බිරිය රට ගිය දුකට දරුවා බාල්කයක එල්ලා සැමියා එල්ලී මැරිලා


මවුපියකුට දරු සෙනෙහස මිල කළ නොහැකි වස්තුවකි. එහෙත් තම දරුවන් මහ මඟ දමා යෑම, ලිංගික අඩන්තේට්ටම් කිරීම, කෘෘර වධහිංසා කිරීම හා මරා දැමීම අප රටේ දැන් දැන් නිතරම අසන්නට ලැබේ. මෙවැනි තවත් ශෝචනීය සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණේ දන්කොටුව මෝරුක්කුලිය පීතරවත්ත ප්‍රදේශයෙනි.
තම බිරිය විදේශගත වීම ගැන බලවත් සේ කම්පාවට පත්වී සිටි තරුණ පියකු සිය පස් හැවිරිදි පුතකුගේ ගෙල වයර් පටකින් සිරකර එල්ලා මරා දැමීමට තැත් කර තමාද ගෙල වැලලාගෙන මිය යෑම තවමත් ප්‍රදේශයේ කාගෙත් අවධානයට හා කම්පාවට පත්වී තිබේ.

අමරදේවට උපන් දිනය දා මහගම සේකරගෙන් එන්තරාවාසි

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වන උපන් දිනය වූ ඊයේ දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ‘අමරදේව ඊයේ-අද-හෙට’ ප‍්‍රසංගය සඳහා මහගම සේකර පවුලේ අය විසින් එන්තරාවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ මහගම සේකරයන් විසින් රචිත ගීත බොහෝ ප‍්‍රමාණයකත් පෙර දැනුවත් කිරීමකින් තොරව එම ප‍්‍රසංගයේදී ගායනා කිරීමට සූදානම් කර තිබීමයි.

අළුත්ම පාපැදියේ නැගී ගිය සිසුන් දෙදෙනා දුම්රියේ ගැටී මියයති, Two children killed in train accident

ගාල්ල , තල්පේ ප්‍රදේශයේදී අද (05) දහවල් පාපැදියකින් යමින් සිටි ළමුන් දෙදෙනෙක් දුම්රියක ගැටී මරුමුවට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ හය හැවිරිදි දිසානායක මුදියාන්සේලාගේ නිවන් සත්සර නැමැති තල්පේ, අබේධාන විදුහලේ සිසුවෙක් සහ හීනටිගල ආරච්චිගේ රශ්මික මධුෂාන් නැමැති 11 හැවිරිදි තල්පේ සුගතානන්ද විදුහලේ සිසුවෙකි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීග්‍රාගාමි දුම්රියේ මෙම සිසුන් දෙදෙනා පාපැදිය සමග ගැටී ඇත්තේ තල්පේ, පනන්දූව,78 පාරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදීය.

අමරදේව යුවල ජන්ම දින සමරයි, Sri Lanka Veteran singer celebrates his 85th birthday with a song

ලාකේය සංගීත ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් කරමින් දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විශාරද පණ්ඩිත් අමරදේවයන් අද සිය 85 වැනි ජන්ම දිනය සැමරී ය.

ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියගේ 78 වැනි ජන්ම දිනය ද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

අද දින ජන්ම දිනය සමරන අරදේව යුවළට සුබපැතීම සඳහා බොහෝ පිරිසක් අද පෙරවරුවේ ඔවුන්ගේ නිවසට පැමිණියහ.

ලොව වයස්ගතම කාන්තාව මිය යයි , World's oldest woman dies aged 116 in Georgia

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අමෙරිකවේ බෙසී කූපර් මියගොස් තිබේ.

ජෝර්ජියා ප්‍රාන්තයේ දිවි ගෙවූ ඇය මිය යන විට 116 වැනි වියේ පසු වූවාය.

විදෙස් වාර්තා පවසන්නේ, මෑතකදී කූපර් උදර ආසාදනයකින් පෙළුණු බවය.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කිසිදු අසාධාරණයකට අපෙන් ඉඩක් නෑ – රුසියාව සහතික වෙයි


ලබන වසරේදී (2013) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය තම රට නියෝජනය නොකළද ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදීම සඳහා අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ලබාදීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ඇලෙක්සෙන්ඩර්.ඒ. කර්චාවා මහතා පසවයි. නව තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවිමල් වීරවංශ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම හමුව පසුගියදා පැවැත්වුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදීය.

ඉරානය ඇමරිකානු ඩ්‍රෝන යානයක් අල්ලා ගනී

පර්සියානු ගල්ෆ් කලාපයේදී ඇමරිකානු ඔත්තු යානයක් අල්ලා ගත් බව ටෙහෙරානය වාර්තා කරයි. ඇමරිකාව මෙම පුවත ප‍්‍රතික්ෂේප කරන්නේ ගල්ෆ් කලාපයේ වූ තම මිනිසුන් රහිත යානා කිසිවක් නැති වී නැතැයි කියමිනි.
ඉරානය පිලිබඳව තොරතුරු රැස් කරමින් සිටිය බව කියන මෙම යානය ඇමරිකාවේ නිෂ්පාදිත SCAN EAGLE වර්ගයේ එකක් බව හඳුනාගෙන ඇත.
ඉරාන නාවික හමුදාවේරියර් අද්මිරාල් අලි ෆඩාවි කියා සිටියේ ඉස්ලාම්විප්ලවීය ආරක්ෂක බලකායේ නාවික හමුදාව මෙම යානය අල්ලා ගත් බවයි.
බෝයිං සමාගම විසින නිපදවන SCAN EAGLE අඩි 4ක දිගින් ද තටු වල පලල අඩි 10 කින් ද යුක්තය.

ශ්‍රී ලංකාවේ අංගම්පොර – Angampora Sri Lanka [ Documentary ]


මෙරට ඓතිහාසික සිදුවීම් සහ ශිෂ්ඨාචාරයේ ගොඩනැගීම් බිදවැටීම් පිළිබදව ජන වහරේ පවතින මත, පුරාවිද්‍යාත්මක සාධක සමග සසදමින් කෙරෙන සිත්ගන්නාසුළු සංවාද සමගින් අංගම්පොර සටන් කලාවේ අතීතය, වර්තමානය සහ අනාගතය පිළිබදව කෙරෙන විමංසාවකින්ද, දුලබ අංගම් සටන් ජවනිකාවලින්ද සමන්විත මෙම වාර්තා චිත්‍රපටය, පුරා පැයකුත් මිනිත්තු දහයක කාලයක් තිස්සේ දිගහැරෙන සිව්හෙළ හටන් කලාවේ සංක්ෂිප්තයක් ලෙස හදුන්වාදිය හැකිය.

Gossip Lanka Hot News Previous News Archive