“ස්වර” චිත්‍රපටයේ මම රඟපාන්නේ සමලිංගික චරිතයක්
සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු චරිත බොහොමයක් තුළ දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා ක්ෂේත්රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු කතාබහකට එක් විය.






