ගොස් තිබේ.

'දෝෂාභියෝගය' යනුවෙන් නම් කර පිටු 30 ක් වන පත්තරයක් ලෙස සකසා ඇති එම කැලෑ පත්තරයේ, අගවිනිසුරුවරියගේත්, ඇගේ සැමියා සහ අධිකරණ කොමිසන් සභාවේ ලේකම් මංජුල තිලකරත්න මහතාගේ ඡයාරූප ඇතුලත්ව ‘අධිකරණයේ ස්වාධීනත්වය රැක ගනිමු’ යනුවෙන් මුල් කරවරය සකසා ඇත.

Gossip Lanka Hot News Previous News Archive