මට ආදරේ කරන කෙනෙකු මාව සොයගෙන ඒවි, Chat With Dananjaya siriwardana


ජීවිතයේ බොහෝ දේ අහිමි වූ මට මේ සම්මානය සතුටක්
සුමති ටෙලි සම්මාන උළෙලේ ජනප්‍රිය නළුවා ධනංජය සිරිවර්ධන

වසර දහයක් පුරා රංගනයෙන්, නිවේදනයෙන් රසික රසිකාවන් වසඟයට ගත් ‘ධනා’ ජනප්‍රිය නළුවා ලෙස අභිසෙස් ලැබූ ප්‍රථම අවස්ථාව මෙයයි.ජනප්‍රියත්වය ලද සැණින් හිස උදුම්මවා නොගත් ඔහු සම්මානනීය වූ සැනින් පෙර සේම සුපුරුදු ළෙංගතුකමින්  කතාබහක නියැලුණු අයුරුයි මේ.

නිර්මාංශ මිනිසුන්ගේ ලිංගික ශක්තිය ඉහළයි! vegetarian diet improve sex life


මිනිසුන් තමන්ගේ ජීවිතය හැම අතින්ම තෘප්තිමත් මට්ටමකට ගෙන එන්නට නොගන්නා උත්සාහයක් නැත. විශේෂයෙන්ම ලිංගික ජීවිතය ගැන ඔවුහු වැඩි අවධානයක් යොමු කරන අවධියකට දැන් ළඟා වී සිටිති. මිනිසාගේ ලිංගික ක්‍රියාකාරකම් සහ නිර්මාංශ ආහාර පුරුද්ද අතර සම්බන්ධතාවක් ගැන විද්‍යාඥයෝ පිරිසක් පර්යේෂණයක නියැළුණ හ. ඔවුන් කියන විදියට වඩාත් හොඳ ලිංගික ජීවිතයක් තිබෙන්නේ නිර්මාංශ ආහාර පුරුද්දට හුරුවුණු අයටයි.

බිරිය රට ගිය දුකට දරුවා බාල්කයක එල්ලා සැමියා එල්ලී මැරිලා


මවුපියකුට දරු සෙනෙහස මිල කළ නොහැකි වස්තුවකි. එහෙත් තම දරුවන් මහ මඟ දමා යෑම, ලිංගික අඩන්තේට්ටම් කිරීම, කෘෘර වධහිංසා කිරීම හා මරා දැමීම අප රටේ දැන් දැන් නිතරම අසන්නට ලැබේ. මෙවැනි තවත් ශෝචනීය සිද්ධියක් ඉකුත්දා අපට අසන්නට ලැබුණේ දන්කොටුව මෝරුක්කුලිය පීතරවත්ත ප්‍රදේශයෙනි.
තම බිරිය විදේශගත වීම ගැන බලවත් සේ කම්පාවට පත්වී සිටි තරුණ පියකු සිය පස් හැවිරිදි පුතකුගේ ගෙල වයර් පටකින් සිරකර එල්ලා මරා දැමීමට තැත් කර තමාද ගෙල වැලලාගෙන මිය යෑම තවමත් ප්‍රදේශයේ කාගෙත් අවධානයට හා කම්පාවට පත්වී තිබේ.

අමරදේවට උපන් දිනය දා මහගම සේකරගෙන් එන්තරාවාසි

හෙළයේ මහා ගාන්ධර්වයා නමින් හඳුන්වන පණ්ඩිත් අමරදේවයන්ගේ 85 වන උපන් දිනය වූ ඊයේ දින පස්වරුවේ නෙළුම් පොකුණ රඟහලේදී පැවති ‘අමරදේව ඊයේ-අද-හෙට’ ප‍්‍රසංගය සඳහා මහගම සේකර පවුලේ අය විසින් එන්තරාවාසියක් යවා ඇතැයි වාර්තා වේ.

මීට හේතු වී ඇත්තේ මහගම සේකරයන් විසින් රචිත ගීත බොහෝ ප‍්‍රමාණයකත් පෙර දැනුවත් කිරීමකින් තොරව එම ප‍්‍රසංගයේදී ගායනා කිරීමට සූදානම් කර තිබීමයි.

අළුත්ම පාපැදියේ නැගී ගිය සිසුන් දෙදෙනා දුම්රියේ ගැටී මියයති, Two children killed in train accident

ගාල්ල , තල්පේ ප්‍රදේශයේදී අද (05) දහවල් පාපැදියකින් යමින් සිටි ළමුන් දෙදෙනෙක් දුම්රියක ගැටී මරුමුවට පත් වී ඇත. මෙසේ මියගොස් ඇත්තේ හය හැවිරිදි දිසානායක මුදියාන්සේලාගේ නිවන් සත්සර නැමැති තල්පේ, අබේධාන විදුහලේ සිසුවෙක් සහ හීනටිගල ආරච්චිගේ රශ්මික මධුෂාන් නැමැති 11 හැවිරිදි තල්පේ සුගතානන්ද විදුහලේ සිසුවෙකි. වව්නියාවේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ සීග්‍රාගාමි දුම්රියේ මෙම සිසුන් දෙදෙනා පාපැදිය සමග ගැටී ඇත්තේ තල්පේ, පනන්දූව,78 පාරේ අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා යමින් සිටියදීය.

අමරදේව යුවල ජන්ම දින සමරයි, Sri Lanka Veteran singer celebrates his 85th birthday with a song

ලාකේය සංගීත ක්ෂේත්‍රයට මහඟු මෙහෙවරක් කරමින් දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍ර වූ විශාරද පණ්ඩිත් අමරදේවයන් අද සිය 85 වැනි ජන්ම දිනය සැමරී ය.

ඔහුගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මියගේ 78 වැනි ජන්ම දිනය ද අදට යෙදී තිබීම විශේෂත්වයකි.

අද දින ජන්ම දිනය සමරන අරදේව යුවළට සුබපැතීම සඳහා බොහෝ පිරිසක් අද පෙරවරුවේ ඔවුන්ගේ නිවසට පැමිණියහ.

ලොව වයස්ගතම කාන්තාව මිය යයි , World's oldest woman dies aged 116 in Georgia

ලොව වයස්ගතම කාන්තාව ලෙස සැලකෙන අමෙරිකවේ බෙසී කූපර් මියගොස් තිබේ.

ජෝර්ජියා ප්‍රාන්තයේ දිවි ගෙවූ ඇය මිය යන විට 116 වැනි වියේ පසු වූවාය.

විදෙස් වාර්තා පවසන්නේ, මෑතකදී කූපර් උදර ආසාදනයකින් පෙළුණු බවය.

ශ‍්‍රී ලංකාවට ජාත්‍යන්තරයෙන් කිසිදු අසාධාරණයකට අපෙන් ඉඩක් නෑ – රුසියාව සහතික වෙයි


ලබන වසරේදී (2013) ජිනීවා හි මානව හිමිකම් කවුන්සිලය තම රට නියෝජනය නොකළද ශ්‍රී ලංකාවට උපරිම සහාය ලබාදීම සඳහා අනෙකුත් මිත්‍ර රටවල සහයෝගය ලබාදීමට අනිවාර්යෙන්ම කටයුතු කරන බව ශ්‍රී ලංකාවේ නව රුසියානු සමූහාණ්ඩුවේ තානාපති ඇලෙක්සෙන්ඩර්.ඒ. කර්චාවා මහතා පසවයි. නව තානාපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යවිමල් වීරවංශ මහතා සමඟ පැවති විශේෂ සාකච්ඡාවකදීය. මෙම හමුව පසුගියදා පැවැත්වුණේ ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යාංශයේ පිහිටි අමාත්‍යවරයාගේ කාර්යාලයේදීය.

Gossip Lanka Hot News Previous News Archive