කම්කරුවාගේ ගබ්සා මධ්‍යස්‌ථානය !!! illegal abortion clinic in Anuradhapura

 අනුරපුර රෝහල අසල ගබ්සා මධ්‍යස්‌ථානයක්‌
පවත්වාගෙන ගිය කම්කරුවා අත්අඩංගුවට

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් අනුරාධපුර ශික්‍ෂණ රෝහල අසලදී පාපැදි රෝදවලට සවිකරන ස්‌පෝක්‌ කම්බියක ආධාරයෙන් නීති විරෝධී ගබ්සාවක්‌ සිදුකළ එම රෝහලේ සනීපාරක්‍ෂක කම්කරුවකු අනුරාධපුර පොලිසියේ කොට්‌ඨාස දූෂණ මර්දන අංශය මගින් පෙරේදා (26 දා) අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී ගබ්සාවකට ලක්‌ වූ අනුරාධපුර පාලාඩ්කුලම ප්‍රදේශයේ කාන්තාවක විසින් කළ පැමිණිල්ලකට අනුව එම මධ්‍යස්‌ථානය වටලා සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ලෝක විනාශය දින දෙකක් කල් යයි, දෙසැම්බර් 23ලු

මායාවරුන්ගේ දින දර්ශනය අවසන් වන්නේ 2012 දෙසැම්බර් 21 නොව දෙසැම්බර් 23 යයි පුරාවිද්‍යා ගවේෂකයෝ පවසති.
ගෝතමාලාවේ එල් ටෝට්‍රගුවේරෝ ප්‍රදේශයේ තිබී හමු වූ ශිලා ලේඛණයකින් මේ බව හෙළිවී ඇත. ඉන් ලෝක අවසානය ගැන සඳහන්වන්නේ නැතැයි ද ඔව්හු කියා සිටිති.

මේ අතර ලෝක විනාශය සිදුවන බවට පල වී ඇති ප්‍රකාශයන් සමගම සංචාරකයන් මෙක්‌සිකෝවේ මායා ප්‍රදේශයේ සංචාරක හෝටල් වෙන් කර ගෙන ඇතැයිද වාර්තා වේ.

ක්‍ෂේත්‍රයෙන් ඉවත් වෙන්න සුදුසු කාලය ඇවිත් - Himali siriwardhana

ප්‍රසංග වේදිකාවක රුවැත්තියන් පිරිවරා ඇයත් නර්තනයේ යෙදෙයි. පුංචි තිරයේ බොහෝ අවස්ථාවල දක්නට නොලැබුණත් ඇය දක්‍ෂ චරිතාංග නිළියකි. නර්තනය, රඟපෑම අතරතුර ලැබෙන ඉසිඹුවේ හිමාලි සිරිවර්ධන නම් රුවැත්තිය සමඟ දොඩමලු වන්නට අපට අවස්ථාව හිමි විය.

• මේ දවස්වල මොනවද කරන්නේ?
චාමර පීරිස්ගේ “යාය 4” ටෙලි නාට්‍යයේත්, සඳරුවන් ජයවික්‍රමගේ “සඳුපමා” ටෙලි නාට්‍යයේත් රූගත කිරීම්වලට සහභාගි වෙනවා. “රංජා” කියලා අලුත් චිත්‍රපටයේ වැඩ පටන් ගන්න සූදානමින් ඉන්නවා. ඊට අමතරව මගේ ච්චදජඪදඨ ට්පධභන එකේ වැඩකටයුතු කරගෙන යනවා.

පබාවතී අඹන්න මට තවම රත්තරන් මදි, Upul Shantha Sannasgala

      * නේත්‍රාගෙන් පටන්ගෙන, ආදරේ තරම්, යසෝදරා හා වර්තමානයේ අපට නිමිති වන පිරිමි ගොඩයි කෘතීන් ඔබේ අනෙකුත් නවකතාවන්ට වඩා වෙනස් ධාරාවක් නියෝජනය කරන බව පිළිගන්නවාද?
ඔව්. වෙනසක් තියෙනවා. ඒකට හේතුව සමන් වික්‍රමාරච්චි නම් විචාරකයා පැහැදිලි කළා. ඔහු කියන්නේ සුනේත්‍රා රාජකරුණානායක හා සුමිත්‍රා රාහුබද්ධ දෙදෙනා විචාරකයින් කියන දේවල් අහන්නෙ නැතිව පාඨකයන් උදෙසා ලියන බවයි. එහෙත් සන්නස්ගල මෑතක සිට පාඨකයා උදෙසා ලිවීම වෙනුවට විචාරකයන් සඳහා ලියන බව ඔහු කියනවා. වෙනත් ආකාරයකින් ඔබ අහන්නේත් ඔහු කියන දෙයමයි. මම එය පිළිගන්නවා. ඒක ඇත්තක්.

ශ්‍රී ලංකාවේ ප‍්‍රථම සන්නිවේදන චන්ද්‍රිකාව උඩුගුවනට SupremeSAT satellite launched from XI-Chang Space Centre China

“සුප්‍රීම් සැට් 1” සන්නිවේදන චන්ද්‍රිකාව ශ‍්‍රී ලංකා වේලාවෙන් අද පස්වරුවේ අභ්‍යවකාශ ගත කළ බව සුප්‍රිම් සැට් සමාගමේ මෙරට ප්‍රධාන විධායක නිලධාරී විජිත් පීරිස් මහතා පවසයි.
සුප‍්‍රිම් සැට් වන් චන්ද්‍රිකාව අද අභ්‍යාවකාශ ගත කෙරුණේ චීන – ශ‍්‍රී ලංකා සමාගම් දෙකක සහයෝගීතාවයෙන්. අද අභ්‍යාවකාශ ගත කෙරුණු මෙම චන්ද්‍රිකාව මගින් චන්ද්‍රිකා රූපවාහිනී සේවාවන් සඳහා එළඹෙන වසරේ ජූලි මාසයේ සිට පහසුකම්ද සැපයීමට නියමිතයි.
මෙම ව්‍යාපෘතියේ වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 320 ක්. වසර එකහමාරකට පෙර ආරම්භ කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදහසේ හිමිකරු වන්නේ අභ්‍යාවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂයි.
අමාත්‍ය තිස්ස විතාරණ, අභ්‍යවකාශ ඉංජිනේරු රෝහිත රාජපක්ෂ ඇතුළු පිරිසක් චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ අවස්ථාවට එක්වුණා.

ජනවාරි 1 සිට කැලණියේ කුකුල් හා එළු මස් තහනම් – Mervin Silva

කැලණිය පුරවරයේ ලබන ජනවාරි පළමුවැනිදා සිට කුකුල් මස් හා එළු මස් විකිණීම තහනම් කරන බව, මහජන සම්බන්ධතා සහ මහජන කටයුතු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පැවැසීය.

කුකුල් මස් හා එළු මස් විකිණීම නතර නොකළහොත්, තමාගේ තරුණ සංවිධානවල සිටින තරුණයන් යොදවා එය අත්හිටුවීමට කටයුතු කරන බව සඳහන් කළ ඇමැතිවරයා, මීට ඉහතදී කැලණි පුරවරයේ හරක් මස් විකිණීම තමා විසින් අත්හිටුවනු ලැබූ බවද කීය.

අගවිනිසුරුගේ දෑත් ශක්තිමත් කරන්න චන්ද්‍රිකා

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ඉදිරිපත් කර ඇති දෝෂාභියෝගය ප්‍රජාතන්ත්‍රවාදය අගය කරන අධිකරණයේ ස්‌වාධීනත්වය ගරු කරන සියලු දෙනා විසින්ම හෙළා දැකිය යුතු යයි හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක කුමාරතුංග මහත්මිය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනිය මේ බව සඳහන් කරයි.

නිවේදනය සම්පූර්ණයෙන් මෙසේය.

රනිල්ට එරෙහිව ඔබාමාට අස්සන් 25,000ක පෙත්සමක්

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ අත්තනෝමතික කි‍්‍රයා කලාපය පිළිබඳ අමෙරිකා ජනාධිපති බැරක් ඔබාමා දැනුම්වත් කිරීම සඳහා එජාපයට සම්බන්ධ තරුණ තරුණියන් 25,000 කගේ අස්සන් සහිත පෙත්සමක් ඉදිරි දෙසතිය ඇතුළත එහි යැවීමට කටයුතු කර ඇතැයි ද පළාත් සභා මන්ති‍්‍ර නීතිඥ මෛති‍්‍ර ගුණරත්න මහතා පවසයි.

ශී‍්‍ර ලංකාවේ බලවත් විපක්ෂය වශයෙන් තිබූ එජාපය දියකර හැරීම, ඒකාධිපති පාලනයක් ගෙන යන මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට සහාය පළකිරීම, පක්ෂයේ ප‍්‍රබල කි‍්‍රයාකාරිකයන් පලවා හැරීම, මැතිවරණ 25 කට වඩා පරාජයවීම හා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට තවත් වසර 6 ක් බලයේ සිටීම සඳහා තම ධූර කාලය වසර 6කට දීර්ඝ කර ගැනීම ඇතුළු කරුණු ගණනාවක් එම පෙත්සමට ඇතුළත් කර තිබේ.

ලෝකයේ විවිධ රටවල සිටින ශී‍්‍ර ලංකා තානාපතිවරුන් මේ පිළිබඳ දැනුම්වත් කිරීමටද තම අරමුණ බව නීතිඥ ගුණරත්න මහතා පැවැසීය.


Gossip Lanka Hot News Previous News Archive