දකුණින් පන්සල, වමෙන් පාසැල, මැද ගණිකා මඬම, Brothel , Temple and School

බදුරළිය ප්‍රදේශයේ ගණිකා මධ්‍යස්ථානයක් පවත්වාගන ගිය පුද්ගලයෙකු හා ඔහු ගේ සහායකයා සමඟ කාන්තාවන් දෙදෙනෙකු බදුරළිය පොලිසිය අත්අඩංගුවට ගෙන මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඔවුන්ට රුපියල් තුන්ලක්ෂ හැත්තෑපන්දහසක දඩයක් ගෙවන ලෙස මතුගම මහේස්ත්‍රාත් දමින්ද ආර් වඳුගොඩපිටිය මහතා නියම කළේය. වාහන සේවා ස්ථානයක් අසල රහසිගතව පවත්වාගන ගිය මෙම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකරුට රුපියල් එක්ලක්ෂ පනස් දහසක දඩයක් සහ ඔහුගේ සහායකයාට රුපියල් හැත්තෑපන්දහසක දඩයක් නියම විය.

අගවිනිසුරුවරිය තේරීම් කාරක සභාවෙන් ඉවත්වේ

දෝෂාභියෝගය විමර්ශන කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව තමාට එරෙහිව දිගින් දිගටම අත්තනෝමතිකව කටයුතු කිරීම සම්බන්ධයෙන් විරෝධය පල කරමින් අගවිනිසුරුවරිය එම කමිටුවෙන් ඉවත්වීමට තීරණය කර ඇත.

ඒ අනුව, දෝෂාභියෝගය විභාග කිරීම සඳහා අද පස්වරුවේ පාර්ලිමේන්තුවේදී පැවති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මිය නැඟිට ගොස් තිබේ.

චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය වෙන්වෙයි , Chathurika Peiris - Roshan pilapitiya Separated

චතුරිකා පිරිස් හා රොෂාන් පිලපිටිය දෙපලගේ සම්බන්ද තාවයට නැවතීමේ තිත තබා ඇතයි වාර්තාවේ

ඉතාම වැදගත් හා සාමකාමී ආකාරයට ප‍්‍රශ්න විසඳාගෙන චතුරිකාගෙන් වෙන්වු බව රොෂාන් පිලපිටිය පවසයි.
චතුරිකාගේ හා රොෂාන්ගේ ආදර අන්දරය බිදවැටි ඇත්තේ, චතුරිකා ටෙලි නළු ගයාන් වික‍්‍රමතිලක සමග අලුත් ප්‍රේම සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමත් සමගය.
මේ දිනවල විකාශනය වන 'සේපාලිකා' ටෙලිනාට්‍යයේ සුදුහාමිනේ හා පහන් අයියා ලෙසද චතුරිකා හා ගයාන් රගපාති.
අවුරුදු 3 ක හා මාස 14 ක දරු දෙදෙනෙකුගේ පියෙකු වන ගයාන්, විවාහවී වසර හතක් වන අතර, ඔහු විවාහව සිටින්නේ තරුෂිනා ලතීෆ් නමැති මැලේ ජාතික කාන්තාවක සමගය.

පිලිපීන කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව තුන්සිය ඉක්මවයි, Philippine Typhoon Bopha death toll passes 300

පිලිපීනය ඔස්සේ හමාගිය මහා කුණාටුවෙන් මිය ගිය සංඛ්‍යාව තුන්සිය වඩා අධික බව අලුත්ම වාර්තා ප්‍රකාශ කරයි.

පළමුව දකුණු පිලිපීනයේ මින්දනාඕ දූපතට එල්ල වූ මහා කුණාටුව ඉන් අනතුරුවයි, මධ්‍යම පිලිපීනය දෙසට හැරී ඇත්තේ.

මරණයට පත් අයට අමතරව, තවත් බොහෝ දෙනකුට සිදුවුන දෙයක් තවමත් දැනගැනීමට නැති බවයි පිලිපීනයෙන් ලැබෙන වාර්තා පවසන්නේ.

වැල්ලවායේ අහසට අලුත් තරුවක් ? Unidentified object in Wellawaya, Sri Lanka


මේ අතර ඊයේ රාත්‍රී 7.30 ට පමණ වැල්ලවාය යාලබෝව ප්‍රදේශයේද අද්භූත එලියක් දක්නට ලැබුණා. එය තනමල්විල ප්‍රදේශයේ සිට බුත්තල ප්‍රදේශයට ක්‍රමයෙන් පැමිණි බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ.

එය ඇසින් දුටුවෙකු ප්‍රකාශ කලේ මෙලෙසින්


"තනමල්විල පැත්තේ ඉඳන් තමයි ආවේ. රතුපාට එලියක් ආවා පීරිසියක් වගේ. ඇවිල්ලා මෙතනින් බස්නාහිර පැත්තට හැරිලා ගියා. තවම පේන්න තියනවා."

තවත් පුද්ගලයෙකු පැවසුවේ.

"පීරිසියක් වගේ එළියක් පාවීගන යනවා. ගිහින් දැන් නැවතිලා තියනවා අර හරියේ. ජීවිතේට අද තමයි මේ වගේ එළියක් දැක්කේ. තරුවක් කඩා වැටෙනවා වගේනම් දැකලා තියනවනේ."

නයි පැටියා යළි නයි නළඟන ළඟට, Sri Lanka Cobra queen

කොල්ලුපිටිය ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානිට (25) ඇගේ නයා බැඳුම්කරයක් මත බාර දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා දෙහිවල සතුන්වත්තේ අධ්‍යක්ෂට අද නියෝග කළේය.
සත්ව හිංසා පනය යටතේ කොල්ලුපිටිය පොලීසිය ඇයට එරෙහිව චෝදනා ඉදිරිපත් කළේය. එම චෝදනා නොපිළිගන්නා බව ඇගේ නීතීඥවරු කියා සිටියහ.

රෝසිට හා තලතාට මර්වින් සිල්වා ගෙන් 'I Love You '

- මර්වින් සිල්වා ඇමතිවරයා, ඊයේ (05) පාර්ලිමේන්තුවේදී රෝසි සේනානායක සහ තලතා අතුකෝරළ යන එක්සත් ජාතික පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරියන්ට උසුලූ විසුලූ කරමින්, ඔවුන් දෙදෙනාට ''අයි ලව් යූ '' යැයි ද පැවසිය.

'' පක්‍ෂයේ ප‍්‍රශ්න, ගෙවල්වල ප‍්‍රශ්න, බබාලා නැති ප‍්‍රශ්න මේ ඕන එකක් මට කියන්න. මට මේවට විසඳුම් දෙන්න ශක්තිය තිබෙනවා'' යැයිද මහජන සම්බන්ධතා හා මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා එහිදී සදහන් කළේය.

දිනකට නීති විරෝධී ගබ්සා 1000ක්, illegal abortions in sri lanka

ශ්‍රී ලංකාව තුළ දිනකට නීතිවිරෝධි ගබ්සා 1000ක් පමණ සිදුවන බව අනුමාන කළද එම සංඛ්‍යාව ඊට වැඩි අගයක් ගන්නා බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මංගල දිසානායක මහතා සඳහන් කළේය. දිනකට මෙරට දරුවන් හතර දෙනෙකු උපදින විට නීතිවිරෝධි ගබ්සා 3ක් සිදුවන බව විශේෂඥවරයා පෙන්වා දේ. ඔහු මෙම අදහස් පළ කළේ ඊයේ (05) ශ්‍රී ලංකා පවුල් සෞඛ්‍ය මධ්‍යස්ථානයේ පැවැති වැඩමුළුවකදීය.

Gossip Lanka Hot News Previous News Archive