සිංහල සිනමාවේ ප්‍රථම වරට පිරිමින් දෙදෙනකු දෙතොල් සිපගන්නා දර්ශනයක් රඟපාන්නෙ මම -Chat With Buddhika Jayaratne


    “ස්වර” චිත්‍රපටයේ මම රඟපාන්නේ සමලිංගික චරිතයක්
සරල විනෝදාත්මක සිනමාව, ටෙලිනාට්‍ය කලාව සේම ගුණාත්මක ගැඹුරු කලා නිර්මාණ කරාද විහිදිය හැකි රංගන පරාසයක් ඇති නළු නිළියන් අල්පය.මේ අප කතා කරන්නට සැරසෙන්නේ එවැන්නකු පිළිබඳවය. වාණිජ සිනමාව තුළ ඔහුට ලැබුණු චරිත බොහොමයක් තුළ දුෂ්ටයා සැඟවී තිබුණද තමා සතු රංගන ප්‍රතිභාවයත් තමාටම ආවේණික දඟකාරී කඩවසම් පෙනුමත් නිසාම ඒ චරිත පවා වෙනස්ම අයුරකින් මවන්නට ඔහුට හැකි විය. දශක එකහමාරකට ආසන්න කාලයක් කලා ක්‍ෂේත්‍රයේ රැඳී සිටින බුද්ධික ජයරත්න නම් මෙම රංගන ශිල්පියා කලකට පසු කතාබහකට එක් විය.

‘ග්‍රීන්ලීෆ්’ නම් ආයුර්වේද දුම්වැටියක්-වෛද්‍ය රෝහාන් බැසිල්

‘ග්‍රීන්ලීෆ්’ නම් ආයුර්වේද දුම්වැටියක් නිෂ්පාදනය කිරීමට ආයුර්වේද වෛද්‍ය රෝහාන් බැසිල් නිශ්ශංක නම් තැනැත්තෙක් සමත් වී ඇත. මේ අපුරු දුම්වැටියේ ඇති විශේෂ ගුණාංගයක් වන්නේ එමගින් නැගෙන ‍දුම මගින් වායු කෝටර පවිත්‍ර වී පීනස් රෝග මෙන්ම ශීර්ෂාබාධ ද සමනය කිරීමට හැකියාවයි.

ඖෂධීය ශාක පත්‍ර පමණක් යොදාගෙන මෙය නිෂ්පාදනය කර ඇති අතර මෙය ශරීරයට මෙන්ම පරිසරයට ද හිතකර වන අතර දුම්වැටිවලට ඇබ්බැහිවූවන්ට කදිම ආදේශකයක් වන බව  වෛද්‍ය රෝහාන් බැසිල් මහතා පවසයි.

දැනට මෙම දුම්වැටිය සදහා පේටන්ට් බලපත්‍රය ලබා ගැනීමට ‍වෛද්‍ය ‍රෝහාන් මහතා පියවර ගෙන ඇත.

ඉන්දීයාවට වැටෙන්න ගහයි ජය ශ්‍රී ලංකාවට -බොක්සිං-Boxer Anusha Kodituwakku Wins Against Pooja Tokas India

කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී ඊයේ පස්වරුවේ පැවති ඉන්දු-ශ‍්‍රී ලංකා ද්වන්ධ බොක්සිං සටනේදී ජයග‍්‍රහණ 4-3ක් ලෙස ඉන්දියාව පසුබැස්වූ ශ‍්‍රී ලංකාව මාස් හෝල්ඩිංග්ස් ශූරතාවය දිනා ගත්තේය.
ශ‍්‍රී ලංකාවෙන් බිහි වූ දක්‍ෂතම බොක්සිං ක‍්‍රීඩිකාව ලෙස සැලකෙන අනෂු කොඩිතුවක්කු සුපිරි ජයක් ලබා තරඟාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙසින් සම්මාන ලබා බොක්සිං වළල්ලෙන් සමු ගැනීම සිනුටහක් කල අතර අදාල තරඟවලදී ශ‍්‍රී ලංකාව වෙනුවෙන් අනුරුද්ධ ගුණතිලක, එරන්දිද සිල්වා, ගයාන් විජේවීර යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ ජයග‍්‍රහණ වාර්තා කලහ.

ආණ්ඩුවේ අනුබද්ධිත UNP පක්ෂ සම්මේලනය

එක්සත් ජාතික පක්ෂය සහ වෘත්තීය සමිති සුරැකීමේ ව්‍යාපාරය අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණි.

" පැවැත්වුවේ එක්සත් ජාතික පක්ෂ සම්මේලනයක් නෙවෙයි.ආණ්ඩුවේ අනුබද්ධිත පක්ෂ සම්මේලනයක් හැටියට තමයි පැවැත්වුවේ."මේකට පොලීසියේ හමුදාවේ නිලධාරීන් 1500 කට අධික ප්‍රමාණයක් ගෙනැල්ලා තිබුණා.ආණ්ඩුවේ පූර්ණ රැකවරණයක් එක්ක තමයි මේක පැවැත්වුවේ.අද ආණ්ඩුවකුයි විපක්ෂයකුයි නැහැ.දකුණු පළාත් සභා මන්ත්‍රී නීතීඥ මෛත්‍රී ගුණරත්න

මම හමේ ක්‍රීම් ගාන කොල්ලෙක් නෙමෙයි.- Chat With Hemal Ranasinghe

අභියෝග කළොත් මමත් අතහරින්නේ නෑ...

විටෙක ඔහු මෝස්‌තර නිරූපණ ශිල්පියෙක්‌. තවත් විටෙක රංගන ශිල්පියෙක්‌. ඒ සියල්ල අභිබවා යන නර්තන ශිල්පියකු ලෙසද ඔහු බොහෝ දෙනා අතර කතාබහට ලක්‌වුණ චරිතයක්‌. මනා කඩවසම් පෙනුමකින් හෙබි ඔහු නමින් හේමාල් රණසිංහය. අද දවසේ අපි හේමාල් සමග ටිකක්‌ කතාබහ කරන්න අදහස්‌ කළා.


මංගල බොක්සිං තරගයයෙන් ජය ඇන්ඩෲ ෆ්ලින්ටොෆ්ට, Makes a Winning Debut In Boxing For Andrew Flintof

ඊයේ (30) සිය මංගල වෘත්තිමය බොක්සිං තරගයට මුහුණදුන් හිටපු එංගලන්ත කි‍්‍රකට් නායක ඇන්ඩෲ ෆ්ලින්ටොෆ් එම තරගයෙන් ජයගෙන ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.
”ෆ්‍රෙඞී” ලෙසින් ලොව ක‍්‍රිකට් ලෝලීන් අතර ජනප‍්‍රිය වූ 34 හැවිරිදි ෆ්ලින්ටොෆ් ගේ ප‍්‍රතිවාදියා වූයේ ඇමෙරිකානු හෙවිවේට් බොක්සිං කී‍්‍රඩක රිචඞ් ඩෝසන් ය.
දෙවැනි වටයේදී පරාජයට ලක්වූ ෆ්ලින්ටොෆ් අනෙක් වට තුනේදීම ඉදිරියෙන් සිටිමින් අවසානයේදී ලකුණු 39-38 ලෙස මෙම තරගය ජයගැනීමට සමත් විය.
මැන්චෙස්ටර් හි පැවති මෙම තරගය නැරඹීමට රසික රසිකාවියන් ඇතුළු 5,000කට ආසන්න පිරිසක් පැමිණ තිබූ බව විදෙස් වාර්තා වල දැක්වේ.

මනුස්ස ලෝකෙ හිටියා ඇති, මං දිව්‍ය ලෝකෙ ගිහින් දෙවියෙක් වෙනවා –Mervin Silva

තමන් මනුෂ්‍ය ලෝකයේ ගෙවූ කාලය හොඳටම ප‍්‍රමාණවත් බැවින් දිව්‍ය ලෝකයට යාමට බලාපොරොත්තු වන්නේ යයි අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.

සති අන්ත පුවත් පතක් හා සාකච්චාවකට එක් වෙමින් අමාත්‍යවරයා මෙසේ කියයි.

‘මම හොඳට ධර්මය දන්නා කෙනෙක් හැටියට එකම බලාපොරොත්තුව තියෙන්නේ මම දැන් මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති. දැන් මම දිව්‍ය ලෝකෙ යන්න ඕනෑ. මං දිව්‍ය ලෝකෙ යනවාමයි. දිව්‍ය ලෝකයට ගිහින් දිව්‍ය සැප විඳලා ඊට පස්සෙ ආයිත් මනුෂ්‍ය ලෝකයට එන්නයි ප‍්‍රාර්ථනා කරන්නෙ.

ඊයේ රාත්‍රී බද්දෙගමටත් පීරිසියක් ඇවිත්

බද්දේගම උනන්විටිය ප්‍රදේශයේදීද ඊයේ රාත්‍රියේදී අභිරහස් එළියක් ප්‍රදේශවාසීන් විසින් දැක ඇති බව වාර්තාවේ. එය දැක ඇති ප්‍රදේශවාසීන් පෙන්වාදෙන්නේ පාවී පාවී පැමිණි දම් හා කහ පැහැති එළියක් බවත් එය සෙමින් ගමන් කල බවත් සාමාන්‍ය ශබ්දයක් එයින් නිකුත් වූ බවත් ඔවුන් පවසයි.

මේ අතර පසුගියදා ඉරණවිල ප‍්‍රදේශයෙන් හා හපුතලේ ප‍්‍රදේශයෙන්ද මේ ආකාරයේ අභිරහස් අභිරහස් ආලෝක දර්ශණ වූ බව වාර්තා විය. කෙසේ වෙතත් කොළඹ විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යා අංශයේ මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසන්නේ මේ සම්බන්ධයෙන් ආතර් සී. ක්ලාර්ක් මධ්‍යස්ථානයෙන් කරුණු එක්රැස් කරමින් පවතින බවයි.

Gossip Lanka Hot News Previous News Archive