පෘතුගීසි කාලෙ සිංහල-බෞද්ධ 98% ක් හිටියා, 2040දී 40%කට බහිනවා – අමරපුර මහ නාහිමි
පෘතුගීසිකාරයා එනකොට 98% ක් සිංහල බෞද්ධයන් සිටි අතර අද ඉන්නේ 60% ක් බවත් 2040 වන විට එය 40%ට වඩා පහළ බසින බවත්, පුංචි පවුල රත්තරං කියූ බවත් කන මෝඩ දේශපාලනඥයන් එයට වගකිව යුතු බවත් අමරපුර නිකායේ මහා නායක අග්ග මහා පණ්ඩිත දවුල්දෙන ඥානිස්සර හිමියෝ පැවැසූහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ඞී.ඒ. රාජපක්ෂ 45 වන ගුණ සමරුවේදී මහා නායක හිමියෝ එසේ පැවැසූහ.
වෘත්තීය සමිති ගණනාවක් හෙට සිට වර්ජන හා විරෝධතාවල
රට පුරා ගුරු විදුහල්පතිවරුන් දුම්රිය, සෞඛ්‍ය, ලංගම, පෞද්ගලික අංශ ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක සේවකයෝ වැටුප් අර්බුද, වෘත්තීය අයිතීන් කප්පාදු කිරීම ඇතුලු ගැටලු ගණනාවක් මුල් කරගනිමින් හෙට (04) සිට එක් දින වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා, ජනතාව දැනුම්වත් කිරීම ඇතුළු වෘත්තීය ක්‍රියා මාර්ග රැසක් ආරම්භ කිරීමට සූදානමින් සිටිති.
The Lux-Sumathi Tele awards, හොඳම නළුවා ජගත් චමිල හොඳම නිළිය සමාධි ලක්සිරි
අති උත්කර්ෂවත් ලෙස 17 වන වරටත් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේදී ඊයේ (02) පැවැති ලක්ස් සුමති සම්මාන උළෙලේදී වසරේ හොඳම නළුවා ලෙස ජගත් චමිලත්, හොඳම නිළිය ලෙස සමාධි ලක්සිරිත් අභිෂේක ලැබූහ.
මෙවර උළෙලේ, වසරේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශයවූ ස්වයංජාත ටෙලි නාට්‍යයයි.වසරේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මෙවර පිරිනැමුණේ ස්වයංජාත ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සුදත් රෝහණටය. "ජනප්‍රියතම නිළියට හිමි සම්මානය නදීශා හේමමාලිට හිමිවිය"
මෙවර උළෙලේ, වසරේ හොඳම ප්‍රාසාංගික ටෙලි නාට්‍යයට හිමි සම්මානය දිනාගනු ලැබුවේ ස්වාධීන රූපවාහිනී සේවයේ විකාශයවූ ස්වයංජාත ටෙලි නාට්‍යයයි.වසරේ හොඳම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයාට හිමි සම්මානය මෙවර පිරිනැමුණේ ස්වයංජාත ටෙලි නාට්‍යයේ අධ්‍යක්ෂණය වෙනුවෙන් සුදත් රෝහණටය. "ජනප්‍රියතම නිළියට හිමි සම්මානය නදීශා හේමමාලිට හිමිවිය"
"2012-12-21 end of the world" ගැන හරියටම දැනගන්නට තැනක්
ඒ නාසා ආයතනයේ www.nasa.gov වෙබ් අඩවියයි
මේ වන විට ලෝකය පුරා තදින් පැතිර ගොස් ඇති ආරංචියක් වන්නේ 2012 දෙසැම්බර් මාසයේ එනම් මේ මාසයේ 21 වැනිදා හෝ ඊට ආසන්න දිනක කිනම් හෝ ස්වාභාවික ව්‍යසනයකින් පෘථිවිය විනාශ වී යන බවයි.
මායා ශිෂ්ටාචාරයට අයත් එක්තරා දින දර්ශනයක් 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වීම පදනම් කරගෙන ආරම්භ වූ මේ ලෝක විනාශ කතාව මේ වන විට බොහෝ දුර දිග ගොසිනි
මේ වන විට ලෝකය පුරා තදින් පැතිර ගොස් ඇති ආරංචියක් වන්නේ 2012 දෙසැම්බර් මාසයේ එනම් මේ මාසයේ 21 වැනිදා හෝ ඊට ආසන්න දිනක කිනම් හෝ ස්වාභාවික ව්‍යසනයකින් පෘථිවිය විනාශ වී යන බවයි. මායා ශිෂ්ටාචාරයට අයත් එක්තරා දින දර්ශනයක් 2012 දෙසැම්බර් 21 වැනිදායින් අවසන් වීම පදනම් කරගෙන ආරම්භ වූ මේ ලෝක විනාශ කතාව මේ වන විට බොහෝ දුර දිග ගොසිනි
මං දිව්‍ය ලෝකේ යනවාමයි - Minister mervyn silva
එතුමා යටතේ මම යුව රජ කෙනෙක් තමයි…, මම මේ මනුෂ්‍ය ලෝකෙ හිටියා ඇති
මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හමුවීමට බම්බලපිටියේ ගාලූ පාර අයිනේ පිහිටි ඔහුගේ අමාත්‍යාංශයට අපි ගියෙමු. අමාත්‍යවරයාගේ නිල කාමරය දෙවොලක් බඳුය. බුද්ධ රූපද, දේව රූපද එක් පසෙකය. අමාත්‍යවරයාගේ දකුණු පසින් දුටුගැමුණු රජතුමාගේ යෝධ සිතුවමක්ද වම් පසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡායාරූපයක්ද වෙයි. හඳුන්කූරු දුමාරය නිසා දෑස දැවිලි දෙයි. ඔව්. කතාබහ අපි එතැනින් පටන් ගනිමු.මාතර වෙළෙන්දෙක් ගිනි තබා ගන්න සැරසේ!, Mathara traders are protesting
මාතර පොළ ඉවත් කිරීමට එරෙහිව ප්‍රදේශවාසින් හා පොළේ ව්‍යාපාරිකයින් මාතර නගර මධ්‍යයේ උද්ඝෝෂණයක නියැලෙමින් සිටින බව වාර්තා වන අතර, මේ වනවිට උද්ඝෝෂකයින් අතර සිටින එක් වෙළෙන්දෙක් පෙට්‍රල් බෝතලයක් ද රැගෙන සිය දිවි නසාගන්නා බවට පවසමින් සිටින බව වාර්තා වේ.
දහසකට ආසන්න වෙළෙඳුන් පිරිසක් මාතර බස් නැවතුම් පළ ඉදිරිපිටම එක් වී මේ උද්ඝෝෂණය පවත්වන බව එම වාර්තා සදහන් කරයි.
දහසකට ආසන්න වෙළෙඳුන් පිරිසක් මාතර බස් නැවතුම් පළ ඉදිරිපිටම එක් වී මේ උද්ඝෝෂණය පවත්වන බව එම වාර්තා සදහන් කරයි.
මුරලිට බිරිය මාරුවෙලා !
ශී‍්‍ර ලංකාවෙන් බිහිවූ සුපිරි දග පන්දුයවන්නා ලෙස සැලැකෙන මුත්තයියා මුරලිදරන්ට සිය බිරිය මාරුවිමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුගේ බිරිය වන මදිමලර් රාමමූර්ති මාධ්‍යට හෙලිකර තිබේ.
ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ පසුගිය අගොස්තුවේදී චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසේ.
මලර්ගේ නිවුන් සොයුරිය හා මලර් මෙසේ මුරලිට පැටලී ඇතැයි වාර්තා වේ.
මුරලි හා විවාහවී මේවන විට වසර 09ක් වුද තමා හා නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බවද මලර් පවසන්නීය.
ඔහුට මෙසේ සිය බිරිය මාරුවී ඇත්තේ පසුගිය අගොස්තුවේදී චෙන්නායිහි මලර්ගේ නිවසේ පැවැති ඇයගේ බාල සොයුරියගේ විවාහ උත්සවයේදී බව පැවසේ.
මලර්ගේ නිවුන් සොයුරිය හා මලර් මෙසේ මුරලිට පැටලී ඇතැයි වාර්තා වේ.
මුරලි හා විවාහවී මේවන විට වසර 09ක් වුද තමා හා නිවුන් සොයුරිය මුරලිට තවමත් පැටලෙන බවද මලර් පවසන්නීය.
තවමත් තමාගේ හොදම යහළුවා අතුල, Samitha Mudunkotuwa
වෙන්වූවත් ඔවුන් දෙදෙනා අතර තරහක් නැතිලු...පසුගිය කාලයේ කලා ක්ෂේත්‍රයේ බොහෝ කටකතා වලට හේතුවක් වූ යුවළක් වූයේ අතුල-සමිතායි. ඒ ඔවුන් දෙදෙනාගේ විවාහ ජීවිතය දෙදරා යාමයි.
මේ වන විට ඔවුන් දෙදෙනා දික්කසාද වී තිබෙනවා. සමිතා දරුවන් දෙදෙනා සමග තනියෙන් ජීවිතය ගත කරනවා. වසර 17 ක් වූ ඔවුන්ගේ විවාහ ජීවිතය දෙදරා ගියේ අතුලගේ ජීවිතයට අමායා පැමිණි පසුවයි.




